Menu Close

බින්තැන්නේ ශෘංගාර කවි

                බින්තැන්න කියන්නේ වැද්දෝ උන්න පලාතක්.අම්පාර දිහා දිගාමඩුල්ලට අයිති වෙන බින්තැන්න හතලිහපනහ දශක වෙනකනුත් වෙනමම සංස්කෘතියක් තිබුන පලාතක්. අතීතයේ ලංකාවේ මිනිස්සුන්ගේ ගති සොබාව නිරීක්ෂණය කරන්න ඒ කාලෙදිත් බින්තැන්නේදි පුලුවන්කම ලැබුනා. ඒකෙදි අපිට ඒකාලේ මිනිස්සු ලිංගික අවයව ලොක් කරගෙන ඒවාට ඇක්සස් එක් අයෙකුට විතරක් දීගෙන පීඩනයෙකින් ඉදපු ජාතියක් නොවේය කියලා මේ ජනකවි වලින් පේනවා..


මුතු මැණිකා හිටලා ගිය කඩුල්ලේ
සීන් කෙන්දි මල් සුවදයි කඩුල්ලේ
ගෙනා දළු බුලත් ඉණවට මුළුල්ලේ
නිදිනම් හොදයි මුතු මැණිකගෙ තුරුල්ලේ


මුතුමැණිකා කියන්නේ කෑල්ලක් නොවුනත් කාගෙහරි පවුලක් වෙන්නට ඇති. ් කාලේ ගම් වල තිබුන නම් වල හැටියට මුතුමැණිකා, රන් මැණිකා, හීන් මැණිකා ආදී නම ගොඩක් තියේනනට ඇති. ඉතින් තමුන්ගේ ගෑනි ගැන කියනකොට මේ කවියේ මුල් පදේ විතරයි වෙනස් කරන්න තියෙන්නේ.


රං මැණිකා මෙගමට හොඳ කටකාරී
ඒ වාගේම හරි ගිනි කෙළි පුද කාරී
හිමිට හොරෙන් එන කවුරුත් අත නාරී
රං මැණිකා උඹද කොයි කාගෙන් බාරී


මේ කියන්නෙ ්නම් රං මැණිකා ගැන. රත්තරන් වුනත් එක තැනක නැහැ නේ. කාට හරි ඕනි වුනාම තැන තැන යනවා. ඒ වගේ කට කාරියක් වගේම හොද ගිනි ගෙඩි දෙන කෙනෙක් විදිහටත් ජනප්‍රිය වුන රං මැණිකා ගේ කැරැට්ටුව ගැන තමයි මේ කවියෙන් කියවෙන්නේ. රං මැනිකා ඔහේ කාගෙත්ම ගෑනිදැයි කියලා අහන එක නම් චාටර් නේහ්.


රං මැණිකා උඹ කාටත් හැඩ කාරී
විස්ස පිරුණු කොල්ලෙක්වත් අත නාරී
වැස්ස පින්න නොබලයි හොද කෙළි කාරී
පස්ස උඹේ යකඩින් හැදුවද බාරී


මේ කියන රංමැණිකා නම් ඇන්ටා පහරක් වෙන්න ඕනි. නැත්තං ලස්සන කෑල්ලක් වුනානම් විස්ස පිරුණ කොල්ලො හොයන එක ලෛාකු සීන් එකක් වෙන්න බහැ නේ. සමහර පෝන් බැලුවම අපේ උන් කතා වෙනවා.අඩේ ඒවා යකඩෙන් හදාලාද දන් නැහය කියලා. ඒ වගේ මේ කවිය කියන උන්දැටත් කොච්චර පාවිච්චි කලත් ලස්සනටම තියෙන රං මැණිකාගේ පස්ස යකඩෙන් හැදුවාද කියලා පස්නයක් ඇවිල්ලා තියෙනවා. .


අපේ ගෙදර උන්දෑ නම් බොහොම යසයි
පැලට ආව විට උන්දැට වාසි හොදයි
මං නැතිදාට තනියට දෑලේ දෙන්නයි
මුනා කරන් මට සැලකිලි ඔහොම තමයි


තමුන්ගේ ගෑනි පිට ගියාය කියලා මේ කාලේ සමහර ෆොන්න පිරිමි ඒ පිට යන පිරිමියාව ගස් බැදල ගහනවා. නැත්තං ඒ තමුන්ට හොරෙන් මල තලන උන්ගේ අත පය තලන්න යනවා. ඒත් ඒ කාලේ ඝෑනි කියන්නේ පිට යන්න පුලුවන් ජාතියක්ය. ඔන්න ඔහේ යනව නම් යද්දෙන්ය කියලා හිතපු අයත් ඉදලා තියෙනවා.


අපේ පිරිමි පැල් යනවා කියලා
පැලට ගිහින් ගිණි බෝකර තියාලා
එළිවෙනතුරු අහුකොමු වල රැකීලා
උදේට එයි පැල් ලැග්ගා කියලා


මේ කියනනේ පිරිමිගේ කැරැට්ටුව ඔන්න ඉතින් පැල් යනෝය කියලා ගිහින් මොකැ කරන්නේ. පැලට ගිහින් ගිනි බෝ කරල. ඒ කියන්නේ ගිනි ටික පත්තු කරලා ඉන් පස්සේ යනවා අහු කොමු වල. අහු කොමු කිව්වට ඉතින් ඒ යන්නෙත් තව පැල් රකින්න ගෙදරින් එලියට ගිය පිරිමියෙක් ඉන්න ගෙදරකට වෙන්න ඇති. ඒ කොයි හැටි වෙතත් උදේ වුනාට පසේස හම්බෝ හරි මහන්සියි පැල් රැගලා කියලා ගෙදර එනවා.


පුම්බා දෙමට හපමින් හුණු ගගා තුඩේ
ලම්බා ගෙන තුනටියෙ තම්බිගෙ අමුඩේ
ගෙම්බා මෙන් ඔහොම කුදහන් ඉදන් නඩේ
අම්බා රැකගන්න හැකිදෝ බොලන් බුඩේ


මේ කියන්නේ මැන්ටලයක් හොද සිරා කෑල්ලක් ලයින් කරගෙන ඉන්න කතාවක්. එතැනදි කට පුම්බගෙන දෙමට හුනු ගගා හපන, තම්බිගේ අමුඩේ වගේ හදාගෙන ඉන්න ගෙම්බෙක් වගේ කුදු ඩෑල් එකට අඹුව රැකගන්න හැකිද කියන පස්නය තමයි මේ අහන්නේ.


කැන්ද නොගෙන තා වැනි හොටියක දිරුණ
කෙොන්ද පණ ඇතිව අඹුවක් ගෙන තරුණ
නින්ද නැති කොරන් ගැටවුන් හට තරුණ
මන්ද බොල බුඩේ තා ලත වෙන කරුණ


මෙතැනදිවයසට හරියන ගෑනියෙක් නොගෙන තරුණ එකක් සහේට අරගෙන නින්දත් නැතිව මොනාද කරන්නේ කියන එක කවියා අහනවා වයසට ගියාට තරුණ මදේ තියනවා කියලා තරුණ වයසේ කෑල්ලක් ග්තතට ටික දවසක් ගියාට පස්සේ තමයි මදේ ටිකක් විතර සෟත්තු වෙලාය කියලා අපේ අයට වැටහෙන්නේ. ඉතින් ඒ ගැන පහල කවියෙනුත් කියනවා.


කඩා කෙස් කෙලින් කරගත්තත් කුදය
විඩා වෙන බැවින් ඉක්මනටම මදය
කඩා ගෙන කන්ට බැරිකොට පැනි වදය
බුඩා මොකෑ අඹුවට ඔය දෙන වදය


නාකි පිරිමියා තරුණ ගෑනිය බැන්දට පස්ෙස් නාකියට ගෑනි හැරුනත් වැරදියි. ඒ වගේම නාකි වුනාට පස්සේ ඉක්මන්ට නාකි ඩැල්එකට විඩා වෙනවා.අ පේ ජෝන් වගේ බුවාල නම් ඔව්වාට ව්‍යාඝ්‍රාදී බෙහෙත් බෙනවා. ඒත් ඉතින් බින්තැන්නට කොහෙද ව්‍යාඝ්‍රයෝ.. අවසානේ මේ කවියා අහන්නේ මොකද්ද බන් ඕ තෝ තරුණ අඹූට දෙන වදේ කියන පස්නය.


සෙවල බැදෙන්නට හැර අඹුගෙ තුනු විලේ
ගෙවල යකා මෙන් රැක සිටිති හැම වෙලේ
තැවුල පමුණමින් තරුණන්ට හැම කලේ
වෙව්ලමින් මොකද තා කරන කල බලේ


මේකත් ඒ වගේ කවියක්. අඹුගේ තරුණ විලේ සෙවල බැදෙන්නට හැරලා ගෙවල යකා වගේ හැමතිස්සේම ගෑනිව පරිස්සම් කරනවා. ඒ ගෑනි ප්සසෙන් එන පිරිමිට තැවුල පමුනඹින් වෙවුලමින් මොකද්ද බන් උඹ කරන්නේ කියලා තමයි මේ කවියෙන් අහන්නේ.


ඌරට වැටට කඩ හබකක් අටවාපන්
ගෝනට තඩට තඩියක් බැදලා දාපන්
මන්දේ බැදල මුව කෑටක් අල්ලාපන්
ගෑනිව බලල ඇවිදින් උඹ බත් කාපන්


අදටත් මැරීගෙන වැඩ කරන ඩැල් එකකට ගෙදර යන්න පොඩි අවස්තාවක් හදලා දෙන්න ස්ටාෆ් එකේ අය කටයුතු කරනවා. එ වගේ යාලුවාගේ වැඩ ටික ෂේප් කරලා පොඩ්ඩ්ක එයාට ගෙදර ගිහින් එන්න චෑන්ස් එකක් අරන් දෙන්න මේ කවිය උත්සාහ කරනවා.


%d bloggers like this: