Menu Close

පාකිස්ථාන එෆ්-16 යානයේ අවසන් මොහොත

terrifying-new-video-shows-moment-pakistani-f-16-impacted-the-ground

2020 මාර්තු මස 11දා පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් එෆ්-16 යානයක් ඉස්ලාමාබාද් නගරයේදී අනතුරට ලක් විය.මාර්තු 23දා පැවැත්වීමට නියමිත පෙළපාලියකට සහභාගී වීම සඳහා මෙම ගුවන් යානය පෙරහුරු අභ්‍යාසවල යෙදී සිටියේය.අනතුරට අදාල වීඩියෝපට දෙස බැලීමේදී ගුවන් නියමුවා පහළ උසකදී split-S නම් ගුවන් කරණම සිදු කරන්නට ගොස් පොළොව මත යානය ගැටීමට ලක් වන බව විශේෂඥ මතයයි.මෙම ගුවන් කරණම නියමුවාගේ පාලනය යටතේ සිදුවූවක්ද යම් ආකාරයක යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදු වූවක්ද යන්න පැහැදිලි නැත.

අනතුරින් මරණයට පත් වූයේ වින්ග් කමාන්ඩර් නවුමන් අක්‍රම් නැමැති ගුවන් නියමුවාය.වාසනාවට මෙම අනතුරින් වෙනත් කිසිවෙකුට හානියක් සිදු වී නොමැත.

අනතුරින් මරණයට පත් වූ ගුවන් නියමු නවුමන් අක්‍රම්(දකුණුපස)

විනාශ වූ යානය එෆ්-16 පවුලේ කිනම් සංස්කරණයට අයත් යන්න තවමත් නොදනියි.පාකිස්ථානය සතුව එෆ්-16 සී/ඩී සහ බ්ලොක් 52 මාදිලියේ යානා 18ක් තිබේ.ඒවා මිලදී ගන්නේ 2010 වර්ෂයේදීය.පාකිස්තාන එෆ්-16 බල ඇණියේ අනෙක් යානා පැරණි සහ අඩු හැකියාවන්ගෙන් යුක්ත ඒ සහ බී මාදිලිවලින් සමන්විතය.

අනතුරට අදාලව වීඩියෝපට කිහිපයක් මේ වෙද්දී නිකුත් කර තිබේ.ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ පරිදි යානය ඉතා වේගයෙන් පහළට පැමිණ පොළොවේ ඝට්ටනය වීමෙන් පසුව දැවැන්ත ගිනි බෝලයක් බවට පත් ව විනාශ වේ.ඝට්ටනයට පෙර යානයේ නියමු කුටිය මෙම වීඩියෝ පටයෙන් මනාව දර්ශනය වන අතර නියමුවා යානයෙන් ඉවත් වීමට උත්සාහ දරන බවක් එහි පෙනෙන්නට නැත.

source:thedrive.com

%d bloggers like this: