Menu Close

ඇඳිරි නීතියේ කරන්න දෙයක් නැතිව උඩ බලාගෙන ඉන්න අයට පමණි. – දොස්තර විහිළු 

doctor-humor1දොස්තර කෙනෙක් ට ලැබුණු දුරකථන පණිවිඩයක් මෙසේ විය.

… “ඉක්මන් කරලා එන්න දොස්තර මහත්තයා,…මගේ පුතා රේසර් බ්ලේඩ් එක ගිලලා,…!!
… “ හරි මම වහාම එන්නම්,… දැනට ඔබ මොකක්ද කලේ?
… “අවුලක් නැහැ”…. “මම ඉලෙක්ට්‍රික් රේසර් එකෙන් රැවුල බා ගත්තා… ! 

    
ශල්‍යකර්මය.

… “දොස්තර මහත්තය,… මේ ශල්‍යකර්මයෙන් පස්සේ මට වයලින් ගහන්න පුළුවන් වේවි නේද ?
… ‘අපොයි ඔව් …!
… නියමයි, …මම කවදාවත් මීට පෙර වයලින් ගහලා නැහැ…!

බබා ලැබීම.

… “දොස්තර මහත්තය, …මගේ බිරිඳ ගැබ්බරව ඉන්නේ… ළමයා එළියට එන්න වගේ හදන්නේ…!
… “මේ ඇයගේ පළවන දරුවාද?
… “පිස්සුද ඕයි ,… මේ ස්වාමියා කතා කරන්නේ… !…!!
 

අවසානය.

දොස්තර දුරකතථයෙන් :- .. “මට ඔබට කියන්නට නරක සහ, බොහෝ නරක ආරංචි තිබේ”…

ලෙඩා :- … “එහෙම නම් නරක ආරංචිය මුලින් කියන්න”…
දොස්තර :- … “ඔබේ ලැබ් රිපෝර්ට් එක ලැබුනා, ඔවුන් කියන්නේ ඔබට ජීවත් වෙන්නට තව ඇත්තේ දිනක් පමණයි කියා” ….
ලෙඩා :- අයියෝ…! …මොකක්ද බොහෝ නරක ආරංචිය ?
දොස්තර :- මා ඔබව දුරකථනයෙන් ඊයේ සිට සම්බන්ද කරන්න උත්සාහ කළා…!  

ලෙඩේ.

තරුණ කාන්තාවක් දොස්තර කෙනෙක්ව හමු වන්නට ගොස් ශරීරයේ සෑම තැනම වේදනාවක් ඇති බව කීවාය.

දොස්තර :- කොහෙද රිදෙන්නේ?… “හරියට තැන කියන්න…!
කාන්තාව දණහිස මත ඇඟිල්ල තබා වේදනාවෙන් කෑ ගැසුවාය. ඉන් පසු ඇය කම්මුලේ අත තබා කෑ ගැසුවාය. ඉන් පසු ඇය කණට ඇඟිල්ල තබනවා බලා සිටි දොස්තර මෙසේ කීවේය.

… “වේදනාවට හේතුව, ඔබේ ඇඟිල්ල කැඩිලා … !
  

%d bloggers like this: