Menu Close

රුසියා-තුර්කි ඉඩ්ලිබ් එකඟතාවයේ අනාගතය

escalation-or-de-escalation-prospects-of-russian-turkish-idlib-agreement

මාර්තු 9 වෙනිදායි ඇරඹුණු සතිය තුල ඉඩ්ලිබ් හි රුසියා-තුර්කි සටන් විරාමය සියලු අපහසුතාවයන් මධ්‍යයේ ක්‍රියාත්මක වෙමින් තිබිණි.රජයේ සහ තුර්කි ප්‍රොක්සි හමුදා පාලන ප්‍රදේශ වෙන් කරන සීමාවේ තත්ත්වයද සාමකාමී විය.සිය සටන්කරුවන් නැවත සපයා ගැනීම,මාරු කර ගැනීම  සහ උපකරණ අලුත්වැඩියා කිරීම සහ අලුත් යුදෝපකරණ ගෙන්වා ගැනීම ආදිය සිරියානු හමුදාවට මෙන්ම තුර්කි ප්‍රොක්සි හමුදාවන්ටද කරගන්නට මේ සටන් විරාමය හරහා ඉඩ ලැබේ.වරින් වර ගිනිකොණදිග ඉඩ්ලිබ් හි සහ බටහිර ඇලෙපෝ හි ගැටුම් ඇති වුවත්,ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබිණි.

ඉඩ්ලිබ් සන්නද්ධ කණ්ඩායම් සහ තුර්කිය යන පාර්ශ්වයත්,සිරියාව,රුසියාව සහ ඉරානය යන පාර්ශ්වයත් අතර අර්බුදයේ විශාල කොටසක් මේ වෙද්දී මාධ්‍ය වෙත මාරු වී තිබෙන්නේ සටන්විරාමය හේතුවෙනි.මොස්කව් හිදී එර්ඩොගන් සහ පුටීන් කුමක් සඳහා එකඟවුවද සිය ස්ථානවලින් අගලක් හෝ පසුබසින්නේ නැතැයි හයාට් ටරිර් අල්-ෂාම්,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ අනෙකුත් කණ්ඩායම් අවධාරණය කලහ.’රුසියානු ආක්‍රමණිකයෝ’ පැමිණියහොත් ඔවුන්ව මැඩපවත්වන්නේ යැයි තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය පැවසීය.එම කණ්ඩායමේ ප්‍රධාන කඳවුරු පිහිටා තිබෙන්නේ රුසියා-තුර්කි සටන් විරාමයෙන් එකඟ වූ එම්4 මහා මාර්ගය මැදි කරගෙන පිහිටු වීමට බලාපොරොත්තු වන ආරක්ෂිත කොරිඩෝරය තුල සහ ජිස් ර් අල්-ෂුගුර් නගරය ආසන්නයේය.තුර්කි විදේශ අමාත්‍යවරයා නිවේදනය කල පරිදි ටෘම්බා සිට අයින් අල්-හවර් දක්වා රුසියා-තුර්කි මුර සංචාර මගින් ආවරණය කරන්නේ නම්,ඔවුන්ට තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂයේ පාලන ප්‍රදේශය හරහා ගමන් කරන්නට සිදුවේ.ඊට අමතරව,යෝජිත ආරක්ෂිත කලාපයෙන් සිය සටන්කරුවන්  හෝ බර අවි ඉවත් කර ගැනීම ඉඩ්ලිබ් හි විශාලතම සන්නද්ධ කණ්ඩායම් විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලදි.

මාර්තු මාසයේ දෙවන සතිය තුල රුසියානු හමුදා පොලිසිය සුපුරුදු පරිදි එම්5 මාර්ගය ඔස්සේ උතුරුට සහ සරාකිබ් නගරයේ දකුණු කොටසේ මුර සංචාර සිදු කලේය.යෝජිත ආරක්ෂිත කොරිඩෝරය තුල රුසියානු හමුදාව ,තුර්කි හමුදාව සමග ඒකාබද්ධ පළමු මුර සංචාරයේ නිරත වීමට තිබෙන්නේ මාර්තු 15දාය.ඉඩ්ලිබ් හි අලුත් සටන් විරාමය රදා පවතින්නේ මෙම ප්‍රයත්නයේ ප්‍රතිඵලය මත යැයි බැලූ බැල්මට පෙනේ.

මෙහිදී පහත අනුමාන තුන බලාපොරොත්තු විය හැකිය.

1.හයාට් ටරිර් අල්-ෂාම්,විමුක්තිය සඳහා ජාතික පෙරමුණ සහ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය අද්භූත ලෙස එම්4 මාර්ගය ඔස්සේ සහ එහි දකුණු කොටසින් අතුරුදහන් වේ.ආරක්ෂිත කලාපය සාර්ථකව පිහිටුවා ඒකාබද්ධ රුසියා-තුර්කි මුර සංචාර ආරම්භ වනු ඇත.ඒ හරහා,උතුරු ලටාකියා සහ දකුණු හා නැගෙනහිර ඉඩ්ලිබ් හි හි වාතාවරණය සාමකාමී අතට හැරේ.එම ප්‍රදේශයේ ස්ථිර සටන්විරාමයක් ඇති කර ගනු ලැබේවි.රජයේ නියෝග ක්‍රියාත්මක කිරිමට තවදුරටත් සන්නද්ධ කණ්ඩායම් සමග ගනුදෙනුවකට යෑමේ උත්සාහයට නැවතීමේ තිත තබන්නට තුර්කිය ක්‍රියා කරනු ඇත.සෛද්ධාන්තිකව තුර්කියට වසර 2-3කාලයක්  තිබේ නම් අල්කයිඩාවලට සම්බන්ධ කණ්ඩායම් මැඩලා අතිශය භයානක ත්‍රස්තවාදීන් බල රහිත කිරීමට එරටට හැකිය.

සිය බලය ප්‍රදේශය තුල තහවුරු කිරීම සඳහා අන්කාරා රජය ඉඩ්ලිබ් හි සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයෙන් ත්‍රස්තවාදී තර්ජනය ඉවත් කිරීමට කටයුතු කරාවි.ඉන්පසුව,සිරියානු අර්බුදය දේශපාලනික විසදුමකින් නිමා කිරීමේ සාකච්ඡාවලදී තුර්කිය එම ප්‍රදේශය වාසියක් ලෙස භාවිතා කරයි.එවැනි විසඳුමකට නොපැමිණියහොත්,මෙම ප්‍රදේශ සිය රටට ඈදා ගැනීමට තුර්කියට යොමු වෙවි.

2.අන්තවාදී සටන්කාමී කණ්ඩායම් දිගටම එම්4 මාර්ගය ඔස්සේ රැඳී සිටීවි.ආරක්ෂිත කලාපය නමට පමණක් සීමා වනු ඇත.සටන්කාමීන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාර සම්බන්ධ තර්ජනය හේතුවෙන් ඒකාබද්ධ රුසියා-තුර්කි මුර සංචාර එම ප්‍රදේශයේ සිදු කිරීම කල නොහැක්කක් වේවි.ඒවා නොසලකා හරිමින් මුර සංචාර දියත් කලහොත් රුසියානු හමුදා පොලිසියේ සාමාජිකයන්ට හානි ගෙන දෙන සිදුවිම්වලට මුහුණ දෙන්නට වේවි.එවැනි සිදුවීමට රුසියාව දක්වන ප්‍රතිචාරය වනුයේ සටන්කාමීන්ට එරෙහි මහා පරිමාණ බෝම්බ හෙළීමේ ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමයි.ඉන්පසුව,අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් මැඩපැවැත්වීමේ අවසන් අවස්ථාව තුර්කියට ලැබේවි.එය සිදු නොවන්නේ සිරියානු හමුදාව රුසියාවේ පූර්ණ සහාය ඇතිව ඉඩ්ලිබ් හි මෙහෙයුම් නැවත ආරම්භ කිරීම නිසාය.

3.මෙහි දෙවන අනුමානය ගැන රුසියානු,තුර්කි නායකයන් සම්පූර්ණ අවබෝධයකින් පසුවේ.අන්තවාදීන් පසුබැසීම ප්‍රතික්ෂේප කලහොත් අන්කාරා සහ මොස්කව් රජයන් මුර සංචාර කල්දමනු ඇත.ඔවුන් ඉදිරි ආරක්ෂක වළලුවල සටන් නැවැත්වීමටත්,ප්‍රශ්නයට පිළිගත හැකි විසදුමක් සොයාගන්නටත් කටයුතු කරාවි.කෙටි කාලීනව එමගින් සටන් විරාමය බිඳ නොවැටී තිබෙනු ඇත.නමුත් අතරමැදදී,අලුත් ගැටුමක් ඇවිල යාමට එය හේතුවක් වේවි.කලාපය ත්‍රස්තවාදීන්ගේ භාරයේ පවතින තාක් කල් ඩැමැස්කස් රජයත්,ඉඩ්ලිබ් හි මධ්‍යස්ථ කැරලිකරුවනුත් අතර දේශපාලනික විසදුමක් ඇති වීම සහ රට තුල සාමකාමීන් ජිවිපෙවෙතක් ඇති වීම සිදුවිය නොහැක්කකි.

source:southfront.org

%d bloggers like this: