Menu Close

මධ්‍යස්ථ කැරලිකරුවන් කන්න දුන්න අත හපා කෑම:ඉඩ්ලිබ් හිදී තුර්කි සෙබලුන් දෙදෙනෙක් මරුට

සිරියාව ඉඩ්ලිබ් මුල් කර ගත් අලුත් නොසන්සුන්තාවයේ සතියෙහි දෙවන භාගයට පිවිසිණි.මෙම තත්ත්වයට ඇති වේ යැ‍යි විශාල අපේක්ෂාවක් පැවතුණේ,තුර්කි-රුසියා සටන් විරාමයේ වැදගත්ම කොටස් කඩාකප්පල් කිරීමට සටන්කාමී කණ්ඩායම් කටයුතු කරමින් සිටි නිසාය.

ආරක්ෂිත කොරිඩෝරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ එම් 4 මහා මාර්ගය ඔස්සේ දිවෙන ප්‍රදේශයෙන් අන්තවාදීන් ඉවත් නොවීමත්,එම මාර්ගය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර තිබූ තුර්කි-රුසියා ඒකාබද්ධ මුරසංචාර අවහිර කිරීමත් සිදු කෙරිණි.මාර්තු 19දා අන්තවාදීන් සිය උපාය මාර්ගය පුළුල් කලේ තුර්කි සහ රුසියානු හමුදාවන්ට එරෙහිව සෘජු ක්‍රියා මාර්ග ගනිමින්ය.මුහමබල් ගම්මානය ආසන්නයේදී තුර්කි හමුදාවේ රථ පෙළක් ඉලක්ක කරගෙන මර උගුල් දෙකක් ක්‍රියාත්මක විය.පිපිරීම්වලින් තුර්කි සෙබලුන් දෙදෙනෙක් මිය ගොස් කිහිපදෙනෙක් තුවාල ලැබූහ.විපක්ෂ මූලාශ්‍රවල මුල්ම වාර්තාවලින් කිය වුනේ ප්‍රහාරය පිටුපස සිටින්නේ අල්කයිඩාවට සම්බන්ධ ඉඩ්ලිබ් හි සන්නද්ධ කණ්ඩායම්වලින් එකක් වන හොරස් අල්-ඩීන් ත්‍රස්තවාදී කණ්ඩායම බවයි.එනමුත් හොරස් අල්-ඩීන් කණ්ඩායම එම චෝදනාව ප්‍රතික්ෂේප කලේය.තුර්කියේ සෘජු සහාය ලබන මෙම කණ්ඩායම එවැනි චෝදනාවක් ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් නොවේ.පසුව සටන්කාමීන්ට පක්ෂපාතී මාධ්‍ය එහි වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ අෂාඩ් ඒජන්තයන් මත පැටවීය.මාර්තු 19දා සිදුවීමෙන් ප්‍රදර්ශනය වන්නේ,කලාපය තුල සිය බලය ශක්තිමත් කිරීම සඳහා තමන් විසින් සිරියානු හමුදාවෙන් ආරක්ෂා කරන ත්‍රස්තවාදී සංවිධානවල පූර්ණ පාලනය අන්කාරා රජය සතු නොවන බවයි.ඒ නිසා සමහර තත්ත්වයන් යටතේ තුර්කි ප්‍රොක්සි හමුදා ත්‍රස්තවාදීන් තුර්කියට සහ එහි හමුදාවන්ටම තර්ජනයක් බවට පත්ව තිබේ.

ත්‍රස්තවාදීන් මැඩලීමෙන් තොරව සටන් විරාමයට වැඩි ආයුෂ  නොමැති බව තුර්කි නායකත්වය හොඳින්ම අවබෝධ කරගෙන සිටියි.එබැවින් තුර්කි හමුදාව දිගටම ඉඩ්ලිබ් අවට සිය හමුදා ස්ථානගත කරමින් ඇත.තුර්කි හමුදාව රාම් හමාඩන් සහ අල්-ජිනා යන ස්ථානවල අලුතින් සිය හමුදා රඳවා තිබේ.ඊට අමතරව,දුසිම් ගණනක් යුද ටැංකි,සන්නද්ධ රථ,රොකට් විදින සහ හොවිත්සර රැගත් තුර්කි රථ පෙළ තුනක් තුර්කි දේශසීමාව හරහා සිරියාවේ ඉඩ්ලිබ් පළාතට ඇතුල් විය.

එම්4 මහා මාර්ගය හරහා සටන්කාමීන් ඉදි කර තිබෙන විශාල පස් බැමි ඉවත් කරන්නට තුර්කි හමුදාව උත්සාහ දැරීය.ඊට අමතරව ඉදිරි ආරක්ෂක වළල්ලේ වාතාවරණය යළි නරක අතට හැරී තිබේ.මාර්තු 19දා පස්වරුවේ හයිසරීන් ආසන්නයේ ස්ථාන වෙත එල්ල වූ ප්‍රහාරයක් සිරියානු හමුදාව ව්‍යර්ථ කලේය.සටන්කාමීන්ට බරපතල හානි සිදු වූ බව සිරියානු රජයේ මාධ්‍ය වාර්තා කලේය.වා හරිඩ් අල්-මුමිනින් නම් අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම්වල කුඩා සන්ධානය මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේය.රජයේ හමුදා සෙබලුන් 15ක් ගැටුම්වලදී මිය ගියේ යැ‍යි එම කණ්ඩායම නිකුත් කල ප්‍රකාශයේ සඳහන් වේ.

ඒ අතරතුර ,සිරියානු හමුදාව සහ ජාතික ආරක්ෂක බලකා දකුණු ඉඩ්ලිබ් සහ උතුරු ලටාකියා ප්‍රදේශවල සිය ස්ථාන අලුත් සෙබලුන් සහ යුදෝපකරණ වලින් ශක්තිමත් කර ගන්නට කටයුතු ආරම්භ කලහ.සටන් විරාමය කඩා වැටුණහොත් හමුදාවේ ඊළඟ මෙහෙයුමේ ඉලක්කය වන්නේ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂයේ පාලනය යටතේ පවතින ජිසර් අල්-ෂුගුර් නගරය යැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පවසයි.

source:southfront.org

%d bloggers like this: