Menu Close

 කොරෝනා කොයිබටද – වැදගත් වීඩියෝවක් ….

                              3සරළව පින්තුර සමඟ පෙන්වා ඇති මේ වීඩියෝව බැලීම වටී. එයින් ගත් පින්තුර කීපයක් මෙහි දමා ඇත. චීනයේ  ජනවාරි 1-10 අතර තිබුණු 16% මරණ සංඛ්‍යාව, පෙබරවාරි 1 වනදා වන විට 0.8 ට අඩු වූයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හොඳ කම නිසාම නොව, සෞඛ්‍ය ආරක්ෂා ක්‍රමද ඔවුන් මැනැවින් පිළිපදින හෙයිණි.

කෙනෙක්ගෙන් තව කෙනෙක්ට රෝගය පැතිරෙන ආකාරය [Local transmission] වලින් පසු ඒ අයගෙන් සමාජයකට රෝගය පැතිරීම [Community transmission] වීම වළක්වා ගැනීමට කල යුතු දේ වන්නේ හැකිතාක් ගමන් බිමන් යෑම නැවැත්වීමත්, ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වැළකීමත්, හැකිතාක් එකිනෙකාගේ අඩුම වශයෙන් අඩි 6ක් දුරින් සිටීමත් වැනි සෞඛ්‍යාරක්ෂක ක්‍රම පිළිපැදීම යන්නෙනි. 

මෙහිදී ක්‍රමානුකූලව මෙන්ම ස්ථානයෙන් ස්ථානයට යන්නට සිදු වූ විට, අත් සේදීම, මුඛ ආවරණ භාවිතයට වඩා වැදගත් වන බව පෙනේ. මුඛ ආවරණයකින් ප්‍රධාන වශයෙන් වන්නේ, තමාට යම් හෙයකින් රෝහය තිබේ නම් එය තවත් කෙනෙක්ට යෑම වැළැක්වීමය. අනවශ්‍ය සේ නොයෙක් තැන ඇල්ලීම, උදාහරණයක් සේ බස් නැවතුම් පොළක නම් එහි අත්වැල ඇල්ලීම වැනි දෑ කල යුතු නැත.

මේ රෝගයේ ලක්‍ෂණ පෙනේ නම්, දින දොළහක ස්වයං නිරෝධනයකට ලක්ව සිටීම අන් බොහෝ දෙනාට කරන සේවයකි.

ඔබටත් වෙලා තිබේ නම් මේ වීඩියෝව බැලීම ප්‍රයෝජනවත් විය හැක.       

 

https://www.youtube.com/watch?v=JKpVMivbTfg&feature=share&fbclid=IwAR0KRvolf5ognPUR2cMo2RbomgWd71mFWKO30-thUt7Yg7ZM9ld_DBRbf5A

%d bloggers like this: