Menu Close

මානසික සුවය සහ ආදර්ශමත් කතා දෙකක්.

Psalms_looking_up… “සංගීතයට සවන් දෙන්න,… වීඩියෝ ගේම් එකක නිරත වෙන්න,… බොහෝ ප්රවෘත්ති බැලීමෙන් වළකින්න, … “ඔබට අවශ්ය තොරතුරු විශ්වාස කල හැකි ආරංචි මාර්ග වලින් පමණක්, දිනකට එකක් දෙකක් පමණක් බලා කියවා තත්වය අවබෝධ කරගන්න”…
 
  • Director-General of the World Health Organization (WHO) Tedros Adhanom Ghebreyesus
 
… ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂක ජෙනරාල් ටෙඩ්රෝස් මහතා අවවාද කරන පරිදි, මේ සමයේ අවධානයෙන් වුවද, සතුටෙන් සිටිය යුතු බව පෙන්වා දේ. මානසික සුවය ඉතා වැදගත්ය….
 
ඒ අනුව මාද රැකියාවේ සහ, ව්යාපාර නීති නොදැනීම නිසා වන පාඩු යන විෂය දිගේ යමින් යමක් ඉගෙනීමට උත්සාහ කලෙමි. ඒ අනුව මට මානසික සුවය ලැබිණි. මේ පහත ඇත්තේ ඒ සතුට ලැබූ ආකාරය වේ.
 
සලාම් 129 :-
 
පූජකයෙක්, පූජකවරියකට හෙවත්, ‘නන් කෙනෙක්ට’, කාර් ලිෆ්ට් එකක් දුන්නේය. ඇය ඔහුගේ අසුනට අනෙක් පැත්තේ හිඳ ගෙන සිටියාය. මඳක් විවර වූ ඇඳුමෙන් ඇයගේ කලවය දුටු පූජකයා තව පොඩ්ඩෙන් වාහනය හප්පවා ගන්නට ගියේය. එහෙත් වාහනය හසුරුවා ගත් ඔහු, සිතට දිරිය ගෙන ඇයගේ කකුල මත අත තැබූ විට ඇය මෙසේ කීවාය.
 
… “ෆාදර් ,… සලාම් 129 මතකද ?… එවිට පූජකයා මෙසේ කීවේය. ”සමාවෙන්න නන්… ! …!!.
 
තවත් ටිකක් දුර යනවිට, ඔහු නැවතත් ඇයගේ කකුල මත අත තැබුවේය. එවිටද ඇය, … ‘සලාම් 129 අමතක කරන්න එපා’ … යයි කීවාය. පූජකයා එවිට මෙසේ කීවේය. … “සමාවෙන්න නන්, …මගේ කය සහ මනස දුර්වලයි… !
 
වාහනය කන්යාරාමය අසල නවත්වා පූජකවරිය එතනින් බහින අවස්ථාවේ, පූජකවරිය ඔහු දෙස බලා දිග සුසුමක් හෙළුවාය.
 
වේගයෙන් ඔහු වාහනය හසුරුවමින් පුස්තකාලය වෙත ගොස්, ‘සලාම් 129’ යනු කුමක්දැයි බැලුවේය. එය මෙසේ විය. … “ඉදිරියට ගොස් බලන්න, ඉහළට යන විට ඔබට මහිමය ලැබෙනු ඇත.”… [ ‘Go forth and seek, further up, you will find glory.’]
 
කතාවෙන් ලැබෙන ආදර්ශය :- ඔබ රැකියාවේ නීති නොදන්නේ නම්, ඔබට විශාල පාඩු සිදු විය හැක.
 
2. ව්යාපාර රහස් අනාවරණ වලින් වැළකෙන්නේ කෙසේද ? . :-
 
බොබ් ස්නානය කිරීමට නාන කාමරයට ඇතුල් වන අවස්ථාවේ ඔහුගේ බිරිඳ ස්නානය කර, තුවායක් පමණක් හැඳ නාන කාමරයෙන් එළියට පැමිණියාය. මේ වෙලාවේ සීණුව නාද විය. දොර ඇරිය විට අල්ලපු ගෙදර නිවැසියා වූ ජෝන් දකින්නට ලැබිණි. ඇය යමක් කියන්නට පෙර ජෝන් මෙසේ කීවේය. … “තුවාය බිමට අත ඇරියොත්, ඩොලර් 800ක් දෙනවා … !
 
එය ලොකු මුදලක් විය. ඇය තුවාය බිමට අත හැර,මොහොතක් සිට මුදල් අතට ගෙන නිවස දෙසට දිව ගියාය.
 
… “කව්ද ආවේ ? යයි බොබ් ඇසූ විට, … “ඒ ජෝන් …යයි ඇය කීවාය. එවිට බොබ් මෙසේ ඇසුවේය. … “ජෝන් මොනවත් කිව්වේ නැද්ද, මගෙන් ණයට ගත්ත ඩොලර් 800 ගැන ? …?
 
කතාවෙන් ලැබෙන ආදර්ශය :- ඔබගේ ආයතනයේ ණය හා සම්බන්ද වැදගත් තොරතුරු ඔබගේ කොටස් හිමිකරුට නොකියන්නේ නම්, ආයතන රහස් අනවශ්ය සේ අනාවරණය වනු ඇත.
%d bloggers like this: