Menu Close

මානව ඉතිහාසයේ මාරාන්තික වසංගත

ලොව පුරාම මානවයා ව්‍යාප්ත වී සිටිනවා සේම,රෝගද ඒ සියලු ප්‍රදේශ වලට ව්‍යාප්ත වේ.ඈත අතීතයේ මෙන්ම නූතන යුගයේද එහි වෙනසක් නොමැත.මේ වෙද්දී නවතම කොරෝනා/කොවිඩ්-19 වෛරසයද වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය.මෙම වෛරසයේ ව්‍යාප්තිය 2019 දෙසැම්බර් මාසයේ දී චීනයෙන් ආරම්භ වේ.ලෝක සෞඛ්‍ය සංවිධානය එය හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් වශයෙන් ප්‍රකාශ කරන්නේ 2020 ජනවාරි 30දාය.මාර්තු 11දා කොවිඩ්-19 වෛරසය වසංගතයක් වශයෙන් නිල වශයෙන් අවධාරණය කරනු ලැබේ.

පහත වීඩියෝව මගින් ඉදිරිපත් කර තිබෙන්නේ ඇන්ටොනයින් මහාමාරිය වසංගතයේ සිට කොවිඩ්-19 වෛරස වසංගතය දක්වා මානව ඉතිහාසය තුල වාර්තා වන ප්‍රධානතම වසංගත තත්ත්වයන්ය.

ඇන්ටොනයින් අධිරාජ්‍යයාගේ සමයේ පැතිර ගිය මහාමාරිය වසංගතය, ක්‍රි.ව.165-180,මරණ මිලියන 5ක්

ජපාන වසූරිය වසංගතය,ක්‍රි.ව. 735-737,මරණ මිලියනයක්

ජස්ටීනියන් අධිරාජ්‍යයාගේ සමයේ පැතිර ගිය මහාමාරිය වසංගතය,ක්‍රි.ව.541-542 ,මර මිලියන 30-50

ක්‍රි.ව. 1347-1351 සමයේ පැතිර ගිය මහාමාරිය වසංගතය,මරණ මිලියන 200

වසූරිය වසංගතය,ක්‍රි.ව.1520 සිට මේ දක්වා,මරණ මිලියන 56

ලන්ඩනයේ මහාමාරිය වසංගතය,ක්‍රි.ව. 1665,මරණ 100,000

ඉතාලි මහාමාරිය වසංගතය,ක්‍රි.ව. 1629-1631 ,මරණ මිලියනයක්

කොලරාව වසංගතය,ක්‍රි.ව.1817-1923 ,මරණ මිලියනයක් +

තුන්වන මහාමාරිය වසංගතය,ක්‍රි.ව. මිලියන 12ක්(චීනය සහ ඉන්දියාව )

කහ උණ,1800 ශත වර්ෂයේ අග භාගය,මරණ 100,000-150,000

රුසියානු ප්‍රතිශ්‍යාව,ක්‍රි.ව.1889-1890 ,මරණ මිලියනයක්

ස්පාඤ්ඤ ප්‍රතිශ්‍යාව,ක්‍රි.ව.1918-1919,මරණ මිලියන 40-50

ආසියානු ප්‍රතිශ්‍යාව, ක්‍රි.ව.1957-1958 ,මරණ මිලියන 1.1

හොංකොං ප්‍රතිශ්‍යාව, ක්‍රි.ව.1968-1970 ,මරණ මිලියනයක්

ඒඩ්ස්, ක්‍රි.ව. 1981 සිට ,මරණ මිලියන 25-35

ඌරු ප්‍රතිශ්‍යාව, ක්‍රි.ව.2009-2010 ,මරණ 200,000

සාර්ස් ,ක්‍රි.ව.2002-2003 ,මරණ 770

ඉබෝලා ,ක්‍රි.ව. 2014-2016 ,මරණ 11,000

මර්ස් , ක්‍රි.ව. 2015 සිට ,මරණ 850

කොවිඩ්-19 ,ක්‍රි.ව.2019 සිට ,මරණ 9,800 (2020 මාර්තු 19 අදාලව)

source:southfront.org

%d bloggers like this: