Menu Close

රියාල් මැඩ්රිඩ් හිටපු සභාපති කොරෝනා වෛරසය බිලිගනී.

ස්පාඤ්ඤයේ සුප්‍රකට රියාල් මැඩ්රිඩ් පාපන්දු සමාජයේ කීර්තිමත් සභාපතිවරයෙකු වූ ලොරෙන්සෝ සාන්ස් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

76 හැවිරිදි ඔහු 1995 සිට 2000 වසර දක්වා රියාල් මැඞ්රිඩ් පාපන්දු සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම කාලය තුළ ඔවුන් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය දෙවරක් ජයග්‍රහණය කළා.

ලොරෙන්සෝ සාන්ස්ගේ මරණය ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කළේ ඔහුගේ 46 හැවිරිදි පුත් ලොරෙන්සෝ සාන්ස් ඩුරාන් විසින්.

ඔහු කියා සිටියේ තම පියාට උරුම නොවූ අවසානයක් හිමිවූ බවයි. ලොරෙන්සෝ සාන්ස් සභාපති ධුරය හෙබවූ රියාල් මැඞ්රිඩ්, ස්පාඤ්ඤ පාපන්දු ශූරතාව 33 වරක් ජයග්‍රහණය කළා.

Share with Friends

%d bloggers like this: