Menu Close

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වසා දමයි.

කොරෝනා වයිරසය ඉන්දියාවේ පැතිර යෑමත් එමඟිින් සිදුවන හානිය අවම කර ගැනීමේ අරමුණ ඇතිව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල කාර්යාලය ඊයේ සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තම සේවකයන්ට දන්වා ඇත්තේ කාර්යාලය වෙත වාර්තා නොකරන ලෙසත් තමන්ගේ රාජකාරි කටයුතු නිවසේ සිට අන්තර්ජාලය මඟින් සම්බන්ධවීමෙන් අනතුරුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදා ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරියා විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙවැන්නකි. “කොවිඩ් – 19 වයිරසයේ බලපෑම නිසා ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන කාර්යාලය වසා දැමීමට අප පියවර ගත්තා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් පාලක මණ්ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණීමට අවශ්‍ය සේවකයන්ට ඒ සඳහා දැඩි සෞඛ්‍ය ආරක්ෂක උපාය මාර්ග යටතේ තම කටයුතු ඉටු කිරීමේ හැකියාව පවතිනවා.” යනුවෙන් සඳහන් කර තිබිණි.

Share with Friends

%d bloggers like this: