Menu Close

සටන්කාමීන් තුර්කි-රුසියා ඒකාබද්ධ මුර සංචාර කඩාකප්පල් කරයි

new-syrian-army-offensive-in-idlib-becoming-inevitable-as-militants-sabotage-joint-turkish-russian-patrols

මාර්තු 15දා,රුසියා සහ තුර්කි හමුදා ඉඩ්ලිබ් හි පළමු ඒකාබද්ධ මුර සංචාරය සිදු කලේ මොස්කව් හිදී අත්සන් තැබූ අලුත්ම සටන් විරාමයට අනුවයි.මුර සංචාරයේ සැලසුම් කර තිබූ මාර්ගය වැටී තිබුණේ එම්4 මහා මාර්ගය ඔස්සේය.එනම් පිහිටුවීමට නියමිතව තිබෙන ආරක්ෂිත කලාපය මැදින්ය.කෙසේවෙතත්,මුර සංචාරය සරාකිබ් නගරයට කි.මී. කිහිපයක් බටහිර දෙසට වන්නට පමණක් සීමා විය.සම්පූර්ණ ආරක්ෂිත කලාපය සහ එහි දකුණු දෙසින් වූ සැලකිය යුතු ප්‍රදේශයක්,එනම් වර්ග කිලෝමීටර් 750ක් තවමත් පවතින්නේ ත්‍රස්තවාදීන් සතුවයි.ඔවුන් එම ප්‍රදේශයෙන් සිය බර අවි හෝ සටන්කරුවන් ඉවත් කර ගන්න බවට කිසිදු සලකුණක් නොමැත.

අන්තවාදීන්ගේ ප්‍රකෝප කිරීම් හේතුවෙන් මුර සංචාරක මෙහෙයුම් කෙටි කිරීමට සිදු වූ බව රුසියානු හමුදාව පැවසුවේය.නිකුත් කල ප්‍රකාශයේ පරිදි,ත්‍රස්තවාදීන් කාන්තාව සහ ලමුන් ඇතුලු සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිතා කරයි.අන්තවාදීන් ඉවත් කර ඒකාබද්ධ මෙහෙයුම්වල ආරක්ෂාව සහතික කිරීමට වැඩි කාලයක් තුර්කියට ලබා දී ඇතැයි රුසියානු පාර්ශ්වය පැවසීය.විය හැකි ප්‍රකෝප කිරීම් වැළැක්වීම සඳහා සමහරක් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය පැවසීම පුදුම සහගතය.නමුත් තුර්කියට මෙහිදී විදීමට සිදුවූ අපහසුතා කුමන ආකාරයේද යන්න පැහැදිලි කර නොමැත.අන්තවාදී කණ්ඩායම්වල ආධාරකරුවන් විසින් අවහිර කල එම්4 මහා මාර්ගය ඔස්සෙ ගමන් කිරීමේදී තුර්කි හමුදා රථ පෙළ අපහසුතාවයන්ට ලක් වූ බව පෙනේ.අන්තවාදීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් එම්4 මහා මාර්ගය දකුනු ඉඩ්ලිබ් ප්‍රදේශයෙන් අවහිර කර තිබෙන්නේ මාර්තු 13දා සිටය.

අලුත් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ඕනෑම බලවේගයක් කුඩුපට්ටම් කරන්නේ යැ‍යි තුර්කිය බලධාරීන් මාර්තු මාසයේ මුල් භාගයේදී දිගින් දිගටම තර්ජනය කලහ.නමුත් මෙම එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන් තිබෙන ලොකුම බාධකය වන්නේ තුර්කි රජයේ සහාය හිමි අන්තවාදී කණ්ඩායම් බව දැන් තුර්කි නායකත්වයට පහසුවෙන්ම අමතකව ගොස් තිබේ.නමුත් මෙම හැසිරීම අලුත් දෙයක් නොවේ.ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදයේ බීජ රෝපණය සඳහා එර්ඩොගන්ගේ රජය පසුගිය මාසයන්හි දිගටම සහාය ලබා දුන්නේය.

ඒ අතරතුර ඉඩ්ලිබ් හි සන්නද්ධ කණ්ඩායම්,මධ්‍යස්ථ විපක්ෂය ලෙස හඳුන්වා දෙන්නට තුර්කි මාධ්‍ය සහ පාලන තන්ත්‍රය දරන උත්සාහය එම කණ්ඩායම් දිගටම අසාර්ථක කරමින් සිටිති.එව්ගෙනි පොඩුබ්නි හෝ ඔලෙග් බ්ලොකින් යන දෙදෙනාගෙන් අයෙක් මරා දමන අයෙකුට ඇ.ඩො. 25,000 ත්‍යාගයක් ලබා දෙන්නේ යැ‍යි හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට සම්බන්ධ මාධ්‍යයක් විසින් මාර්තු 15දා නිවේදනය කලේය.මොවුන් දෙදෙනා ඉඩ්ලිබ් හි යුද පෙරමුණේ  සිටිමින් යුදමය වාතාවරණය වාර්තා කිරීමෙහි නිරත රුසියානු ජාතික යුද වාර්තාකරුවන්ය.ඔවුන්ගේ ප්‍රතිපක්ෂය වන තුර්කි සහ බටහිර මාධ්‍ය මෙන් නොව මොවුන් ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදී මතවාදය නොදැක්කා සේ නොසිටියි.පසුව ‘ඉඩ්ලිබ් හි ප්‍රජාතන්ත්‍රික ක්‍රියාකාරීන්’ ,එව්ගෙනි පොඩුබ්නි ඝාතනය සඳහා පිරිනමන ත්‍යාග මුදල ඇ.ඩො. 50,000 දක්වා ඉහළ දැමීය.කලින් සඳහන් කල වාර්තාකරුවන් හෝ රුසියානු මුර සංචාරක මෙහෙයුම්වල නිරත සෙබලෙක් ජීවග්‍රහණයෙන් අල්ලා ගත හොත් ඇ.ඩො. 100,000 දක්වා මුදලක් ලබා දෙන්නේ යැයිද ප්‍රකාශ කර තිබේ.

එව්ගෙනි පොඩුබ්නි

ඔලෙග් බ්ලොකින්

ඊට සමගාමීව,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ,හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් සටන්කාමී කණ්ඩායම් වයඹදිග සිරියාවෙන් අලුත් සටන්කරුවන් බදවා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.වැඩි කාලයක් නිදහසේ වෙසෙන සහ හොඳ කායික තත්ත්වයන්ගෙන් පෙළෙන අයවලුන්ට දැන් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ‘රෙඩ් බ්‍රෑන්ඩ්ස්’ නම් විශේෂ බලකායට එක් වීමේ අවස්ථාව පවා හිමිව තිබේ.පසුගිය වර්ෂයන්හි යුද්ධයේ දී ත්‍රස්තවාදී කණ්ඩායමට පිරිස් බලය විශාල වශයෙන් අහිමි වූ බවට මෙමගින් තහවුරු වේ.

උතුරු සිරියාවේ ආරක්ෂක තත්ත්වය නැවත නරක අතට හැරී ඇත.රාස් අල්-අයින් නගරය ආසන්නයේදී තුර්කිය ප්‍රමුඛ හමුදාවන්ගේ රථ පෙළක් ඉලක්ක කරගෙන මර උගුලක් ක්‍රියාත්මක වූ බව සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කලේය.එම ප්‍රහාරයෙන් තුර්කි සෙබලුන් දෙදෙනෙක් සහ සටන්කාමීන් තිදෙනෙක් මරණයට පත් වූහ.

තුර්කිය සහ රුසියාව එකඟවූ සටන් විරාමයෙන් පසුව තුර්කි සහ සිරියානු හමුදා අතර ගැටුම් අවසන් විය.කෙසේවෙතත්,නුදුරු අනාගතයේදි ඉඩ්ලිබ් හි අන්තවාදීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන තාක් මෙම සටන් විරාමයේ ආයු කාලයද දීර්ඝ නොවනු ඇත.

source:southfront.org

%d bloggers like this: