Menu Close

එංගලන්තයේ සියලුම පාපන්දු තරග අත්හිටුවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සියලුම ඉහළ පෙළේ පාපන්දු තරග අත්හිටුවීමට තීරණය අර තිබෙනවා.

අවම වශයෙන් අප්‍රේල් 3 වනදා දක්වා මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අනුව FA කාන්තා සුපර් ලීග් තරගාවලිය, කාන්තා ශූරතා තරගාවලිය කල් දමා තිබෙනවා. ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් 4 වන දා නැවත ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත පාපන්දු සංගමය සඳහන් කලේ ඉතාලිය සහ ඩෙන්මාර්කය සමග තරගද කල් දමා තිබෙන බවයි.

Share with Friends

%d bloggers like this: