Menu Close

කොරෝනා වසංගතයේදී ඉතාලියේ සිදු වූ දෙයින් අප පාඩම් ගත්තේද ?

Untitledඊයේ එනම් මාර්තු 18 දින මිය ගිය ගණන 475ක් විය. ඉතාලියේ මිත්‍රයෙක් කියන ආකාරයට මිය ගොස් ඇති බාලම පුද්ගලයාගේ වයස අවුරුදු 52 කි. එනම් මිය ගොස් ඇත්තේ වැඩි වයස ඇති පුද්ගලයන් වේ. ඉතාලිය මේ තරම් අවාසනාවන්ත තත්වයකට පත්වූයේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට ඔහු උත්තර දුන්නේ, … “මේ තත්වය ඉතාලියානු ජනතාව ලුහුඬින් ගත් නිසා”… බවය.

විශේෂයෙන්ම ලොම්බාඩි ප්‍රදේශය රෝග වාහකයන් ඇතැයි ප්‍රකාශ කිරීමෙන් පසු ඒ ප්‍රදේශයෙන් ඉවත් වූ හෙවත් පැන ගිය රෝගීන් නිසා මේ ව්‍යසනය සිදු වූ බවය. ලංකාවේ විශේෂඥයන් මේ නිරීක්ෂණ හොඳින් අධ්‍යනය කරනවා යයි බලාපොරොත්තු වෙමු. එසේම ඉතාලියෙන් ලංකාවට පැමිණි සමහර අය කොරෝනා වසංගතය ගැන දැරූ සරළ ආකල්පය තවත් ලොම්බාඩි උදාහරණයක් නොවේවා යයි පතමු.

මේ අවස්ථාවේ නිවාඩු ප්‍රයෝජනයට ගනිමින් විනෝද සහ ආගමික ගමන් යෑම නම් ඉරට්ටේ ගොන් කමකි.   

චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිදු වූ අයුරෙන් අනාවැකි පළ කල විට නම්, ලබන සතියේ ඉතාලියේ වැඩිම ජනතාවක් මිය යනු ඇත. ඉන් පසුව අඩු වේ යයි සිතීමට හැක්කේ ඉතාලි ජනතාව මේ රෝගයට දක්වන ප්‍රතිරෝධය මතය. ඉතාලියට යාබද සිසිලියේ ප්‍රකාශ වූ රෝගීන් ගණන 52ක් වුවත් මෙතෙක් මිය ගිය කෙනෙක් නැත. එනම් එහි තේරුම වන්නේ ඉතාලියේ ජනතාව මේ රෝග තත්වය ලුහුඬින් ගත් බවය.

පහත ඇති ලින්ක් එක මගින් ඉතාලියේ තත්වය ගැන වඩා හොඳ පින්තුරයක් දැකිය හැක.  Total cases, Daily new cases, Active cases, Total deaths යන ප්‍රස්ථාර වල රේඛාව ඉහළට එල්ල වී ඇති බව දැකීම ශෝකයට කරුණකි.   

https://www.worldometers.info/coronavirus/country/italy/

%d bloggers like this: