Menu Close

    ජපානය සහ කොරෝනා වසංගතය.

                                          tens-of-thousands-queued-at-sendai-station-to-see-the-olympic-flame-1584853294324-3ජපානය කියා කියන විටම හිතට එන්නේ, ඉතා විනයගරුක ජනතාවක් ඇති ධනවත් රටක් යන්නය. නමුත් ඕනෑම රටක පිස්සන් සිටින බවක් පෙනේ. මක්නිසාදයත්, මේ පින්තුරයේ ආකාරයට කොරෝනා වසංගතය නොතකා  ඔලිම්පික් ප්‍රථම ගිණි දල්ල බලන්නට පැමිණි මේ ජනතාව පැමිණීමෙනි. වයස්ගත අය පවා මේ ඔලිම්පික් දැල්ල නැරඹීමට කිලෝ මීටර් භාගයක පෝලිමේ බලා සිටියහ.

ඒ බොහෝ අය මුව වැසුම් පැළඳ ඇත. එහෙත් එකිනෙකා අතර දුර එතරම් නැති නිසා, කිසියම් රෝගියෙක් සිටියහොත් ප්‍රතිඵල භයානක වේ. මෙයට හොඳ උදාහරණයක් තායිලන්තයෙන් ඇසේ. එනම්, 188 කව තිබි ආසාදිතයන් සංඛ්‍යාව හදිසියේ 599 කට වැඩි වීමය. ඊට හේතුව වශයෙන් කියන්නේ තරුණ ජනතාව සමූහ සේ එකට එක් වීම යන්නය. 

ජපානයේ අද මේ ලිපිය ලියන දින වන මාර්තු 22, කොරෝනා ආසාදිතයන්  1728ක් හමුවී ඇත. ඉන් 35 දෙනෙක් මිය ගොස් ඇත. මෙහි ඇති එක් විශේෂයක් වන්නේ, ටෝකියෝ වරායේ නවත්වා තිබුණු මගී නෞකාවක කොරෝනා වසංගත ආසාදිතයන් 712 ක් හමුවීමෙනි.

එනම් මෙහි තේරුම, රට කුමක් වුවත් මෙවැනි දැවැන්ත ව්‍යසනයක් හමුවේ පවතින ආණ්ඩුවක් විසින් ඉතා දැඩි ක්‍රියා මාර්ග ගැනීමේ කිසිදු වරදක් නැති බවය.

ඔලිම්පික් කමිටුව කියා සිටින්නේ, ඔලිම්පික් ක්‍රීඩාව නතර කල නොහැකි බවය. එය ජූලි 24 දින පැවැත්වෙනවා ඇත. එහෙත් මේ ව්‍යසනය දිගටම ගියහොත් ඒ තීරණය වෙනස් කිරීමට ඔවුන්ට සිදු වෙනවා නියතය. සමහරවිට ඉතා ඉහළ සෞඛ්‍ය පහසුකම් ඇති, ලෝකයේ ඉහළම ආර්ථිකයක් ඇති රටක් වන ජපානයට කොරෝනා වසංගතය පාලනය කර ගත හැක යයි ඔවුන් සිතනවා ඇත. 

ලංකාව වැනි රටක නම් එවැනි දෙයක් කරනවා තියා හිතන්නටවත් නොහැකි බව පැහැදිළිය. මොනතරම් අපහසු වුවද, වසංගතය මැඩ පැවැත්වීම සඳහා මෙතෙක් භාවිතා කර ඇති ක්‍රම දිගටම භාවිතා කිරීම අනිවාර්ය වනු ඇත.
එසේ දැඩි නීති දමා ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ හොඳ ප්‍රතිඵල අපට දැන් දැන් පෙනෙමින් පවතී.

…පසුගිය 15 වන දින සිට මේ වනවිට ලංකාවේ කොරෝනා රෝගීන් අඩු වීම ගැන, මේ සටහන අධි තක්සේරු කිරීමක් නොවේ. එය වෙනත් පරාමිතියක් නිසා ඕනෑම වෙලාවක වැඩි වීමට හැකිය…

 

…ජපානයේ ටෝකියෝ වරායට පැමිණි මගී නෞකාව නිසා වූ දෙය වැනිය …

https://www.channelnewsasia.com/news/coronavirus-covid-19-japan-cases-toll-olympics-12563144 

%d bloggers like this: