Menu Close

 සෙබාරංචි කෝලම සහ කොරෝනා වෛරසය.

DSC_0122කොරෝනා වෛරසය ගැන බුකියේ සහ ජංජාලයේ ඇති තරම් තිබෙන නිසා ඒ ගැන වැඩි යමක් කීම අනවශ්‍යය. හුදෙක් එයට මේ සෙබාරංචි කෝලමේ ඇති සම්බන්දය පමණක් පසුව සටහන් කරමි. මුලින්ම කිව යුත්තේ, ‘සෙබාරංචි කෝලම’ කුමක්ද යන්නයි.

සුද්දා රට පාලනය කරන සමයේ ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා විසින් ලංකාවේ එක් එක් පළාතට සුදු නිළධාරීන් යවන ලද්දේ, ඒ ඒ පළාත වෙන වෙනම පාලනය කර විස්තර ලබා ගැනීමට විය. එහෙත් අවස්ථා කීපයක මේ සුදු නිළධාරීන්ට එම ප්‍රදේශ වල කරන්නට පාලනයක් නොමැතිව, නැවත කොළඹ සිටින ප්‍රධානියා වෙත එන්නට සිදු විනි. හේතුව කුමක්දැයි ඇසූ විට ඔවුන් කියා සිටියේ, එම ප්‍රදේශයේ හෝ ගම්මානයක යම් ප්‍රශ්නයක් ඇති වූ විට මිනිසුන් විශාල ශාලාවකට රැස්ව එය විසඳා ගන්න බවය.

ඒ ශාලාවේ ඉඳ ගෙන සිටින කහ පැහැ ඇඳුමක් ඇඳ ගත් මුඩු හිසැති මිනිහෙක්, තවත් එවැනිම වූ මිනිසුන් කීප දෙනෙක් පිරිවරා ගෙන, ඒ ඒ චෝදනා විභාග කරන බවය. ඔවුන්ගේ තීරණය මිනිසුන් බොහෝ විට පිළි ගන්නා බවත්, දඬුවම් කිරීමක් ඒ ක්‍රමයේ නැති බවත් ඔවුන් අග්‍රාණ්ඩුකාරයාට කියා සිටියහ. එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවට අවශ්‍ය වූයේ ලංකාවේ එදා පවත් සංස්කෘතික පසුබිම අකර්මන්‍ය කර, මිනිසුන්ගේ චින්තන රටාව වෙනස් කර සුදු ආණ්ඩුවේ වහළුන් බවට පත් කිරීමය.

එසේ හෙයින් ඔවුන් දෙවනුව භාවිතා කල ක්‍රමය වූයේ ගම්මාන වල සිටින චාරයක් නැති, පාදඩ මැරයන් අල්ලා කොටු කිරීමය. ඔවුන්ව මරා දැමීම හෝ හිරයට දැක්කීමට පෙර ඔවුන්ගේ වත ගොත විමසන ලදී. සුදුසු පුද්ගලයන් නැවත එළියට දමන ලද්දේ ආගමට හරවා ගැනීමෙන් පසුවය. එහෙත් නැවත ගම බලා ගියවිට ඔවුන්ට කරන්නට දෙයක් තිබිණ. එනම් පෝය දිනයක බෞද්ධ භික්ෂුන් පන්සල් වල බණ දේශනා කරන විට, ඊට අකුල් හෙලා බාධා කිරීමය.

මේ පාදඩයන්ට මුලින්ම ඉගැන්වූ බයිබල් පාඩම වූයේ ‘සුභාරංචිය’ හෙවත් Good news පරිච්චේදය විය. ‘සුභාරංචිය’ යන වචනයවත් හරියට කියා ගන්නට නොහැකි මේ පාදඩයන් ඊට කිව්වේ, ‘සෙබාරංචිය ‘ කියාය. හාමුදුරුවෝ බණ දේශනා කරන විට, ඒ ඉදරියට ගොස්,…  “ඔය බණ වැඩක් නැහැ…පරණ බණක් …දැන් කාලේ අලුත් බණක් ඇවිත් තියෙනවා, ‘සෙබාරංචිය ‘ කියලා….! …!! …තොපිත් ඒක ඉගෙන ගනියව්…!! …”ජේසුගේ හීනය තොපිත් දකීවි”… !! …සේ කියමින් ගාලගෝට්ටි කරන ලදී.

මේ පාදඩයන්ට එකල තිබූ බ්‍රිතාන්‍ය පාලක පන්තියේ අනුග්‍රහය නොමඳව ලැබුණු නිසා, ගම්මාන වල සිටි මිනිසුන්ට ඔවුන්ට එරෙහිව යමක් කිරීමේ ශක්තිය නොතිබිණි. නමුත් උපතින්ම කළා කරුවෙක් වූ සිංහළයා, මේ පාදඩයන් අරභයා විහිළු නාට්‍ය නිර්මාණය කිරීමට පෙළඹුණි. එහි ප්‍රතිඵලයක් සේ කෝලම් නාට්‍ය කලාවට, ‘සෙබාරංචි කෝලම’ යන කෝලම් නාට්‍යය එක්වුණු බව කියනු ලැබේ. මේ විස්තරය මට කියන ලද්දේ, බොහෝ කලකට පෙර මට හමුවූ අම්බලන්ගොඩ කෝලම් මුහුණු තනන ගුරුන්නාන්සේ කෙනෙකුගෙනි. එවිටද ඔහු බොහෝ මහලු කෙනෙක්ව සිටියේය.

සඳ පානේ ආලෝකයෙන් සහ, කැකුණ තෙල් වලින් දැල්වෙන පහන් වල ආලෝකයෙන් මේ කෝලම් නාට්‍ය පෙන්වන ලදී. මෙතනට මේ කියන පාදඩයාත් එන මුත්, මෙය විහිළු නාටකයක් නිසා සමහරවිට ඔහු ඒ ගැන විරුද්ධ නොවන්නට ඇත. ඔහුත් ඊට සිනා සී විනෝද වී යන්නට ඇත.

සෙබාරංචි කෝලම් මුහුණ අන් සියලුම මුහුණු වලට වඩා අමුතුම ආකාරයේ මුහුණකි. එය පැහැයෙන් කොළ පැහැතිය. එනම් එයින් පෙන්වන්නේ මිනිසෙක් නොවේ. යකෙකි. දරුණු දුර්දාන්ත මිනිසෙකි.  කුඩා නළලෙන් පෙන්වන්නේ, ස්වයම්භුත ඥානයක් නොමැති බවය. කටේ දත් පෙන්වමින් සිනාසෙන ස්වභාවය පෙන්වන්නේ මුහුණේ ලේ පොදක් නැති, කරුණාවක් රහිත ආගම් ප්‍රචාරය කරන මිනිසෙකි.

ඔබ සමහරවිට මේ ආකාරයේ අය අද දිනද දකින්නට ඇත. කොරෝනා වයිරසය මෙනි. සමහරවිට කෙනෙක්ට එහි සුන්දරත්වයක් පෙනෙනු ඇත. එහෙත් එයද සෙබාරංචි කෝලමද මාරාන්තිකය.

දැන් කෙනෙක් මගෙන් අසන්නේ, ‘මේ සෙබාරංචිය කෙසේ නම් කොරෝනා වලට සම්බන්ද වන්නේද’ යන්නය.

මුලින්ම එකක් කියනෙමි. කිසිම ආගමකට ගැරහීම මේ විස්තරයේ අරමුණ නොවේ. කෙනෙක්ගේ පෞද්ගලික ඇදහීම් වලට ගැරහීමක්ද මෙයින් සිදු නොවේ. ඕනෑම කෙනෙක්ට, ‘ගලක්’, දෙවියෙක් යයි කියා ඇදහීමට ශිෂ්ට සමාජයේ ඉඩකඩ ඇත. එහෙත් ඒ ගල රැගෙන, තව කෙනෙක්ට ඉන් පහර දෙන්නට ඒ සමාජයේ ඉඩක් තියෙන්නට හේතුවක් නැත.       

දේව ආගමක් ප්‍රචලිත කරන සරළ ආකාරය, ‘භීතිය’ යන්න ඔබට කිව යුතු නැත. …”මිනිසා උපතින්ම පව් කාරයෙකි’… “ ඒ පවෙන් මිදීමට දෙවියන් සරණ යා යුතුය”…යන්න ඕනෑම දේව ආගමක මූලික හරය වේ. යම් කිසි ව්‍යසනයකදී කිසියම් සමාජයක් අබල දුබල වූ විට, එයට මුලින්ම පැමිණ සහාය දෙන්නේ දේව වාදීන්ය. කිරි නිරාවරණය වූ විට බැක්ටීරියා වැඩෙනවාක් මෙනි. කොරෝනා  වසංගතය නිසා මානසික වශයෙන් ඔද්දල් වූ මිනිසෙක් පව් කාරයෙක් බව ඒත්තු ගන්වන්නට පහසුය.

මේ ආකාරයේ ප්‍රයත්නයන් බුකිය ඇතුළත මෙන්ම එළියේද ඔබ මෙකළ දකිනු ඇත. ඉතිහාසය පුනර්වර්ථනය වෙමින් ,… “මා ජේසුව සිහිනයෙන් දුටුවා”… කියා ඔවුන්ද කියති. අද දින ප්‍රචාරය වන ඉන් එකක් නම්, .. “මගේ සුභාරංචිය විය යුතු මා දැනගත් සත්‍යය ප්‍රකාශ කිරීමද, වසා තැබීමද ?… යන්නය. මේ වර්ගයේ මිනිසුන් ඔබට කියන්නේ, ඔවුන් මුල් කාලයේ බෞද්ධ, හින්දු හෝ ඉස්ලාමිකයන් වූ බවය. හෙට දින ඔබේ නිවසට මේ සෙබාරංචි කෝලම් පැමිණෙනු ඇත. විද්‍යා ආලෝකයෙන් බැබළෙන නූතන ලෝකයේ, දේව වාදීන්ට සහ දේව වාදී ආගම් වලට තැනක් නැති බව පෙන්වා දෙන්නට ඇති හොඳම උදාහරණය වන්නේ බටහිර ලෝකයේ ආගම් කෙරේ ඇති නූතන ආකල්පය වේ.

පල්ලි එසේම තබා ඒ ඇතුලත නිවාස තනා ඇත්තේ, ඒ ඒ රටේ ගෘහ නිර්මාණ ශිල්පයට බාධා ඇති නොවන පරිද්දෙනි. එසේ නැතහොත් පල්ලි වෙනත් ආයතන සඳහා අවශ්‍ය වන මොන්ටිසෝරි, හෝ වෙනත් කාර්යාල සඳහා කුළියට දී ඇත.

මෙවන් සෙබාරංචි කෝලම් ඔබට හමු වුවහොත් ඔවුන්ගෙන් අසන්න ඇත්තේ සරළ කරුණකි. … “ඔබ දෙවියන් විශ්වාස කරන්නේද ?…ඔවුන්, ‘ඔව්’ කියනු ඇත. … “ඔබ බයිබලය විශ්වාස කරන්නේද? …ඔවුන් එයටද ‘ඔව්’ කියනවා ඇත. දැන් ඔබේ කාර්යය කිරීම පහසුය. ඔවුන් ගෙනෙන බයිබලය පෙරලා මාර්ක් 16, 17, 18 පෙරළන්න කියන්න.

Mark 18:-  They shall take up serpents; and if they drink any deadly thing, it shall not hurt them; they shall lay hands on the sick, and they shall recover.
[මාරාන්තික විෂක් පානය කලේද, එයින් විශ්වාසවන්තයාට කිසි දෙයක් සිදු නොවේ.]

දැන් මුලින් ඔබ විසින් සොයාගත්, පොටෑසියම් සයනයිඩ් වැනි උග්‍ර විෂක් ඔවුන්ට දී, ඉහත බයිබල් පාඨය අනුව එය පානය කරන්න කියන්න. කිසියම් හෙයකින් ඔවුන් ජීවත් වූයේ නම් ඔබ වහා ඒ කියන ආගම විශ්වාස කර ඊට හැරිය යුතුය. බොන්නට බැහැ කීවේ නම්, පු*ට පයින් දෙකක් දී එළවා දැමිය යුතුය.

වෙල් කදුරු ලීයෙන් තැනූ අහිංසක පෙනුමැති සෙබාරංචි කෝලමේ, මෙපමණ වෘතාන්තයක් තිබේ යයි ඔබ අසා තිබුනේද ?  

%d bloggers like this: