Menu Close

කොරෝනා වලින් උගත් පාඩම්

  • කිසිම ජ්‍යොතිර්වේදියෙකුට අධිමානසිකලාභියෙකුට කලින් කොරෝනා ගැන අනාවැකි කීමට බැරිවූ බව


  • පන්සල් ,පල්ලි,දේවාල වසා ඇති බව රෝහල් විවෘත කර ඇති බව
ඉහත කාරනා ගැන කතා කිරීමද කාලය කා දැමීමකි.ග්‍රහලෝකකාරයෝ,වාලම්පුරිකාරයෝ ,දෙවිවරු එකෙක්වත් නැත.ප්‍රශ්නය විසදුන පසු සාක්කු සුද්ද කිරීමට ඔවුන් ආපසු එනු ඇත.
  • රාජ්‍ය අංශය ශක්තිමත් විය යුතු බව. – ඕනෑම හදිසි අවස්ථාවකට මුහුන දිය හැකි ශක්තිමත් රාජ්‍ය අංශයක් ඕනෑම රටකට තිබිය යුතුය.මෙම ශක්තිමත් රාජ්ය අංශයට ආහර නිෂ්පාදනය හා සෞඛ්‍ය පිළිබද විශේශඥ ශ්‍රම බලකායකින් සමනවිත විය යුතුය. සෞඛ්‍ය සේවයට අයවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කිරීමට සියලුම රටවල්කට සිදුවන අතර ඕනෑම අවස්ථවකට ප්‍රයෝජනයට ගත හැකි ආහාර සංචිතයක්ද තිබිය යුතුය. ටයිටැනික් නැවේ ජීවිත ආරක්ෂක බෝට්ටු ස්වල්පයක් තිබූ නිසා සිදුවූ ජීවිත අහනිය වැනි ගැටලුවක්  රෝහල් වල ඇදන් සීමිත වීම නිසාද  ඇතිවේ.
  • පුද්ගල දුරස්ථ බව බොහෝ රෝග බෝවන්නේ පුද්ගල සම්බන්ධතා නිසාය. ආචාර සමාචාර වැනි දේද යම් දුරස්ත බවක් තබාගෙන සිදුකිරීම වැදගත්ය. එසේම තාක්ෂනය දියුනු නිසා නිවසේ සිට ඉගෙන ගැනීම,නිවසේ සිට සේවය කිරීම ද ප්‍රවර්ධනය කළ යුතුය.එවිට මහා මාර්ගවල තදබදයද සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවේ. රැකියාවලින් 50% ක්ම නිවසේ සිට කළ හැකි ඒවායි.
  • ගත යුතු තීරන ඒ මොහොතේම ගැනීම බොහෝ රටවලට කොරෝනා පැතිරුනේ ගුවන් තොටුපොලවල් නියම වෙලාවේ නොවැසීම නිසාය.
  • වල්බූරු නිදහස නොමනා බවචීනයේ කොරෝනා සාර්ථකව පාලනය කළේ එරට වල්බූරු නිදහසක් නැති නිසාය. බොහෝ අවස්ථාවල චීන ක්‍රමය වැඩකරන බව අපට පිලිගැනීමට සිදුවේ
%d bloggers like this: