Menu Close

ඉන්දියාව සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන නවතාදමයි.

ලොවපුරා වසංගතයක ආකාරයෙන් පැතිරයන COVID19 නැතිනම් කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව සියළුම සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන නවතා දැමීමට තීරණය කරයි. ඒ අනුව අද (මාර්තු 19) සිට මාර්තු 31 වැනිදා දක්වා එම නිෂ්පාදන කටයුතු සියල්ල නවතා දැමෙන බව ඉන්දියානු නිෂ්පාදකවරුන්ගේ සංගමය සහ අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නිවේදනය කරනවා. රටට ඩොලර් මිලියන ගණනක පාඩුවක් ගෙනදෙන තීරණයක් වුවද වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා ඒකමතිකව මෙම තීරණයට එළඹි බව ඔවුන් සිය සම්මාජ ජාලා මාධ්‍ය අවකාශයන්හි සඳහන් කොට තිබුනා.

ඉන්දියාව තුළ සහ විදේශයන්හි මේ වනවිට රූගත කිරීම් සිදුවන නිර්මාණයන්හි එම කටයුතු නවතා දැමීමට දින තුනක කාලයක් ලබාදී ඇති බවත් සඳහන් වනවා. මෙම තීරණය හේතුවෙන් බලපෑමට ලක්වන නිර්මාණ අතර අමීර් ඛාන් රඟපෑ Motion pictures Forrest Gump හි ප්‍රතිනිර්මාණයක් වන Laal Singh Chaddha චිත්‍රපටයද වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. චිත්‍රපටයේ තුන්වැනි අදියරේ රූගත කිරීම් කටයුතු සිදුවෙමින් පැවති බව සඳහන්.

වසරකට චිත්‍රපට 1000කට අධික ප්‍රමාණයක් තිරගත කෙරෙන සිනමා කර්මාන්තයක් ඇති ඉන්දියාවට, වෛරසය හේතුවෙන් තිරගත කිරීමට නියමිතව තිබූ චිත්‍රපට කිහිපයක්ම කල්දැමීමට සිදුව තිබෙනවා. කේරලය සහ දිල්ලියේද සිනමා ශාලා වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කොට ඇත.

මාර්තු 16 වැනිදා වනවිට ඉන්දියාවේ තහවුරු කරගෙන ඇති කොරෝනා අසාධිතයින් ගණන 110ක් වූ අතර ඉන් දෙදෙනෙක් මියගොස් තිබිණි.

Share

%d bloggers like this: