Menu Close

රොකට් ප්‍රහාර වැඩිවීමත් සමග ඉරාකයේ කුඩා ඇමෙරිකානු කඳවුරු හිස් කෙරේ

u-s-evacuates-smaller-bases-in-iraq-amid-increasing-rocket-attacks-on-its-forces

තුර්කි ප්‍රොක්සි හමුදා සහ එහි මිත්‍ර කණ්ඩායම්වල ක්‍රියාවන් හේතුවෙන් ඉඩ්ලිබ් හි රුසියා-තුර්කි සටන් විරාමය නැවත වරක් බිද වැටීමේ අවධානමට ලක්ව තිබේ.එම්4 මහා මාර්ගය ඔස්සේ නිර්මාණය කිරීමට යෝජිත ආරක්ෂිත කලාපය මේ දක්වා පිහිටුවීමට නොහැකි ව තිබෙන අතර තුර්කි-රුසියා මුර සංචාර ආරම්භයේදීම නිරර්ථක වැඩක් බවට පත් වූයේ සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශ සිදු කරන එවැනි මුර සංචාර පහසුවෙන්ම ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවල ඉලක්ක බවට පත් වන නිසාය.

ඒ අතරතුර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කලේ සමහරක් ‘මධ්‍යස්ථ උද්ඝෝෂකයෝ’ එම්4 මහා මාර්ගට හරස් කර තිබෙන බවයි,නමුත් සැබෑ ලෙසම ඊට සම්බන්ධ වූයේ ඉඩ්ලිබ් හි ක්‍රියාත්මක අන්තවාදී කණ්ඩායම් සමග සෘජු හෝ වක්‍ර ලෙස සබදතා තිබෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවියයි.

ඉඩ්ලිබ් හි විශාල සන්නද්ධ කණ්ඩායම් සටන් විරාම ගිවිසුම පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත්,ඉඩ්ලිබ් හි මෙහෙයුම් යළිත් ආරම්භ කිරීම සඳහා නැවත සන්නද්ධ වීමට සහ අලුත් සැපයුම් ලබා ගැනීමට ඔවුන් සටන් විරාමය පාවිච්චි කරන්නේ යැ‍යි රුසියානු විදේශ අමාත්‍යාංශය මාර්තු 16දා අවධාරණය කලේය.හිටපු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විශාල පිරිසක් ඉඩ්ලිබ් හි අන්තවාදී කණ්ඩායම්වල තනතුරු හොබවන බවත් හයාට් ටරිර් අල්-ෂාම් සහ ඊට සමාන අනෙකුත් කණ්ඩායම්වලට දිගටම විදෙස් සහාය ලැබෙන බවත් රුසියානු පාර්ශ්වය පවසයි.යුද මෙහෙයුමකින් තොරව මෙම සන්නද්ධ කණ්ඩායම් අතුගා දමන්නේ කෙසේද යන්න සිතා ගැනීම අසීරුය.ඒ කෙසේවෙතත් ඉදිරි ආරක්ෂක වළලු ආශ්‍රිත සටන් විරාමය බොහෝදුරට ක්‍රියාත්මකය.

පසුගිය කාලයේ සිය හමුදා වෙත එල්ල වූ රොකට් ප්‍රහාර නිසා ඉරාකයේ තිබෙන ඔවුන්ගේ කුඩා කඳවුරුවලින් ඉවත්ව යන්නට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය තීරණය කර තිබේ.එක්සත් ජනපද හමුදාවට අනුව ඉවත් කරගන්නා සෙබලුන් විශාල ප්‍රමාණයේ කඳවුරු වලට අනියුක්ත කරනු ලැබේ.මෙම ක්‍රියාදාමය එරට තුල හමුදා මෙහෙයුම් සඳහා බලනොපාන බවත් හමුදාව් පවසයි.ඉවත් කර ගැනීමට හේතුව ලෙස නිල ප්‍රකාශයේ සඳහන් වන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටන සාර්ථක වීම වුවද,ටාජි කඳවුරට එල්ල වූ ප්‍රහාර දෙකෙන් සිදු වූ හානි සැබෑ හේතුව ලෙස ගැනීම වඩාත් නිවැරදිය.සන්ධාන හමුදාවේ සෙබලුන් තිදෙනෙකුට මරු කැඳවූ මාර්තු 11දා ප්‍රහාර රොකට් ප්‍රහාරයේ වගකීම බාර ගත්තේ  ඔස්බට් අල්-ටයිරින් නම් ඉරාකයේ අලුත්ම සන්නද්ධ කණ්ඩායමකි.ඉරාකයේ PMU ඒකකවල දෙවන නායකයා වූ අබු මාඩි අල්-මුහන්ඩිස් සහ ඉරාන කුඩ්ස් බලකා ප්‍රධානී මේජර් ජෙනරල් කසෙම් සුලෙයිමානි එක්සත් ජනපදය විසින් ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කලේ යැ‍යි එම කණ්ඩායම පවසා තිබේ.එක්සත් ජනපද හමුදාවන්ට එරෙහිව දිගට ප්‍රහාර එල්ල කරන්නේ යැ‍යි ඔවුන් අවධාරණය කලහ.

එවැනි ප්‍රහාර සඳහා සිය සම්පූර්ණ සහාය හිමි වන්නේ යැයී මීට ඉහතදී කටයිබ් හිස්බුල්ලා කණ්ඩායම අවධාරණය කලද,ටාජි කඳවුරට එල්ල කල රොකට් ප්‍රහාරවල වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කලේය.කටයිබ් හිස්බුල්ලා කණ්ඩායම ඉරාකයේ PMU ඒකකවල කොටසකි.PMU යනු දැන් ඉරාකයේ සන්නද්ධ හමුදාවල නිල ශාඛාවකි.කටයිබ් හිස්බුල්ලා කණ්ඩායම,ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන්නට එක්සත් ජනපදය සලකා බලමින් සිටියි.

ඉඩ්ලිබ් හි සටන් විරාමය ආරම්භ වීමත් සමග කලාපයේ ගැටුම් බහුල ස්ථානය සිරියාවෙන් ඉරාකයට මාරු වී තිබේ.පසුගිය වර්ෂය තුල ඉරාකය,ඇමෙරිකා-ඊශ්‍රායල කඳවුරේත්,ඉරානය ප්‍රමුඛ හමුදාවලත් යුද බිම බවටත් පත් විය.2020 වර්ෂය ආරම්භයේ පටන් ආරවුල උග්‍ර වූවා මිස සමනය වන බවත් පෙනෙන්නට නැත.

source:southfront.org

%d bloggers like this: