Menu Close

බළළා මැටියෙන් වුනත් මොකද මීයො අල්ලනවනම්

පසුගිය දිනවල ස්වාමීන් වහන්සේ නමක්   ධර්ම දේශනාවන්වලදී  කළ අදහස් දැක්වීම්  අල්ලගෙන පිරිසක්  බුකිය දෙවනත් කල බව අපි දනිමු.එහෙත්  අප කළ යුත්තේ වචනාර්ථය ගැනීම නොව අභිලාශය තේරුම් ගැනීමයි. එසේ නොවුනහොත් ස්වාමීන් වහන්සේගේ අදහසට විසුලු සහගත තේරුමක් ලැබෙනු නො අනුමානය.

ප්‍රස්තුත කතාව 

සැමියා බිරිදට තේ හදා දුනහොත් බිරිද අපායෙ යයි.

මේ අදහස බොහෝ ඊනියා නූතනවාදීන්ගේ බයිට් එකක් වීම නො වැලැක්විය හැක. එහෙත් ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන්නට හැදුවේ කුමක්ද ?

ටෙලි නාට්‍ය බලන්නට ඇබ්බැහිවී නිවසේ වැඩ මුලුමනින්ම අතපසු කරන කාන්තාවන්ට ඔවදනක් දීමය. මුලුමනින්ම කියන වචනය හයිලයිට් කරගන්න. නැත්නම් ඇතමෙක් මේ වාක්‍ය පසුපසද එලවීමට ඉඩ ඇත. පුරුෂයෝ මත්පැන් වැනි දුරාචාරවලට ඇබ්බැහිවී පවුලේ වගකීම් පැහැර හරිති. ඒවාටද මෙසේ ඔවදන් දී ඇත.මෙයද එවැන්නකි. උන් වහන්සේ  උග්ගහ සූත්‍රයෙන් මූලාශ්‍රයක් ගෙන ඇත. ඉදින් ස්වාමීන් වහන්සේ නමක් දහම් දෙසන විට මූලාශ්‍ර ගත යුත්තේ බුදු බනෙන් මිස වෙන කොහින්ද ?

නූතන උපදේශන සේවය මීට වඩා සුදුසු නැද්ද

නැත. ලංකාවේ උපදේශනය ජනප්‍රිය නැත. ආගමික සමාජයක ආගමට උපදේශනයට වඩා දෙයක් කළ හැක.අනෙක් අතට මේ දෙසුම කලේ සාමාන්‍ය බුද්ධියක් ඇති ගෘහිනියන් පිරිසකටය.සෝප් ඔපෙරාවලට ඇබ්බැහි වී සිටින්නේ ඔවුන්ය.   ඔවුහු ඉහලට ඉගෙන ගත් අය නොවේ.බුකියේ දාර්ශනිකයන් කලබල විය යුතු නැත. 

අනෙක් කතාව 

විවාහ වී දරුවන් දහ දොලොස් දෙනෙක් ලැබුවත් සැමියාගේ ඇඟ දැක නැත කීම විසුලු සහගත නොවේද?

ස්වාමීන් වහන්සේට අවශ්‍ය වුනේ කාමය අංක එක නොවන බව කීමටටයි. මේ දහම දෙසුම කලේ පාසල් යන නව යව්වන යව්වනියන් පිරිසකටය. රූම් යමින් සිසුවියන් තම ජීවිත නාස්තිකර ගැනීම ගැන ඔබලාත් මැසිවිලි නැගුවා නේද ? දරුවන් අපචාරයට ලක්වෙම ගැන ඔබ විලාප දුන්නා නේද ?ඒවාට තමා මේ බේත දෙන්නේ.

පසුව ලියමි.

මේ පෝස්ට් එක බුකියේ වයිරල් වූ තේ පෝච්චියේ ගැටුම හා ඇඟ දැකපු නැති කතාව දන්න අයටය. අනෙක් අයට මෙය තේරුම් ගත නොහැකිවනු ඇත. එහෙත් බ්ලොග් කියවන අය බුකියේද ස්ථිර පදිංචිකරුවන් බව  මම දනිමි.
%d bloggers like this: