Menu Close

ඉරාන ප්‍රොක්සි හමුදාවන්ගෙන් ඉරාකයේ සන්ධාන හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

iranian-backed-forces-raise-stakes-rocket-attack-kills-several-u-s-coalition-troops-in-iraq

මාර්තු මස 11දා පස්වරුවේ ඉරාකයේ ටාජි හමුදා කඳවුරට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල විය.එහිදී ඇමෙරිකානු සෙබලුන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය සෙබලෙක් මරණයට පත් වූ අතර දොළොස්දෙනෙක් තුවාල ලැබූහ.ඉලක්කය බවට පත් වූ කඳවුර පිහිටා තිබෙන්නේ ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර් 27ක් උතුරින්ය.

රොකට් ප්‍රහාරයෙන් පසුව,ඒ සඳහා භාවිතා කල රොකට් විදිනයක් සහිත ට්‍රක් රථයක් රෂිඩියා ප්‍රදේශය ආසන්නයෙන් සොයා ගන්නට ඉරාක ආරක්ෂක අංශ සමත් වූහ.කියා බැන්ගෝ ට්‍රක් රථයක සවි කර තිබූ මෙම රොකට් විදිනයේ එක් බැරලයක් විශ්කම්භය මි.මී. 107කි.රොකට් විදිනය සොයා ගන්නා විට එහි රොකට් තුනක් ඉතිරිව තිබිණි.

ප්‍රහාරය සිදුවූ වහාම එහි වගකීම කිසිවෙක් හෝ භාර ගත්තේ නැත.කෙසේවෙතත්,පසුගිය මාස කිහිපය තුල එක්සත් ජනපද ඉලක්ක වෙත මීට සමාන රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල විය.ඉන් බොහොමයක් ජීවිත හානි ඇති නොකලහ.මෙම ප්‍රහාරවලට වගකිව යුතු යැ‍යි එක්සත් ජනපද මූලාශ්‍ර චෝදනා කරන්නේ කටයිබ් හිස්බුල්ලා ඇතුලුව ඉරානයට සම්බන්ධ කණ්ඩායම්වලටය.

මෙම වාතාවරණයට හේතු වූයේ 2020 ජනවාරි 3දා ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් පිටත් වූ ඉරානය සහ සහ ඉරාක නිලධාරීන්ගේ රථ පෙළක් ඉලක්ක කර එක්සත් ජනපදයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.මෙම ප්‍රහාරයෙන් ඉරාන ජෙනරල්,කුඩ්ස් බලකා හි ප්‍රධානී,කසෙම් සුලෙයිමානි ඝාතනයට ලක් විය.මෙම ඝාතනයත් සමග කලාපය තුල දැවැන්ත අර්බුදයක් ආරම්භ වූයේ,ඉරානය ඊට පළිගැනීමක් වශයෙන් ඉරාකයේ ඇමෙරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.සිය හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර නොදැක්වූ එක්සත් ජනපදය,තමන්ට එල්ල වූ පීඩනය මකා ගත්තේ ඉරාන මිසයිල ප්‍රහාරවලින් සෙබලුන්ට හානි නොවූ බව පවසමින්ය.කිසිදු හානියක් නොවූ බව මුලදී කීවද,පසුව එය 110 දක්වා ඉහළ නැංගේය.නිල ප්‍රකාශයට අනුව ඔවුන් සියලුදෙනාම පිපිරීම් නිසා මොළයට හානි වූවන්ය.

ඊට අමතරව,සියලුම ඇමෙරිකානු සෙබලුන් රට හැර යා යුතු යැ‍යි කියමින් ඉරාක පාර්ලිමේන්තුව කෙටුම්පතක්ද සම්මත කරගත්තද,එය එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරමින්,ඉරාකයට විනාශකාරී සම්බාධක පණවන බවයි.තව ඉරාකය වෙනත් අයෙකු යටතේ තිබෙනවා මෙන් නොව ස්වාධීන රාජ්‍යයක් ලෙස හැසිරිය යුතු බවද පැවසීය.

ටාජි කඳවුරට එල්ල වු ප්‍රහාරයෙන් පසුව, ‘නාදුනන ගුවන් යානයක්’,බොහෝවිට එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ යානයක් විසින් ඉරාක-සිරියා දේශසීමාවේ ඉරාන ප්‍රොක්සි හමුදා රැදී සිටින ස්ථාන වෙත පහර දුන්නේය.ඩීර් එසෝර් සහ බැග්ඩෑඩ් නගර යා කරන මාර්ගයේ පිහිටා ඇති සිරියාවේ අල්-බුකමල් නගරය සන්ධාන හමුදා ගුවන් ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය විය.ගුවන් ප්‍රහාරවලින් ජීවිත හානි සිදු නොවූයේ යැ‍යි ඉරානයට පක්ෂපාතී මූලාශ්‍ර පැවසූහ

ඒ අතරතුර අමතර හොවිත්සර අවි යොදවමින් ඊසානදිග සිරියාවේ සිය යුද ශක්තිය වර්ධනය කරන්නට එක්සත් ජනපද හමුද ක්‍රියා කලේය.ඇමෙරිකානු කඳවුරු වලට අමතර ආරක්ෂාව සැපයීම සඳහා මෙම යුදමය වැඩිදියුණු කිරීම් අවශ්‍ය යැ‍යි කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නිල ප්‍රකාශයකින් පැවසීය.ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනතන්ත්‍රය ප්‍රකාශයට පත් කල තවත් හමුදා ඉවත් කිරීමක් සාර්ථකව සිදුවෙමින් තිබෙන්නේ එලෙසය.

සිරියාවේ වයඹදිග ප්‍රදේශයද පසුගිය දිනවල උණුසුම් වූයේය.මාර්තු 11දා,අසාස් නගරයේදී තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් එකිනෙකා සමග ගැටුම් ඇති කර ගත්හ.සැමවිටම වාගේ මෙම සිදුවීමට හේතු වූයේ විවිධ වූ අපරාධයන්ට සම්බන්ධ සහ බලය පැතිරවීම වෙනුවෙන් ගැටුම් ඇති කර ගන්නා තුර්කි ප්‍රොක්සි කණ්ඩායම් අතර පරස්පරවිරෝධීතා නිසාය.

අල්කයිඩාවට සම්බන්ධ ඉඩ්ලිබ් හි තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම් තවත් සටන් විරාම ගිවිසුමක් කඩාකප්පල් කිරීම සඳහා සූදානම් වෙමින් සිටියි.ඔවුන් එම්4 මහා මාර්ගයේ උතුරු කොටසේ සහ ජිස් ර් අල්-ෂුගුර් හි නැගෙනහිර කොටසේ සිය ස්ථානවල ශක්තිය වැඩි කර ගැනීමට ක්‍රියා කලේ,තමන් මහා මාර්ගයේ දකුණු කොටසින් පසුබැසීමට කිසිවිටෙකත් සැලසුම් නොකරන බව අවධාරණය කරමින්ය.සටන්කාමීන්ගේ මෙම ප්‍රකාශය,ආරක්ෂිත කලාපය පිහිටුවීමට සූදානම් වන්නේ යැයිද,තුර්කි-රුසියා ඒකාබද්ධ මුර සංචාර ඇරඹීම සාර්ථක ක්‍රියාවට නැංවෙමින් තිබේ යැ‍යි ද තුර්කිය කරන ප්‍රකාශවලට පරස්පර විරෝධීය.එනමුත්,මොස්කව් එකඟතාවය උල්ලංඝනය කරන්නේ යැ‍යි තුර්කිය දිගටම සිරියාවට චෝදනා නගමින් සිරියානුවන්ට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නේ යැයි අනතුරු අගවයි.අන්තවාදීන් නිරායුද කර,පසුබැස්සවීමේ හැකියාව තිබියදී නැවත වරක් ගිවිසුම උල්ලංඝනය කරමින්,කලාපය අලුත් යුද්ධයකට ඇද දමන්නට තුර්කිය සූදානම් වේ.

source:southfront.org

%d bloggers like this: