Menu Close

දැල්පන්දු ක්‍රීඩිකාවන්ට දීර්ඝ නිවාඩුවක්.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාතික දැල්පන්දු සංචිත ඇතුළු සියලුම ජාතික දැල්පන්දු සංචිත සඳහා අද (17 වැනිදා) සිට මාසයකට ආසන්න කාලයක විවේකයක් ලබා දීමට තීරණය කර ඇති බව දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය පවසනවා.

වසර 2ක කාලයක් පුරා පුහුණුවීම සිදුකරමින් සහ ක්‍රීඩා නේවාසිකාගාර වල රැඳී සිටින ක්‍රීඩිකාවන් මෙලෙස ඊයේ (16 වැනිදා) දිනයේදී නේවාසිකාගාර වලින් බැහැරව ගොස් ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ශූරතාව සහ ක්‍රීඩිකාවන්ගේ ඉදිරි පුහුණු කටයුතු සම්බන්ධයෙන් දැල්පන්දු සම්මේලනයේ සභාපතිවරියගෙන් කළ විමසීමකදී

‘ඇත්තටම මේ ක්‍රීඩිකාවෝ කාලයක පටන් ආසියානු ශූරතාවට මහන්සි වෙනවා. ආසියානු ශූරතාව ගැන අපි ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියා. නමුත් එය බොහෝවිට අවලංගු වේවි. කොහොමත් මේ අයගේ අවුරුදු නිවාඩුව ලබා දෙන්න තියෙද්දී වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක මම හිතුවා මේ අවස්ථාවේ ඉඳන්ම විවේකය ලබා දෙන්න’ යනුවෙන් පැවසුවාය.

මෙම විවේකය හේතුවෙන්, ආබාධ සහිත ක්‍රීඩිකාවන් සහ අත්‍යවශ්‍ය ක්‍රීඩා වෛද්‍ය උපදෙස් ලැබිය යුතු ක්‍රීඩිකාවන් හට තම වෛද්‍ය කටයුතු අඩාල වේද යන්න විමසීමේදී ‘නෑ. ඇත්තටම අත්‍යවශ්‍ය ක්‍රීඩා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ක්‍රීඩිකාවන්ට අපි අවසර දීලා තියනවා සායන වලට සහභාගි වෙන්නට. ඒ හැරුණු විට ක්‍රීඩිකාවන්ට නිවසේ සිටම තම ශරීර යෝග්‍යතාව පවත්වාගන්නටත් අපි උපදෙස් දීලා තියෙන්නේ’ යැයි ලක්ෂ්මි මහත්මියගේ පිළිතුර විය.

Share with Friends

%d bloggers like this: