Menu Close

2020 ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ පළමු අදියරත් අවලංගු කරයි.

2020 ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ පළමු අදියර අවලංගු කර තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය හේතුවෙනි. මෙම අදියර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙවර ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ සමාරම්භක අදියර ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබුණා.

එහි පුහුණු තරග අද පැවැත්වීමට නියමිතව තිබූ අතර කාල ගණන තරග පැවත්වීමට සැලසුම් කර තිබුණේ හෙට දිනයේදී.

කෙසේ නමුත්, එම අදියර අවලංගු කිරීමට සිදු වූයේ සත්කාරක ඔස්ට්‍රේලියාව තුළ ද මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබීම හේතුවෙනි.

මෙම ඔස්ට්‍රේලියා ෆෝර්මියුලා වන් ධාවන තරගයට එක්වන කණ්ඩායමක සාමාජිකයෙකු ද කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.

මෙවර ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ චීන අදියර ලබන මාසයේදී ෂැංහයිහිදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය කල් දැමූයේ ද මෙම කොරෝනා වෛරසය තත්ත්වය හේතුවෙන්.

Share with Friends

%d bloggers like this: