Menu Close

යේමන යුද වාර්තාව:හවුති නාවික බලකායන්ට එරෙහි සෞදි ප්‍රමුඛ සන්ධානයේ විශේෂ මෙහෙයුම

බටහිර යේමනයේ අල්-හුඩයිඩා පළාතේ හවුති සටන්කාමීන්ගේ ප්‍රධාන මර්මස්ථාන ඉලක්ක කර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කල බව සෞදිය ප්‍රමුඛ සන්ධානය මාර්තු 7දා නිවේදනය කලේය.

සන්ධාන හමුදාවේ ප්‍රකාශකයා පැවසූ පරිදි මෙහෙයුමේදී හවුති සටන්කාමීන් මරාගෙන මැරෙන බෝට්ටු සහ මුහුදු බෝම්බ එකලස් කිරීමට හෝ දියත් කිරීමට භාවිතා කල පහසුකම් සහිත ස්ථාන හයක් සන්ධාන යුද ගුවන් යානා යොදාගෙන විනාශ කර තිබේ.

saudi-led-coalition-announces-special-operation-against-houthis-naval-forces
සලිෆ් දිස්ත්‍රික්කය රතු පැහැ චතුරස්‍රයකින් පෙන්වා තිබේ

කහ පැහැ චතුරස්‍රයෙන් පෙන්වා තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ගොඩනැගිලි සංකීර්ණයකි,ඉලක්ක කල ස්ථාවලින් කි.මී. 2.1 දුරින් පල්ලියක් පිහිටා ඇත.

ඉලක්ක කල ස්ථාන දෙකක් ආසන්නයේ මරාගෙන මැරෙන බෝට්ටු දෙකක් තිබේ.

අන්තර්ජාතික මානුෂීය නීතිය අනුව මෙවැනි ඉලක්ක වෙත දිගටම පහර දෙන්නේ යැ‍යි කර්නල් අල්-මලිකි ප්‍රකාශ කලේය.

මාර්තු 7දා උදෑසන කාලයේදී සන්ධාන හමුදාවේ යුද ගුවන් යානා සලිෆ් වෙත ගුවන් ප්‍රහාර දෙකක් වත් එල්ල කලේ යැයි හවුති සටන්කාමීන්ට පක්ෂපාතී අල්-මසිරා රූපවාහිනී නාලිකාව විසින් තහවුරු කලේය.කෙසේවෙතත් හානියක් සිදුවු බව වාර්තා නොවේ.

සෞදිය ප්‍රමුඛ සන්ධානයේ මෙම ප්‍රහාරයෙන්,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය සහිතව ඇති කරගත් අල්-හුඩයිඩා හි සටන් විරාමය උල්ලංඝනය කර තිබේ.හවුති සටන්කාමීන්ද වෙරළාශ්‍රිත පළාතේ සිට ඩ්‍රෝන් යානා,මිසයිල සහ මරාගෙන මැරෙන යාත්‍රා දියත් කිරීමෙන් සටන් විරාමය උල්ලංඝනය කරන්නේ යැ‍යි සන්ධානය චෝදනා කරයි.

source:southfront.org

%d bloggers like this: