Menu Close

කොරෝනා නිසා කල් යන පාසල් මහා ක්‍රිකට් ගැටුම් මෙන්න.

ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර අද (13 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබුණු 9 වැනි ‘මැදි මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කොරොනා වෛරසය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා. මෙම තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර එළැ​ඹෙන ඉරිදා (15වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයද මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ මහා ක්‍රිකට් තරගයද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

මහනුවර ප්‍රධාන පාසල් ද්විත්වයක් වන ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ ‘කන්ද උඩරට නිල් මහා සටන’ ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. මෙම තරගය ඉදරි සති අන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

ඉදිරියේදී පැවැත්වීමට​ නියමිත සෙසු මහා ක්‍රිකට් තරගයද නියමිත දිනවලදී පැවැත්වීම අවිනිශ්චිත​ වේ.

Share with Friends

%d bloggers like this: