Menu Close

සිංහයන් ක්‍රිකට් ලෝකය දිනා වසර 24 යි.

1996 කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ අලුත් පිටුවක් පෙරළුණු යුගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව වන්නේ 96 ලෝක කුසලානය දිනා ගත්තේ අද වැනි දිනයක වීමයි.

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 24ක් ගෙවී අවසන්. නමුත් තවමත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ මේ දවස ගැන තියෙන්නේ ආඩම්බරය මුසු වූ අභිමානවත් හැඟීමක්.

පකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමග වන අතර තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස් කර ගත්තා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මාර්ක් ටේලර් පන්දු 83කදී ලකුණු 74ක් රැස් කර ගත් අතර ඊට හතරේ පහර 8ක් සහ එක් 06 පහරක් ඇතුළත්. එම තරගයේදී රිකී පොන්ටින් ලකුණු 45ක් රැස් කරගෙන තිබුණා.

පන්දු යැවීමේදී අරවින්ද ද සිල්වා විසින් කඩුලු 3ක් දවා ගනු ලැබු අතර සනත් ජයසූරිය, කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කළා. ඒ කඩුලු 7ක විශිෂ්ඨ ජයක් අත්කර ගනිමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළ අතර ඊට හතරේ පහර 13ක් ඇතුළත්. අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක් රැස් කර ගත්තා

එම තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය අරවින්ද ද සිල්වා. සනත් ජයසූරිය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණා.

1996 ලෝක කුසලානය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින්

  • අර්ජුණ රණතුංග (නායක)
  • අරවින්ද ද සිල්වා (උප නායක)
  • අසංක ගුරුසිංහ
  • රොෂාන් මහානාම
  • හෂාන් තිලකරත්න
  • සනත් ජයසූරිය
  • රොමේෂ් කලුවිතාරණ
  • ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
  • මුත්තයියා මුරලිදරන්
  • චමින්ද වාස්
  • කුමාර ධර්මසේන
  • රවීන්ද්‍ර පුෂ්පකුමාර
  • මාවන් අතපත්තු
  • උපුල් චන්දන

Share with Friends

%d bloggers like this: