Menu Close

කොරෝනා කොයිබටද ?

3ලංකාව ඝර්ම කලාපීය රටක් නිසා කොරෝනා වෛරසය පැතිරීම අඩු වේ යයි සමහරු විශ්වාස කරති. කෙසේ වුවද පහත සටහන් කර ඇති ලින්ක් එක අනුව නම් ලෝකයේ අද තත්වය නම් එතරම් හොඳ නැත. මේ දක්වා ඇති සිතියම අනුව කොරෝනා රෝගීන් වැඩියෙන් සිටින රටවල් පෙනී යයි. තවද චීනයේ කොරෝනා රෝගය මර්දනය වීමට සමගාමීව, ලෝකයේ අන් රටවල් වල කොරෝනා රෝගය පැතිරීම විශාල සේ වර්ධනය වූ බවක් අනෙක් පින්තුර වලින් පෙනී යයි.

මේ සමඟ පෙන්වා ඇති ‘Total confirmed Coronavirus cases’ යන රූපය නිරීක්ෂණය කලවිට නම් ඇත්තටම අනාගතයේ තත්වය ගැන බියක් උපදී. එය අද දින [2020 මාර්තු 15] තත්වය පෙන්වයි. රතු පාටෙන් දැක්වෙන්නේ චීනය හැර ලෝකයේ තත්වයයි. ඒ රතුපාට රේඛාව Y අක්ෂයේ ඉහළට යොමුව ඇත. එනම් තවත් දින හතරකින් පමණ මේ රෝගීන් ප්‍රමාණය විශාල සේ වැඩි වනු ඇත.

මේ පහත ලින්ක් එක බැලූ විට එය වැඩිදුර වටහා ගත හැක. මේ තත්වය නම් එතරම් හොඳ නැති බවක් පෙනේ.   

[Source:- Center for Systems Science and Engineering at Johns Hopkins University; Local governments.]

https://www.nytimes.com/interactive/2020/world/coronavirus-maps.html  

%d bloggers like this: