Menu Close

   චීනයේ බෙයිජිං ප්‍රදේශයේ අවසාන ගල් අඟුරු ආකාරයත් වසා දමති.

                one-of-china-s-oldestmining-towns-it-has-powered-the-capital-for-nearly-300-years-1584667234130-7මෙන්ටෝග් කඳුකරයේ ඇති අවසාන ගල් අඟුරු ආකර ඉතිහාසයට යමින් පවතී. මේ  ආකර මගින් නිෂ්පාදනය කරන ලද ගල් අඟුරු චීනයේ අගනුවරට පසුගිය වසර 300ක් තිස්සේ බල ශක්තිය සපයන ලදී.  පසුගිය දශක දෙක තුල ක්‍රියාන්විත වූ ගල් අඟුරු ආකර 270ක් වසා දමනු ලැබුවේ, පුනර්ජනනීය බල ශක්තිය වඩ වඩාත් ලාභ වීම හේතුවෙනි.

‘ඩටායි’ සේ හැඳින්වෙන දැවැන්ත ආකරයේ 7000ක් දෙනා සේවය කළහ.  එයද වසා දැමු විට බෙයිජිං හී කිසිම ගල් අඟුරු ආකරයක් පවතින්නේ නැත. 

තරුණ සේවකයන් ඔවුන්ට ලැබුණු පාරිතෝෂික මුදල රැගෙන ඒ පලාතෙන් පිටව ගොස් ඇත. එහෙත් මහලු සේවකයන් එහි තවමත් ජීවත් වන්නේ, ඔවුනට වෙනත් රැකියා සොයා ගැනීමට නොහැකි බැවිනි. එහි සේවය කල ‘මා’ නම් සේවකයා කියා සිටියේ, ඔහුට මාසිකව ඩොලර් 1400 ක වැටුපක් ලැබුන නමුත් දැන් ඔහුට ලැබෙන්නේ ඉන් පහෙන් එකක් පමණ ගෙවීමකි.  වසර 45කට වඩා වයස කම්කරුවන්ට රැකියා ලබා ගැනීම අපහසුය.

දැන් මේ පැරණි සේවකයන්ට කරන්නට ඇති රාජකාරිය වන්නේ ආකරයේ ඉතිරිව ඇති යන්ත්‍ර කොටස් සහ ලියකියැවිලි ප්‍රතිචක්‍රීයකරණය කිරීම පමණි. ආකරය වසා දැමීම මෙතෙක් වුවද ප්‍රමාද වී ඇත්තේ කොරෝනා වෛරස ව්‍යසනය සිදු වීම හෙයිනි. මේ ආකර පවත්නා ප්‍රදේශයේ ජනතාව black lung disease වැනි පෙනහළු රෝග වලින් බොහෝ සේ පීඩා විඳිති.  මේ රෝග බොහෝ විට සුව කල නොහැකි රෝග වෙති.

චීනය ලෝකයේ ගල් අඟුරු ඉල්ලුමෙන් 50%ක් සපයයි. එහෙත් දැන් චීනයේ පුනරජනනීය බල ශක්තියෙන් බලය ලබා ගැනීමට ප්‍රවණතාවයක් ඇතිව තිබේ. මෙන්ටෝග් පරිසරය සංචාරක ප්‍රදේශයක් කිරීමටද බලාපොරොත්තු වේ. එහෙත් මේ ඉලක්කයට යෑම එතරම් පහසු නොවන්නේ, දැනටමත් ඒ ප්‍රදේශයේ පරිසරය ගල් අඟුරු නිස්සාරණ කර්මාන්තය හෙයින් විනාශ වී ඇති හෙයිණි.

ඒ කෙසේ වුවද චීනය පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය වෙත යොමුවීම සතුටට හේතුවකි. 

https://www.channelnewsasia.com/news/asia/china-coal-miners-left-in-limbo-beijing-close-mine-12559208

 

%d bloggers like this: