Menu Close

ක්‍රිකට් ආයතනයට වෙඩි නොවදින රථ මිලදී ගැනීම ගැන සභාපති හෙළිකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙඩි නොවදින රථ මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව මේ වනවිට සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද විමසීමකදී එහි සභාපති ශම්මි සිල්වා පැවසුවේ එලෙස කිසිඳු පියවරක් මේ වනතෙක් ගෙන නොමැති බවයි.

මේ අතර මේ වනවිට මුලිකත්වය ගනු ලබන්නේ පැතිරයන කොරෝනා වෛරසයෙන් ක්‍රීඩකයින් මුදාගැනීමට බවත් ඒ වෙනුවෙන් මේ වනවිට විවිධ පියවර අනුගමනය කර ඇති බවත් ඔහු සඳහන් කළා.

ඒ අනුව සතියක කාලයක් සියලු ක්‍රිකට් ක්‍රීඩකයින් හට පුහුණු වීම් තහනම් වන අතර ඉන් අනතුරුව ගත යුතු පියවර පිළිබඳව ඔවුන් සාකච්ඡා කරනබවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

Share with Friends

%d bloggers like this: