Menu Close

තුර්කි හමුදාවට සිරියාවේදී අහිමි වූ සන්නද්ධ රථයක් රුසියාවේ මොස්කව් නගරයේ

captured-turkish-bmc-kirpi-vehicle-spotted-in-moscow

තුර්කි-සිරියා ගැටුම්වලදී සිරියානු හමුදාව අතට පත් වූ තුර්කිය ප්‍රමුඛ හමුදා භාවිතා කල “බීඑම්සී කිර්පි” නම් බිම් බෝම්බ වලට සහ රැක සිට සිදු කරන ප්‍රහාරවලට ඔරොත්තු දෙන නම් රථයක් රුසියාවේ මොස්කව් නගරයේ මාර්ගයක රැගෙන යන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තිබිණි.මෙම ඡායාරූප පළමුවරට දැකගත හැකි වූයේ රුසියානු නම් වෙබ් අඩවියේය.එය පළ කර තිබුණේ මාර්තු 13දාය.

මොස්කව් නගරයේ මාර්ගයක රැගෙන යමින් තිබූ කිර්පි සන්නද්ධ රථය

පසුගිය වර්ෂයන්හි සිරියාවේ ඇලෙපෝ සහ ඉඩ්ලිබ් හි සිය ‘මධ්‍යස්ථ ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වලට’ තුර්කිය විවිධ අවි සහ උපකරණ මහා පරිමාණයෙන් සැපයීය.මෙම අවි සහ වාහන වලින් වැඩි ප්‍රමාණයක් ඉඩ්ලිබ් හි ක්‍රියාත්මක අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම් අතට පත්ව තිබෙන අයුරු දැකගත හැකි වූයේ,ඉඩ්ලිබ් ප්‍රදේශයේදී අල්කයිඩාවත්,මධ්‍යස්ථ කැරලිකරුවනුත් අතර වෙනසක් නොමැති නිසාය.

captured-turkish-bmc-kirpi-vehicle-spotted-in-moscow
මොස්කව් නගරයේ මාර්ගයක රැගෙන යමින් තිබූ තුර්කි ‘කිර්පි’ සන්නද්ධ රථයක්

නමුත් අන්කාරා රජය බීඑම්සී කිර්පි සන්නද්ධ රථ ඉතා සුළු ප්‍රමාණයක් මෙම කණ්ඩායම්වලට ලබා දී තිබේ.බීඑම්සී කිර්පි රථ බහුලවම භාවිතා කරන්නේ තුර්කි සෙබලුන් සිය මුර සංචාර සහ ගමනාගමන මෙහෙයුම් සඳහාය.ඒ නිසා මොස්කව් හි දැකගන්නට ලැබුණු රථය,සිරියානු හමුදාවේ ප්‍රහාර හමුවේ තුර්කි සෙබලුන් විසින් අතහැර දමා ගිය එකක් යැ‍යි අනුමාන කල හැකිය.

සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ තුර්කි හමුදා නිරීක්ෂණ මුරපොලක් ආසන්නයේ නවතා තිබෙන කිර්පි සන්නද්ධ රථයක්.

බිම් බෝම්බ ප්‍රහාර සහ රැක සිට සිදු කරන පහරදීම්වලට ඔරොත්තු දිය හැකි අයුරින් නිපදවා ඇති මෙම රථය තුර්කියේ බීඑම්සී සමාගමේ නිෂ්පාදනයකි.එය නිර්මාණය කෙරෙන්නේ තුර්කි පාබල හමුදාවේ අවශ්‍යතාවයක් මතයි.එය සතු සන්නාහය මගින් සන්නාහය පසාරු කරගෙන යන උණ්ඩවලින් සහ කාලතුවක්කු උණ්ඩවල කොටස්වලින් සෙබලුන් රැකගත හැකිය.වී(V) අකුරක හැඩය ගත් රථයේ යට කොටස මගින් අත් බෝම්බ සහ බිම්බෝම්බ ප්‍රහාරවලට එරෙහිව ආරක්ෂාව ලබාදේ.

කිර්පි රථයක කම්පන අවශෝෂණය කර ගත හැකි අසුන්,ගෝලීය පිහිටුම් පද්ධතිය සහිත උපාංග,පසුපස දැකිය හැකි කැමරා,ස්වයංක්‍රීය ගිනි පාලන පද්ධතියක් ආදිය අඩංගුය.වෙඩි තැබීමට හැකි කවුළු පහක් සහ වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දෙන කවුළු හතරක් බැගින් සෙබල මැදිරියේ පෙදෙසින් තිබේ.අවිකරුට රැඳී සිටීමට වහලය මුදුනේ ආවරණය කල ස්ථානයක් ඇත.කිර්පි රථයක මි.මී. 7.62 හෝ මි.මී.12.7 මැෂින් තුවක්කුවක් හෝ දුරස්ථපාලක අවි පද්ධතියක් සවි කල හැකිය.සෙබලුන්ට ඇතුල් වීමට පිට වීමට තිබෙන පිටුපස දොර හයිඩ්‍රොලික් බලය මගින් ක්‍රියාත්මක වේ.තුර්කි හමුදාව මෙම වර්ගයේ රථ සිරියාවේ ඉඩ්ලිබ් සහ ඇලෙපෝ පළාත්වල මෙහෙයුම් සඳහා යොදවා තිබේ.

කිර්පි රථයක ලක්ෂණ

බර:කිලෝ ග්‍රෑම් 16,000

දිග:මීටර් 6-7(මාදිලිය මත වෙනස් වේ)

පළල:මීටර් 2.51

උස:මීටර් 3.2

කාර්ය මණ්ඩලය:3

අසුන් ගත හැකි පිරිස:10-12

මෙහෙයුම් පරාසය:කිලෝමීටර් 800

කිර්පි රථ පවුලේ සියලු සාමාජිකයෝ

ලිබියානු අර්බුදයට තුර්කිය සෘජුව මැදිහත් වීමත් සමග යුදෝපකරණ විශාල වශයෙන් එරටට යවන්නට තුර්කි රජය ක්‍රියා කරමින් සිටියි.සිරියාවේ සිටින තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වල සාමාජිකයෝ දහස් ගණනක්ද ලිබියාවට පැමිණෙන්නේ ලිබියානු ජාතික හමුදාවට එරෙහිව සටන් වදින ජාතික සම්මුති රජයට පක්ෂපාතී හමුදාහි සහාය පිණිසයි.

 BMC-Kirpi-II-Mine-Resistant-Ambush-Protected-vehicles-to-GNA-forces-in-Tripoli-Libya
ලිබියාවට එවූ තුර්කි කිර්පි 2 සන්නද්ධ රථ

ලිබියානු ජාතික හමුදාවට එරෙහි සටන සඳහා භාවිතා කරන්නට තුර්කිය විසින් එවූ බීඑම්සී කිර්පි 2 මාදිලියේ සන්නද්ධ රථ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර වරායෙන් රට තුලට ගෙන එන අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.මේවා 2019 වර්ෂයේ මැයි මාසයේදී ලිබියාවට ගෙන්වා තිබේ.
 

 BMC-Kirpi-II-Mine-Resistant-Ambush-Protected-vehicles-to-GNA-forces-in-Tripoli-Libya

 BMC-Kirpi-II-Mine-Resistant-Ambush-Protected-vehicles-to-GNA-forces-in-Tripoli-Libya

 BMC-Kirpi-II-Mine-Resistant-Ambush-Protected-vehicles-to-GNA-forces-in-Tripoli-Libya

 BMC-Kirpi-II-Mine-Resistant-Ambush-Protected-vehicles-to-GNA-forces-in-Tripoli-Libya

ඊළඟට ඔබ දකින්නේ ලිබියාවේ සර්ට් නගරය ආසන්නයේදී ලිබියානු ජාතික හමුදාව විසින් විනාශ කල තුර්කි ලබා දුන් කිර්පි 2 මාදිලියේ රථයකි.

තුර්කිය ලිබියාවේ ජාතික සම්මුති රජයට පක්ෂපාතී හමුදා වෙත සැපයූ බීඑම්පී කිර්පි රථයක් ලිබියානු ජාතික හමුදාවේ ග්‍රහණයට පත් වීමෙන් පසුව බෙන්ගාසි නගරයේ පෙළපාලියකට එක් කර තිබූ අයුරු.

captured-BMC-Kirpi-with-counter-IED-ECM-paraded-in-Benghazi-Libya

captured-BMC-Kirpi-with-counter-IED-ECM-paraded-in-Benghazi-Libya

captured-BMC-Kirpi-with-counter-IED-ECM-paraded-in-Benghazi-Libya

captured-BMC-Kirpi-with-counter-IED-ECM-paraded-in-Benghazi-Libya

 source:southfront.org

%d bloggers like this: