Menu Close

සිරියානු දේශසීමාව ආසන්නයේ ප්‍රධාන කඳවුරකින් ඇමෙරිකානු හමුදා ඉවත් වේ,ඉරාකයේ ඇමෙරිකානු ඉලක්ක වෙත තවත් රොකට් ප්‍රහාර

u-s-forces-withdraw-from-key-base-near-syrian-border-more-rocket-attacks-on-us-targets-in-iraq

මාර්තු 17දා පස්වරුවේ,ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ අධි ආරක්ෂිත හරිත කලාපයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට රොකට් ප්‍රහාර තුනක් වත් එල්ල වී තිබේ.සතිය ඇතුලත එල්ල වූ සිව්වන ප්‍රහාරය එයයි.ඊට දිනකට ප්‍රථමයෙන් දකුණු බැග්ඩෑඩි හි බෙස්මායා කඳවුරට රොකට් ප්‍රහාර දෙකක් එල්ල විය.ටාජි කඳවුරෙන් පසුව සන්ධාන හමුදාව ඉරාකය තුල භාවිතා කරන දෙවන විශාලතම කඳවුර වන්නේද මෙයයි.

මෙම රොකට් තර්ජනය නිසා ඉරාකයේ තිබෙන සමහරක් කඳවුරු හැර යන බවට නිවේදනය කිරීමට එක්සත් ජනපද හමුදාව සිදුව තිබේ.සිරියා-ඉරාක දේශසීමාව ආසන්නයේ තිබෙන අල්-කයිම් කඳවුරද ඉන් එකකි.අල්-කයිම් කඳවුර බටහිර ඉරාකයේ සහ නැගෙනහිර සිරියාවේ රැඳී සිටින ඇමෙරිකානු හමුදාවන් වෙනුවෙන් වැදගත් කාර්ය සාධන සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වේ.එම කඳවුර මෙන්ම සිරියාවේ අල්-ටන්ෆ් කඳවුරද  එක්ව ගත් කල එක්සත් ජනපදයට සිය බලය සිරියා-ඉරාක දේශසීමාවේ ඉතා ඵලදායී වශයෙන් ප්‍රක්ෂේපණය කිරීමටත්,එම ප්‍රදේශයේ ඉරාන ප්‍රොක්සි හමුදාවන්ට එරෙහි ඊශ්‍රායල යුදමය ක්‍රියාමාර්ගවලට සහාය දක්වන්නටද උදව් විය.

අල්-කයිම් පිහිටා තිබෙන්නේ ඉරාක අගනුවර වන බැග්ඩෑඩි සහ සිරියාවේ ඩීර් එසෝර් නගරය හරහා දිවෙන මහා මාර්ගයේය.ඊශ්‍රායල සහ ඇමෙරිකානු මාධ්‍ය නිතරම ඉරාන ප්‍රොක්සි හමුදා බලකොටුවක් ලෙස හඳුන්වන අල්-බුකමල් නගරය පිහිටා ඇත්තේ දේශසීමාවේ සිරියානු පාර්ශ්වයේය.
 

සන්ධාන හමුදා අල්-කයිම් කඳවුරෙන් ඉරාක සන්නද්ධ හමුදාවන්ට නිල වශයෙන් භාර දෙන මොහොත

America’s handover of al-Qaim military base
සන්ධාන හමුදා අල්-කයිම් කඳවුරෙන් ඉවත්ව යෑම

u-s-forces-withdraw-from-key-base-near-syrian-border
සන්ධාන හමුදා අල්-කයිම් කඳවුරෙන් ඉවත්ව යෑම

අල්-කයිම් කඳවුරෙන් ඉවත් වීමේ තීරණයෙන් ඇගවෙන්නේ,සිරියාව ඉරාකය සහ ඉරානය ගොඩබිමින් සම්බන්ධ කරන මාර්ගය වසා දැමීමට එක්සත් ජනපදය දැරූ උත්සාහයන් අසාර්ථක වූ බවට පිළිගන්නට ඇමෙරිකානුවන්ට සිදු වන බවයි.වොෂින්ටනයට අවශ්‍යව තිබුණේ සෙබලුන්,අවි  සහ අනෙකුත් සැපයුම් නිදහසේ එක් රටකින් අනෙක් රටට ලැබීම වැළැක්වීමටයි.

ඒ අතරතුර සිරියාවේ ඉඩ්ලිබ් කලාපය ගැටුම් ඇති විය හැකි ප්‍රධාන කේන්ද්‍රස්ථානය වශයෙන් තිබේ.තුර්කිය සහ රුසියාව එකඟ වූ එම්4 මහා මාර්ගය මැදි කරගෙන දිවෙන ආරක්ෂිත කලාපය ස්ථාපනය කිරීමේ කාර්යය තවදුරටත් ප්‍රමාද කරන්නට ඉඩ්ලිබ් හි අන්තවාදී කණ්ඩායම් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ක්‍රියා කරමින් සිටිති.ඊට සමගාමීව,ඩැමැස්කස් රජය,ඉරානය සහ රුසියාව ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ යුද ප්‍රචාරණ ව්‍යාපාරයක්ද ක්‍රියාත්මකය.තත්ත්වය මේ දිශාව ඔස්සේ තවත් ඉදිරියට ගිය හොත් අලුත් සටන් විරාමයේ කොන්දේසි ක්‍රියාවට නැංවීමටත් ,ත්‍රස්තවාදී තර්ජනය මැඩලීමටත් ඉතිරි වන්නේ යුද මෙහෙයුමක් සිදු කිරීම යන විකල්පය පමණි.

source:southfront.org

%d bloggers like this: