Menu Close

කොරෝනා නොසලකා ඔලිම්පික් පවත්වන්න හදූ ජපන් ලොක්කාට සිද්ධ වුන දේ.

කොරෝනා වෛරසයේ බලපෑමට යටත් නොවී යොදාගත් පරිදි යොදාගත් දිනවලටම ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම පිණිස ජපාන ඔලිම්පික් සංවිධායකයන් කටයුතු යොදමින් සිටියදී ජපාන ඔලිම්පික් කමිටුවේ උපප්‍රධානී කොසෝ තශිමා මහතාට ද කොරෝනා වෛරසය වැලඳී ඇතැයි වාර්තා වෙනවා.

ජපාන පාන්දු සංගමයේ සභාපතිවරයා ද වන කොසෝ තශිමා, පාපන්දු සම්බන්ධයෙන් සහ සිය ව්‍යාපාරික අවශ්‍යතාවක් මත ඉකුත් දිනවල යුරෝපයේ සහ ඇමරිකාවේ සංචාරයක නිරතව තිබෙනවා.

ඊයේ නිවේදනයක් නිකුත් කරමින් තමන්ට කොරෝනා වෛරසය වැලඳී ඇති බව ප්‍රකාශ කර ඇති කොසෝ තශීමා මහතා ඉකුත් දිනවල සිය ගමන් යෙදුණු ආකාරයද එහි සඳහන් කර තිබෙනවා. ඒ අනුව උතුරු අයර්ලන්තයේ ඉකුත් පෙබරවාරි 29 වැනිදා පැවැති (පාපන්දු නීති සැකසීම වෙනුවෙන් වූ) ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලයේ නිලවරණයට සහභාගිවීමට ප්‍රථම ඔහු සිය ව්‍යාපාරික කටයුතු වලට අදාළ සංචාරයක නිරතවී තිබෙනවා.

අනතුරුව නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් වෙත ගොස් ඇති ඔහු යුරෝපා පාපන්දු සංගමයේ රැස්වීමක් හමුවේ 2023 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දිනාගැනීම සඳහා වන ඉදිරිපත් කිරීමක් ද සිදුකර ඇත. “මාර්තු මුල වන විට ඇමස්ටර්ඩෑමයේ සහ යුරෝපයේ කොරෝනා වෛරසය ගැන මේ දිනවල වගේ බියක් ඇතිවෙලා තිබුණේ නැහැ. හැමකෙනෙක්ම අතට අතදීම්, සිප වැලඳගැනීම් කරනවා” යැයි ද තශීමා මහතා සිය නිවේදනයේ දක්වා තිබේ.

පසුව ඔහු නෙදර්ලන්තයෙන් පිටත්ව ඇමරිකාව බලා ගොස් එහි සංචාරයක නිරතව ජපාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තරගයද නරඹා මාර්තු 8 වැනිදා නැවතත් ජපානය බලා පැමිණ ඇත.

අනතුරුව ජපාන ඔලිම්පික් උපසභාපතිවරයාට කොරොනා රෝග ලක්ෂණ මතුව ඇති අතර ඔහුට එම රෝගය වැලඳී ඇති බව සනාථ වීමත් සමග ජුලි මස 24 වැනිදා ඇරඹී අගොස්තු මස 9 වැනිදා පැවැත්වීමට දින නියමවී ඇති 2020 ඔලිම්පික් උළෙල යොදාගත් පරිදි පැවැත්වෙන්නේද යන්න තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

Share with Friends

%d bloggers like this: