Menu Close

  වාහන විත්ති 392  – විදුළි වාහන ෆොසිල ඉන්ධන වාහන වලට වඩා හොඳ බවට කරුණු දොළහක් !

electric-vehicles-advantagesබැටරි වල මිළ, ධාවනය කල හැකි කුඩා දුර, අනර්ඝත්වය පිළිබඳ ගැටළු, ආරෝපිත වීමට යන විශාල කාලය, ආරෝපිත ස්ථාන වල මඳ බව යන සාධක, විදුළි වාහන වලින් කෙමෙන් ඉවත්ව යමින් පවතී.  වොල්වෝ වැනි වාහන නිෂ්පාදක දැවැන්ත ආයතනයක් අනාගතයේ විදුළි වාහන පමණක් නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇත.

1.  විදුළි වාහන ෆොසිල වාහන වලට වඩා මිළ අඩු වෙමින් පවතී.
වාහනයේ උපාංග අවම නිසා අනාගතයේ මිළ අඩුවීම අනිවාර්ය වේ. ලිපිය අවසානයේ ඇති වොක්ස්වැගන් ID 3 විදුළි වාහනය, ෆොසිල වාහනයට වඩා මිළ අඩු වේ.  විස්තරය බලන්න. පෙට්‍රල් මිළදී ගැනීමට අනවශ්‍යය. ලිහිස්සුම් තෙල් මාරු කිරීම අනවශ්‍යය. දුම් සහතික අනවශ්‍යය. කැරකෙන හෙළවෙන උපාංග අවමයකි.  

2. විදුළි වාහන අවට පරිසරයට සහ වායු ගෝලයට හිතකරය.
දුම් පයිප්පයක් නැති නිසා කාබන් විමෝචනයක් නැත. එනම් ලෙඩ රෝග සෞඛ්‍ය ගැටළු අවමයකි. රටකට දරන්න වන පොදු සෞඛ්‍ය සේවා පහසුකම් සඳහා එය සහනයකි. ලොව ඕසෝන් වායු ස්ථරයට බලපෑමක් නැත. කාබන් පාදය අඩු වේ. ලෝක පරිසර උෂ්ණත්වය විදුළි වාහන නිසා වැඩි නොවේ. විශේෂයෙන් එය ආරෝපණය කරන්නේ සූර්යාලෝකය මගින් නම් ඉතා ඉක්මනින්, එම වාහනය නිර්මාණය කිරීමට වියදම් වූ කාබන් ප්‍රමාණය ශුන්‍ය වේ.   

3. පෙට්‍රල් ඩීසල් විකුණන මධ්‍යස්ථාන වලට යෑම අනවශ්‍යය.
නිවසේ හෝ සේවය කරන ස්ථානයේ විදුළි වාහන ආරෝපණය කර ගත හැක. තවත් අමතර වාසියක් සේ, නිවසේ වහලයේ සවි කර ගන්නා ලද සූර්ය පැනල ඇටවුමකින් විදුළි වාහනය ආරෝපණය කරගත හැක.
සමහර රටවල් වල ප්රේ විදුළි ලාම්පු කනුවෙන් වාහනය ආරෝපිත කර ගත හැක.  

4. විදුළි වාහන මගින් කෙරෙන ප්‍රවාහනය ලෝකයේ අනාගතය වේ.
විදුළි වාහනයක් භාවිතය හරියට ස්මාර්ට් දුරකතනයක් භාවිතා කරනවාක් මෙනි. අවසන් වතාවට ඔබ ස්මාර්ට් දුරකථනයක තෙල් මාරු කලේ කවදාද ?

5. විදුළි වාහන, ෆොසිල ඉන්ධන වාහන මෙන්ම ආරක්‍ෂිත අභ්‍යාස [safety tests] සමත් විය යුතුය. 
ඇත්තටම බොහෝ විදුළි වාහනවල ආරක්ෂාව ෆොසිල ඉන්ධන වාහන වලට වඩා වැඩි වේ. උදාහරණයක් සේ, ‘ටෙස්ලා මොඩල් එක්ස්’ යන වාහනයේ මේ ආරක්ෂාව සඳහා දී ඇති ලකුණු ඉතා ඉහළය. විදුළි වාහනයක් ගැන කෙනෙක් සැක කරන්නේ, ඒවා ගිණි ගනීමට හැක යන්නය. එහෙත් එය සාවද්‍ය මතයකි. පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත්තේ මෙසේය.  සාමාන්‍ය සම්භාවිතාවය අනුව, ෆොසිල ඉන්ධන වාහනයක් ගිණි ගන්නේ, සැතපුම් මිලියන 20ක් ධාවනයෙනි. එහෙත් විදුළි වාහනයක් සඳහා එය සැතපුම් මිලියන 120ක් වේ. මෙය 80% ක අඩු වීමකි.

6. නඩත්තුව අවමයකි.
කැඩෙන දේවල් අඩුය. වාහන හිමියාගේ කාලය සහ මුදල් වැයවීම මේ නිසා අවමයකි. වාහනය නඩත්තුව ඉටු කෙරෙන අවස්ථාවේ රෙන්ට් කාර් ගැනීමක් අවශ්‍ය නොවන්නේ, විදුළි වාහනයක් සඳහා වන නඩත්තුවට අවම කාලයක් යන හෙයිණි. ගියර් පෙට්ටියක් නැත. එන්ජිමක් නැත, සංකීර්ණ මෙන්ම උණුසුම් ජලය ඇති අස්ථාවර රේඩියේටර් හෝ බට නැත. දුම් බටන් නිකුත් වෙන විෂ වායු අවශෝෂණය කර ගැන්මට ‘කැටලිටික් කන්වර්ටරයක්’ නැත. ප්‍රතිජනනීය තිරිංග ක්‍රමය නිසා බ්‍රේක් පෑඩ් ගෙවීම අවමයකි. බැටරියට ලැබෙන වොරන්ටිය වසර අටක් හෝ සැතපුම් ලක්ෂයකි. ඊට වඩා ධාවනය වූ වාහන බොහෝ ඇත.

7. එහි ඇතුළත ශබ්දය අවමයකි. ඉඩකඩ උපරිමයකි. 
හුදෙක් ඔබට ඇසෙන්නේ වාහනයේ රෝද ශබ්දය පමණි. වාහනයේ එන්ජිමක් නොමැති නිසා, ඒ ඉඩද ඉතිරි වේ.

8. විදුළි වාහන වල ත්වරණය ඉතා වැඩිය.
මෝටරයක් හා එන්ජිමක් ක්‍රියා කරන ආකාර දෙකකි. එන්ජිමක උපරිම බලය ලැබෙන්නේ එහි උපරිම වේගය ලැබීමෙනි. මෝටරයක් එසේ නැත.

9. යා හැකි දුර ගැටලුව තව දුරටත් නැත.
බැටරි තාක්ෂණයේ දියුණුව සහ පුනර්ජනනීය තිරිංග ක්‍රම තව තවත් සූසර වීම නිසා යා හැකි දුර ගැටලුව අලුත් වාහන වල නම් ඇත්තෙම නැත. උදාහරණ සේ, ‘චැවලේ බෝල්ට්’ වාහනයට සැතපුම් 200ක් ද, වොක්ස්වැගන් ඊ ගොල්ෆ් වාහනයට සැතපුම් 124ක්ද, නිසාන් ලීෆ් වාහනයට සැතපුම් 200 ක්ද එක් ආරෝපණයකින් ධාවනය කල හැක.

10. දියුණු රටක සිටින්නේ නම්, එහි ආණ්ඩුවෙන් විදුළි වාහනයේ මිලෙන් කොටසක් දැරීම කරයි.
විදුළි වාහනයක් සඳහා ඇමරිකාවේ බදු සහනය ඩොලර් 7500 කි. [Federal tax relief] නිවසක ආරෝපිත ස්ථානය ස්ථාපිත කිරීම සහ මිළට ගැනීමට 30% ක බදු සහනයකි. [බදු වලින් රට කරන ලංකාව වැනි පසුගාමී සහ දූෂිත රටක් සඳහා මෙහි අනෙක් පැත්ත වීම අවාසනාවකි.]

11. විදුළි බල ආයතන වලින් ලැබෙන, ‘දිනයේ කාලීන විදුළි මිළ සහනය’ වාහනය ආරෝපණය සඳහා භාවිතා කල හැක.

12. විදුළි වාහන හිමියන්ට,  ෆොසිල වාහන හිමියන්ට වඩා ප්‍රතිලාභ ලැබේ.
බොහෝ දියුණු රටවල් වල විදුළි වාහන නවත්වා තැබීම නොමිළයේ වේ. එක්සත් අරාබි ජනරජයේ විදුළි වාහන වලට ආරෝපනයද නොමිලේ ලැබේ. සමහර රටවල් වල මහා මාර්ගයේ කුලී රථ සහ බස් රථ වලට පමණක් ධාවනයට වෙන් කර ඇති මංතීරු, විදුළි වාහන ධාවනය කල හැක.  

 

https://www.fleetcarma.com/why-electric-cars-are-better-than-gas-top/

https://cleantechnica.com/2020/03/14/volkswagen-confirms-summer-launch-for-id-3-says-it-will-cost-less-than-ice-models/?fbclid=IwAR1EKVu2zxrNZxLagVz8giHabViOj63MhDg_tToluLMHGFxgZLJKDvJTTUg

 

%d bloggers like this: