Menu Close

පාවෙන සූර්ය පැනල

14638777-7276-444A-B343E9BE00CD27E2_sourceසූර්ය පැනල, බල ශක්තිය ලබා ගැනීම සඳහා අඩුම වියදමකින් යුතුව අද දින භාවිතා කල හැකි බව කුඩා දරුවෙක් වුවද දන්නා දෙයකි. මේ තත්වය තවත් ප්රායෝගික වීමට වෙනත් තාක්ෂණික ක්රමද ඊට සම්බන්ද වීම සතුටකි. එයින් එක ක්රමයක් වන්නේ, සූර්ය පැනල ජලයේ පාවීමට සැලැස්වීමයි. මෙහි ප්රයෝජන කීපයකි. ඒවා නම්, සූර්ය පැනල හිරු තාපය නිසා රත් වීම වැළකීමෙන් ඒවායේ කාර්යක්ෂමතාවය වැඩි වීමයි. තවද ජලාශයක ඇති පෘෂ්ටය කියන්න තරම් ප්රයෝජනයක් නැති දෙයක් නිසා, ඒ ඉඩ ප්රමාණය සූර්ය පැනල සඳහා භාවිතා කිරීමයි.
 
අනෙක් ප්රයෝජනය වන්නේ, එම ජලාශයේ ඇති ජළය වාෂ්ප වීමට මේ පාවෙන සූර්ය පැනල ප්රයෝජනයක් වීමය. දළ වශයෙන් කිවහොත්, වැවක ඇති ජලය ඉන් ඉවත් වීමේ ක්රම තුනකි. තුනෙන් එකක් ජලය භූගත වේ. තුනෙන් එකක් ජලය අප විසින් ප්රයෝජනයට ගනු ලැබේ. ඉතිරි තුනෙන් දෙක වාශ්පීකරනය වේ. වැවක ජලජ ශාඛ වැවීමට එක හේතුවක් වන්නේ මේ අවසාන හේතුවයි. ජලජ ශාඛ වෙනුවට සූර්ය පැනල භාවිතය කිරීමෙන් ජලාශයේ ජළය වාෂ්පීකරණය අවමයක් වීමද, එම පැනල වලින් විද්යුත් ශක්තියද ගැනීමද යන කරුණු දෙකම ඉටු වේ.
 
අද දින සම්ප්රදායික බල ශක්තියට සූර්ය පැනල විශාල අභියෝගයක් වී ඇත. සූර්ය පැනල වල ඇති මේ ලාභය අද දින භාවිතා කරන එක් රටක් වන්නේ නෝර්වේය. විශාල ෆොසිල ඉන්ධන සංචිත ඇති නෝර්වේ වැනි රටක් සූර්ය පැනල මත යැපෙන්නේ නම්, අන් රටවල් ගැන කුමක් නම් කියමුද?…?
 
“Ocean Sun” යන නෝර්වේජියානු ආයතනය මේ පාවෙන සූර්ය පැනල, නෝර්වේ හී විදුළි බලාගාර වලට ජළය සපයන ජලාශ වල අතුරවන්නට පියවර ගෙන ඇත. වසර දෙකක් තිස්සේ කරන ලද පරීක්ෂණ සහ එහි නිරීක්ෂණ, නිගමන මේ ක්රමයේ සාර්ථකත්වය සනාථ කරයි.
 
සූර්ය පැනල ගැන සමහර බල ශක්ති ඉංජිනේරුවන්ගේ ආකල්ප පවා බොහෝ කණගාටු දායකය. සම්ප්රදානුකූල චින්තනයෙන් මිදීමට ඔවුන්ට හැකියාවක් නැතිවාක් මෙන් පෙනේ. මේ ගැන කියන්නට ඇති හොඳම සාධකය වන්නේ, සූර්ය පැනල වල මිළ මෙන්ම භාවිතය අඩු වූ ආකාරය වේ. ලෝකයේ තාක්ෂණය දියුණු වී, යම් යම් යම් තාක්ෂණ ක්රම හමස් පෙට්ටියට යන අතරේ, තවත් තාක්ෂණ ක්රම පැතිර යාමේ සීඝ්රතාවය සිය දහස් ගුණයෙන් වැඩිවීම සිතා බැලිය යුතුය.
 
උදාහරණ සේ, ස්මාර්ට් දුරකථනය, විදුළි වාහන හෝ ඩිජිටල් කැමරාව ගත හැක. එයට එකතු වන තවත් දෙයක් වන්නේ සූර්ය පැනලයි.
 
සූර්ය පැනල අනාගතයේ ව්යාප්ත වන ආකාරයට ලෝකයේ ව්යාප්ත වූ එක් දෙයක් නම් ‘ස්මාර්ට් දුරකථන ‘ වේ. 2007 වසරේ මොබයිල් දුරකථන වෙළඳපොළට පැමිණියේය. තවත් වසර දහයකින් මේ දුරකථන සංඛ්යාව බිලියන දෙක හමාරක් වේ යන්න වේ වේ යයි, එදා සිටි කිසි කෙනෙක් අනාවැකි කීවේ නැත. ලෝකයේ සිටින සෑම මිනිසුන් තිදෙනෙකුටම එක්කෙනෙක්ට අද දින දුරකථනයක් තිබේ. මේ ආකාරයටම සූර්ය පැනල ලොව ව්යාප්ත වන ආකාරයක ලකුණු පැහැදිළිව පෙනෙන්නට තිබේ.
 
මේ අනුව 2050 වසරේ බල ශක්තිය යන්න තව දුරටත් ලෝකයට ප්රශ්නයක් නොවන්නේ, 100% ක ශක්තිය සූර්ය සහ සුළං යන පුනර්ජනනීය බලයෙන් පමණක් ලබා ගත හැකි වන හෙයිනි. එවිට වාතයේ පිරිසිදු කම වැඩි වනු ඇත. කලකට පෙර නිදහසේ ගලා ගිය ඇළ දොළ ගංගා, එහි සුන්දර දිය ඇලි නැවත අප දකිනු ඇත.
 
එකම එක උදාහරණයක් කියන්නේ නම්, තලවාකැලේ ‘සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල’ අද දින හුදෙක් තෙත දිය පහරක් පමණි. බල ශක්තිය ලබා ගැනීම නිසා අද දින ජලය අඩු වූ මේ මන මෝහනීය දිය ඇල්ල, කලකට පෙර පළාතට ආභරණයක් වූ සම්පතක් විය.
 
මෙහිදී බල ශක්තියේ පරිසර හිතකාමී බව සහ ෆොසිල ඉන්ධන භාවිතය අවමයක් කර ශුන්ය කාබන් පාදය ලබා ගැනීමට, ප්රගතිශීලී රටවල් නම් සූර්ය පැනල භාවිතා කිරීමට උත්සාහ කෙරේ. නමුත් ලංකාව වැනි දූෂිත සහ මන්දගාමී රටවල් වල සූර්ය පැනල භාවිතය එතරම් ඉක්මනින් සිදු නොවනු ඇත. උදාහරණයක් සේ ඕස්ට්රේලියාවේ ග්රිඩ් බල ශක්තිය කිලෝ වොට් පැය එකකට ශත 29ක් වන අතර, සූර්ය බල ශක්තිය කිලෝ වොට් පැය එකකට ශත 11ක් පමණි.
 
නමුත් ලෝකය කරකැවෙන්නේ ආර්ථික හේතු මත නිසා, සූර්ය බල ශක්තිය ලබා ගැනීමට ලංකාවේ වුවද සාමාන්ය මහජනයාගේ ප්රබෝධයක් ඇතිවීම ආරම්භ වී තිබේ. ලංකාවේ නම් මෙය යටින් ඉහළට මිස, උඩින් පහළට කෙරෙන දෙයක් නොවේ.
.
%d bloggers like this: