Menu Close

නැගෙනහිර සිරියාවෙන් හිස ඔසවන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තර්ජනය

isis-threat-revives-in-eastern-syria-idlib-militants-kill-each-other-over-buffer-zone-deal-contradictions

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් නැවත වරක් නැගෙනහිර සිරියාවේ සක්‍රීය වී තිබේ.මාර්තු මස 17දා අල්-සුක්නා නගරය සහ ටී3 පොම්පාගාරය අතර ප්‍රදේශයෙන් එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් සිරියානු අරාබි හමුදාව හා ජාතික ආරක්ෂක හමුදාව විසින් ව්‍යර්ථ කලහ.ප්‍රහාරය සඳහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දුසිම් දෙකකට වැඩි පිරිසක් සහ අවම වශයෙන් බර අවිවලින් සන්නද්ධ රථ හයක් සහභාගී වී තිබේ.විපක්ෂ මූලාශ්‍ර පවසන පරිදි ගැටුම්වලින් සිරියානු සෙබලුන් 20 දෙනෙක් වත් මියගොස් ඇත.රජයට පක්ෂපාතී මූලාශ්‍ර එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන්ට පසුබැස යන්නට සිදු වූ බව සඳහන් කරයි.

නැගෙනහිර සිරියාවේ කාන්තාර ප්‍රදේශය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ බලය පසුගිය වර්ෂය තුල ක්‍රමයෙන් පහළ වැටිණි.ඊට අමතරව,නැගෙනහිර හෝම්ස් සහ ගිනිකොණදිග ඩීර් එසෝර් යන ප්‍රදේශවල රජයේ හමුදා සිදු කල ආරක්ෂක මෙහෙයුම් කිහිපය මගින්ද ඉතිරිව තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල්වල් වටලෑවේය.කෙසේවෙතත්,ත්‍රස්තවාදී තර්ජනය තවමත් පහව ගොස් නොමැත.සිරියාව සහ රුසියාව පවසන පරිදි සිරියානු හමුදාවේ මෙහෙයුම්වලින් සැඟවීම සඳහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්,ඇමෙරිකානු පාලනය යටතේ ඇති අල්-ටන්ෆ් ප්‍රදේශය ආරක්ෂිත ක්ෂේමභූමියක් වශයෙන් භාවිතා කරයි.

මාර්තු 18දා අෆ්රින් නගරයට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් සිවිල් වැසියන් පස්දෙනෙක් මියගොස් 15 දෙනෙක් තුවාල ලැබූහ.තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර පවසන පරිදි ප්‍රහාරය සඳහා වගකිව යුත්තේ කුර්දි මහජන ආරක්ෂක ඒකක හෝ ඊට අනුබද්ධ කැරලිකරුවන්ය.කුර්දි මහජන ආරක්ෂක ඒකක විසින් 2018 දෙසැම්බර් මාසයේදී අෆ් රින් විමුක්ති බලකා නමින් කණ්ඩායමක් නිර්මාණය කරන්නේ වයඹදිග සිරියාවේ තුර්කි පාලන ප්‍රදේශවලදි එල්ල කරන ප්‍රහාරවල වගකීම තමන් මත පැටවීම වළක්වා ගන්නටය.ඇමෙරිකානු සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි බහුතරය නියෝජනය කරන කුර්දි මහජන ආරක්ෂක ඒකක,තුර්කි හමුදාවන්ට එරෙහි සිය මෙහෙයුම්වලට සිය නම ඈදීම වළක්වා ගන්නට උත්සාහ කරන්නේ එලෙසයි.එහි අරමුණ එක්සත් ජනපදයෙන් දිගටමට යුදමය සහ මූල්‍යමය ආධාර ලබා ගැනීමත්,එක්සත් ජනපදයේ මිත්‍රයෙක් වන තුර්කියට පහරදීම සඳහා එම සම්පත් වෙනත් සන්නාමයක් යටතේ යොදාගැනීමත්ය.

තුර්කියේ සහාය ලබන අරාර් අල්-ෂාම් නම් සන්නද්ධ කණ්ඩායමේ විශාල ප්‍රමාණයේ ඒකකයක අණදෙන නිලධාරියෙක් වශයෙන් කටයුතු කල අලා අල්-ඔමාර් නැමැත්තා ඉඩ්ලිබ් හි නිරිත දිග ප්‍රදේශයේ ජිසර් අල්-ෂුගුර් නගරය ආසන්නයේදී ඝාතනය කර තිබේ.ඝාතනයට ලක් වූ පුද්ගලයා එම්4 මහා මාර්ගය ඔස්සේ සිදු කරන්නට සැලසුම් කර තිබූ තුර්කි-රුසියා මුර සංචාර කඩාකප්පල් කිරීමට කටයුතු කල තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වලට අණ දුන් අයෙකි.ජිසර් අල්-ෂුගුර් නගරය පාලනය කරන අල්කයිඩාවට සම්බන්ධ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය සහ අල්-ඔමාර්ගේ ඒකකය අතර ඇති වූ විසංවාදයක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වූයේ යැ‍යි රජයට පක්ෂපාතී මූලාශ්‍ර පැවසීය.ඒ අනුව ආරක්ෂිත කලාපයට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කිරීමේදී මරා දැමුණු අල්-ඔමාර් ප්‍රමාණවත් තරම් සහයෝගයක් ලබා නොදීම ඊට හේතුවයි.

Alaa al-Omar
අල්-ඔමාර්

ඉඩ්ලිබ් සන්නද්ධ කණ්ඩායම් අතර පරස්පර විරෝධතා කෙසේවෙතත්,එම්4 මහා මාර්ගය තවදුරටත් තුර්කි-රුසියා මුර සංචාර සඳහා විවෘත නොමැති අතර සැලසුම් කල ආරක්ෂිත කොරිඩෝරයද මේ දක්වා ස්ථාපිත කිරීමට නොහැකිව තිබේ.

ඒ අතරතුර සටන් විරාමය බිද දැමීම සඳහා අල්කයිඩාව ප්‍රමුඛ කණ්ඩායම් ගෙන යන ක්‍රියාවලියට එක්සත් ජනපදයද එක් විය.තුර්කි සෙබලුන් දුසිම් ගණනක් මරා දැමීමේ යැයි රුසියාවට චෝදනා කල එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ පැවසුවේ ඉඩ්ලිබ් ප්‍රශ්නයේදී තුර්කියට සහාය පිණිස අමතර ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.2020 වර්ෂයේ මුල් භාගය තුල අලුත් තුර්කි-රුසියා යුද්ධයක් ඇති නොවීම සම්බන්ධව වොෂින්ටන් රජයේ සමහරෙක් අසතුටින් පසුව බව පෙනෙන්නට තිබේ.

source:southfront.org

%d bloggers like this: