Menu Close

කොරෝනා නිසා T20 ක්‍රිකට් ලෝක කුසලනයට වෙන දේ.

කුමන බාධක පැවැතියද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට උපරිම උත්සාහය ගන්නා බවත් කොරෝනා හෙවත් කොවිඩ් _ 19 වයිසරයේ බලපෑම ඉදිරි මාස කිහිපය තුළදී පහව යනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි කෙවින් රොබට්ස් පවසා ඇත.

තවදුරටත් අදහස් දක්වා ඇති ඕස්ට්‍රේලියානු ප්‍රධාන විධායක නිලධාරියා “විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මීට ඉහතදී අප සිදු කරනු ලබූ මූලික සැලසුම්වලට අනුකූලව මෙම අවස්ථාව වන විටත් අප කටයුතු කරගෙන යනවා. යම් කිසි අවිනිශ්චිත ස්වභාවයක් පැවැතුණත් එම සියලු අසීරුතාවන් මධ්‍යයේ අප ලෝක කුසලාන තරගාවලිය සාර්ථක කර ගැනීමේ කටයුතු සිදුකරගෙන යනවා වගේම ඉදිරි මාස කිහිපයේදීත් සැලසුම් කළ අයුරින් සියලු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන් සහ විශේෂඥයන්ගේ උපදෙස් අනුව අවස්ථානුකූලව අපගේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට අපට සිදුවුවත් ඕනෑම තත්ත්වයකට මුහුණදෙමින් කටයුතු කිරීමට අප සූදානම්. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට අපට හැකියාව ලැබේවි යැයි අපි විශ්වාස කරනවා.” යනුවෙන් පවසා තිබේ.

Share with Friends

%d bloggers like this: