Menu Close

රුසියානු හමුදාවේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායමක් ඉතාලියට යැවේ

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායමක් ඉලියුෂන්-76 හමුදා ප්‍රවාහන ගුවන් යානා මගින් මාර්තු 22දා ඉතාලියට යවන්නට රුසියාව කටයුතු කලේය.අදාල කණ්ඩායම ඉතාලිය බලා යෑමට රුසියාවේ මොස්කව් පළාතේ ෂයොල්කොව් හි ගුවන් හමුදා කඳවුරක් ආසන්නයේ ච්කාලොව්ස්කි ගුවන්තොටුපොලේ සූදානම් වන අයුරු දැක්වෙන වීඩියෝපටයක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ස්වෙස්ඩා රූපවාහිනී නාලිකාව ප්‍රසිද්ධ කර තිබිණි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි මෙම මෙහෙයුම සඳහා එක් වීමට ඉලියුෂන්-76 වර්ගයේ හමුදා ප්‍රවාහන ගුවන් යානා නවයක් ගුවන් තොටුපොලේ යොදවා ඇත.මෙලෙස පිටත් කර හරින පිරිස අතර වෛරසවේදීන් සහ වසංගත පාලන විශේෂඥයෝ 100කට ආසන්න ගණනක් සහ වෛද්‍ය උපකරණ දුසිම් ගණනක් සහිත වෛද්‍ය කණ්ඩායම් 8ක් ඇතුලත්ය.ඔවුන් ඉතාලියේ රෝම නගරය ආසන්නයේ ඉතාලි ගුවන් හමුදා කඳවුරක් වෙත පිටත් කර හරින්නේ කොවිඩ්-19 වෛරසය පාලනයේදී ඉතාලියට සහාය ලබා දීම සඳහාය.

රුසියානු ගුවන් හමුදාවේ ගුවන් යානා යොදාගෙන මෙම පිරිස සහ උපකරණය ප්‍රවාහනය කරනු ලැබේ.

එලෙස යවන උපකරණ අතරේ ආරක්ෂක උපකරණ,විෂබීජ නාශක වායුමය ආකාරයෙන් ඉසිය හැකි උපකරණ,වෛද්‍ය සහ අනෙකුත් උපකරණ ප්‍රවාහනයට කමාස් චැසිය මත පදනම් වූ ජංගම පද්ධති ඇතුලත්ය.

රුසියානු හමුදාවේ වෛද්‍ය බ්‍රිගේඩයේ විසංයුක්ත සනීපාරක්ෂක සහ වසංගතවේදී ඒකකයක් නිර්මාණය කර තිබෙන්නේ සුදුසුකම් ලත් වෛද්‍ය පෙරික්සුම් සහ ප්‍රති-වසංගත සහ සනීපාරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහාය.මෙම ඒකකයට ජංගම සනීපාරක්ෂක සහ වසංගතවේදය සම්බන්ධ විද්‍යාගාර තුනක්(ඒ වර්ගයේ එකක් සහ බී වර්ගයේ දෙකක්) ,සේදීමේ සහ විෂබීජනාශක හමුදා කණ්ඩයක් හා විෂබීජනාශනය සහ නිරෝධායන විසංගමනය වැනි කාර්යයන් සඳහා වූ කණ්ඩායම් ඇතුලත්ය.මෙම ඒකකයේ ධාරිතාවය ග්‍රීෂ්ම සෘතුවේ පැයකට පුද්ගලයින් 95ක් සහ සීත සෘතුවේ පැයකට පුද්ගලයින් 48ක්ද වේ.

රුසියානු කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායමට,ඇන්ත්‍රැක්ස් සහ අප්‍රිකානු මහාමාරිය එරෙහිව සටන් කල විශේෂඥයෝ ඇතුලත්ය.

ඔවුන්ගේ වැඩි දෙනෙක් සිය ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ විශේෂඥයෝ වෙති.අප්‍රිකානු සූකර උණ,ඇන්ත්‍රැක්ස් ව්‍යාප්තිය මැඩලීමට සහ ඉබෝලා සහ මහාමාරිය රෝග සඳහා එන්නත් නිපදවීමට මොවුන් සෘජුව සම්බන්ධ වී සිටියි.

  • මෙම කණ්ඩායම මෙහෙයවන්නේ මේජර් ජෙනරල් සර්ගෙයි කිකොට්ය.විශේෂ පිරිසැකසුම්කරණ පද්ධති වල යෙදවුම් සම්බන්ධව ඔහු ප්‍රමුඛ සංවර්ධකයෙක් සහ විශේෂඥයෙකි.ඇන්ත්‍රැක්ස් ව්‍යාප්තිය සහ ගංවතුර නිසා ඇති වන ප්‍රතිවිපාක හමුවේ උග්‍ර වසංගත තත්ත්වයන් තුල සංවිධානාත්මක කාර්යයන් සිදු කිරීමට ඔහු සහභාගී වී ඇත.

  • කර්නල් ඇලෙක්සෙයි ස්මිර්නොව් යනු වසංගතවේදය සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ප්‍රමුඛ විශේෂඥයෙකි.ඔහු ඉබෝලා රෝගයට එරෙහිව එන්නතක් සංවර්ධනය සඳහා සක්‍රීයව මැදිහත් වූවකි.

  • ලුතිනන් කර්නල් ගෙනාඩි එර්මින් යනු පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ විද්‍යාඥයෙක් සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥයෙකි.ප්‍රති-වසංගත ක්‍රියාමාර්ග සහ ක්ෂේත්‍ර සංවිධානයෙහි විශේෂඥයෙක් ද වේ.තවද අප්‍රිකානු සූකර උණ සහ පාද හා මුඛ රෝග ආදී භයානක ව්‍යාධීන් සම්බන්ධව අත්දැකීම් බහුල පුද්ගලයෙකි.

  • ලුතිනන් කර්නල් වියචෙස්ල්ව් කුලිෂ් යනු වෛරස ස්වරූපයේ ජීවවිද්‍යාත්මක කාරකයන්ට එරෙහිව ආරක්ෂාව ප්‍රවර්ධනය සම්බන්ධව විශේෂඥයෙකි.ඉබෝලා රෝගයට එරෙහි එන්නත් සහ මහාමාරියට එරෙහි ඖෂධ නිපදවීමට ඔහු සහභාගී විය.

  • ලුතිනන් කර්නල් ඇලෙසැන්ඩර් යුමනොව් යනු හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ සහකාර මහාචාර්යවරයෙක් සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ දැනුම සහිත අයෙකි.ඉබෝලා රෝගයට එරෙහිව සටන් වැදීමේ අන්තර්ජාතික වැඩසටහන යටතේ ගිනියා ජනරජයේ ජංගම රෝහලක් ඉදිකිරීම සඳහා ඔහු සහභාගී වී තිබේ.

පහත දැක්වෙන්නේ රුසියානු ජනමාධ්‍යවේදී ඇලෙසැන්ඩර් කොට්ස් විසින් නිකුත් කල රුසියානු හමුදාවේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායම ගුවන් තොටුපොලට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළකි.

 

 

source:southfront.org

%d bloggers like this: