Menu Close

ඇමෙරිකාවේ ප්‍රභල පැසිපන්දු ක්‍රීඩකයින් 4 දෙනෙක්ට කොරෝනා වැළඳෙයි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ප්‍රධාන පෙළේ වෘත්තීය පැසින්දු කණ්ඩායමක් වන බ්‍රොක්ලයින් නෙට්ස් පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ක්‍රීඩකයන් සිවුදෙනා අතර 2014 වසරේ උතුරු ඇමරිකාවේ වෘත්තීය පැසිපන්දු ලීගයේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනු ලැබූ කෙවින් ඩුරාන් ද සිටීම විශේෂත්වයක්. කෙසේ නමුත් ඇති වී ඇති මෙම තත්ත්වය හේතුවෙන් ඇමැරිකානු ජාතික පැසිපන්දු සම්මේලනය සංවිධානය කරන සියලුම පැසිපන්දු තරගයන් අත්හිටුවීමටද තීරණය කර ඇත.

මේ අතර බේ‍රාක්ලයින් නෙට්ස් පැසිපන්දු ක්‍රීඩා සමාජය විසින් වැඩිදුරටත් කියා සිටියේ තම ක්‍රීඩා සමාජය නියෝජනය කරන සියලුම ක්‍රීඩකයන් සමාජ ඇසුරකට නොගොස් හුදෙකලාව සිටින බවත්, කණ්ඩායමේ වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා බවත්ය.

Share with Friends

%d bloggers like this: