Menu Close

සුලෙයිමානි ඝාතනයේ පළිය:ඉරාකයේ සන්ධාන හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදා රැඳී සිටින ඉරාකයේ ටාජි කඳවුරට මාර්තු 11දා පස්වරුවේ රොකට් ප්‍රහාර එල්ල වී තිබේ.මෙම කඳවුර පිහිටා තිබෙන්නේ බැග්ඩෑඩ් අගනුවර සිට කිලෝමීටර් 27 උතුරින් පිටිසර ප්‍රදේශයකය.ඉරාක හමුදා මූලාශ්‍රවලට අනුව කඳවුරු භූමියට රොකට් දහයක් පතිත වී ඇත.නමුත් සන්ධාන හමුදාවට අනුව එම ගණන 15කි.ප්‍රහාරය එල්ල වී මිනිත්තු කිහිපයක් ඇතුලත මි.මී. 107 බැරල් සහිත රොකට් විදිනයක් ටාජි කඳවුර ආසන්නයෙන් සොයාගන්නට ඉරාක ආරක්ෂක අංශ සමත් විය.

taji-base

රොකට් විදිනය ස්ථාපනය කර තිබුණේ කියා බොන්ගෝ වර්ගයේ ට්‍රක් රථයකයි.එය සොයා ගන්නා විටදීත් රොකට් විදිනය තුල රොකට් තුනක් ඉතිරිව තිබිණි.

 රොකට්  විදිනය සහ ට්‍රක් රථය

පසුගිය මාස කිහිපය තුල ඉරාකයේ ඇමෙරිකානු සෙබලුන් රැඳී සිටින කඳවුරු සහ බැග්ඩෑඩ් හි ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සිටින ගොඩනැගිලි ඉලක්ක කර රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ නමුත් ඉන් කිසිවෙකුටවත් හානි සිදුනොවීය.

ටාජි කඳවුරට රොකට් ප්‍රහාර එල්ල කරන අයුරු

කෙසේවෙතත් පසුව වාර්තා වූයේ මාර්තු 11දා ප්‍රහාරයෙන් සන්ධාන හමුදා සෙබලුන් තිදෙනෙක් මරණයට පත් වූ බවයි.තවත් 12දෙනෙක් තුවාල ලබා ඇත.ඇමෙරිකානු බලධාරීන් තහවුරු කල පරිදි ප්‍රහාරයෙන් එක් ඇමෙරිකානු සෙබලෙක් සහ හමුදා කොන්ත්‍රාත්කරුවෙක්,බ්‍රිතාන්‍ය සෙබලෙක් මියගොස් තිබේ.

රොකට් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව නැගෙනහිර සිරියාවෙන් ගුවන් ප්‍රහාර මාලාවක් වාර්තා විය.සානා පුවත් සේවය පැවසුවේ ප්‍රහාරවල ඉලක්ක වූයේ සිරියා-ඉරාක දේශසීමාවේ අල්-බුකමල් නගරය ආසන්න ප්‍රදේශ බවයි.

ලෙබනනයේ අල්-මයාඩීන් පුවත් සේවයට අනුව ගුවන් ප්‍රහාර සඳහා ඩ්‍රෝන් යානා භාවිතා කර තිබේ.ඔවුන් පවසන පරිදි ඇමෙරිකානු ප්‍රහාර වලින් ජීවිත හානි වාර්තා නොවේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ඉරාකයේ කේ1 කඳවුරට එල්ල වූ මේ හා සමාන ප්‍රහාරය්කින් ඇමෙරිකානු හමුදා කොන්ත්‍රාත්කරුවෙක් මිය ගියේය.ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු ගුවන් හමුදාව එල්ල කල ප්‍රහාරවලින් සිරියාවේ සහ ඉරාකයේ සිටි PMU ඒකකවල ෂියා සටන්කරුවන් දුසිම් ගණනක් මරණයට පත් විය.

source:southfront.org

%d bloggers like this: