Menu Close

PSL ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩකයාට කොරෝනා වැළඳෙයි.

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදී අසනීප තත්ත්වය හේතුවෙන් නැවත එංගලන්තයට පැමිණි ඇලෙක්ස් හේල්ස්ට කොරෝනා හෙවත් කොවිඩ්-19 වැලඳී ඇති බව සනාථ වී තිබෙනවා.

ඒ අනුව එම තරගාවලියේදී උණ තත්ත්වයක් හට ගැනීම නිසා ඉදිරි තරග සඳහා සහභාගි නොවුණු හේල්ස් යළිත් එංගලන්තය බලා නික්ම ගියේය. ඒ අනුව එංගලන්තයට පැමිණි හේල්ස්ගේ එම රෝග ලක්‍ෂණ වර්ධනය වෙමින් පවතින හෙයින් මේ වනවිටත් ඔහුගේ නිවසේම ස්වයං හුදෙකලා වී ඇත.

කෙසේ වෙතත් මෙම තරගාවලිය (පාකිස්තානු සුපර් ලීග්) අතරතුර ක්‍රීඩකයකු මෙම රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන බව එහි සංවිධායකයෝ පැවසූ නමුත් එම ක්‍රීඩකයාගේ නම හෙළි කර තිබුණේ නැහැ.

එහෙත් හේල්ස්ගේ රෝග ලක්‍ෂණ දරුණු අතට පැමිණීමත් සමඟ මෙම රහස හෙළි කිරීමට සංවිධායකවරුන්ට සිදුවූ අතර මේ හේතුවෙන් මෙම තරගාවලියේ ඉදිරි තරග (අවසන් පූර්ව හා අවසන් තරගය) දින නියමයක් නොමැතිව කල් දැමීමටද තීරණය කර තිබෙනවා.

Share with Friends

%d bloggers like this: