Menu Close

සිරියා-තුර්කි යුද්ධය:එර්ඩොගන්ගේ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති දඩයම

turkey-publishes-footage-of-russian-made-air-defense-systems-in-syria-mocking-them-as-ineffective

ඉඩ්ලිබ් පළාතේදී සිරියානු හමුදාව ඉදිරියේ ලැබූ යුදමය පසුබැසීම්වල හානිපූරණය සඳහා තුර්කි ප්‍රචාරණ යාන්ත්‍රණය වීඩියෝපට සහ විජයග්‍රාහී ප්‍රකාශ තවමත් නිකුත් කරමින් සිටියි.

තුර්කි යුදමය ප්‍රචාරණ යාන්ත්‍රණයේ කොටසක් වන මාධ්‍යයක් හරහා සිත්ගන්නා සුළු වීඩියෝවක් මාර්තු 9දා නිකුත් කර තිබිණි.ඩ්‍රෝන් යානා මගින් ලබාගෙන තිබූ මෙම දර්ශනවල වයඹදිග සිරියාවේ දියත් කර තිබූ සිරියානු ගුවන් ආරක්ෂක බලකායන්ට අයත් පැන්ට්සියර්,ටෝර් සහ එස්-125 පෙචෝරා යන ගුවන් ආරක්ෂක පද්ධති දැකගත හැකිය.

වීඩියෝ පටයේ දැකගත හැකි පද්ධතිවල මිල ගණන් අධිතක්සේරුවෙන් යුතුව ඉදිරිපත් කර ඇත.උදාහරණයකට පැන්ට්සියර් පද්ධතියක් සඳහා ඇ.ඩො.මිලියන 50ක මිලක් නියම කර තිබුණත්,එහි සැබෑ අපනයන මිල වන්නේ ඇ.ඩො.මිලියන 14කි.සෝවියට් යුගයේ එස්-125 පැචොරා පද්ධතියක් සඳහා තුර්කිය නියම කර තිබෙන්නේ ඇ.ඩො.මිලියන 35කි.පැචෝරා ඒකකයක නියම මිල වන්නේ ඇ.ඩො.මිලියන 10කි.ටෝර් මිසයිල පද්ධතියක සැබෑ මිල වන්නේ ඇ.ඩො.මිලියන 25ක් වුවද,වීඩියෝවේ සඳහන් වන්නේ ඇ.ඩො.මිලියන 75කි.
 

සිරියානු හමුදාව සතු පැන්ට්සියර් ගුවන් ආරක්ෂක අවි පද්ධතියක්

සිරියාව සතු එස්-125 පැචොරා ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්

මෙම වීඩියෝ දර්ශන කවදා ලබා ගත් ඒවාද යන්න පැහැදිලි නැත.සටන් විරාමය නිරීක්ෂණය සඳහා යුද මුක්ත කලාපය තුල තුර්කියට නිදහසේ ඩ්‍රෝන් යානා මෙහෙයවන්නට ඉඩ ලබා දී තිබිණි.

ඒ නිසා මෙම දර්ශන තුර්කිය දියත් කල ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුමට පෙර හෝ පසුව ලබා ගැනීමට පුළුවනි.මෙම දර්ශන මෙහෙයුම ක්‍රියාත්මක වූ කාල සමයේ ලබා ගත්තේ නම්,තුර්කි හමුදාව සහ අල්කයිඩා ත්‍රස්තවාදින්ගේ ප්‍රහාර ව්‍යර්ථ කිරීමේදී සිරියානු හමුදාව වෙනුවෙන් වැදගත්  භූමිකාවක් නිරූපණය කල මෙම පද්ධති විනාශ කිරීමට තුර්කිය ක්‍රියා නොකලේ ඇයිද යන්න අපැහැදිලිය.

කිසිදු ආරක්ෂක හෝ ප්‍රහාරක පද්ධතියක් ‘අසමසම’ නොව බව දැන දැන,මීට ඉහතදී තුර්කි නායකත්වය ඉහළ මිලක් ගෙවා ලබා ගත් රුසියානු ගුවන් ආරක්ෂක තාක්ෂණය සමච්චලයට ලක් කිරීමට තුර්කි රජයේ මාධ්‍ය සහ අනුබද්ධ ආයතන,සංවිධාන ක්‍රියා කිරීම හාස්‍ය ජනකය.තුර්කි ප්‍රචාරණය යාන්ත්‍රණයේ විවිධ ශාඛා ඔවුන්ගේ ප්‍රයත්නයන්හිදී සම්බන්ධීකරණයට මීට වඩා අවධානයක් යොමු කරන්නේ නම් හොඳය.

තුර්කිය සිය ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුමේ සක්‍රීය අධියරයේදී සිරියානු හමුදාව මෙහෙයවූ රුසියාවේ නිෂ්පාදිත පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධති 8ක් විනාශ කරන්නට සමත් වූයේ යැ‍යි තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩොගන් සිදු කල ප්‍රකාශය සම්බන්ධව මාර්තු 10දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අදහස් දැක්වීය.

ඒ අනුව ඔහු සපයන සංඛ්‍යාලේඛන අධිතක්සේරුවෙන් යුතුව ප්‍රකාශ කර ඇතැයි රුසියානු හමුදාව පැවසුවේය.ඉඩ්ලිබ් පළාතේ ප්‍රහාරක ඩ්‍රෝන් යානා භාවිතයේ සංග්‍රාමික ඵලදායීතාවය සම්බන්ධව තුර්කි නායකයාට අසත්‍ය තොරතුරු සපයා ඇතැයි රුසියානුවන් සඳහන් කරති.

මොස්කව් රජය පවසන පරිදි සිරියානු හමුදාවේ ගුවන් ආරක්ෂක පද්ධති සහ උපක්‍රම බොහොමයක් එරට අගනුවර වන ඩැමැස්කස් මුල් කරගෙන දියත් කර තිබේ.අදාල කාල සීමාව තුල ඉඩ්ලිබ් පළාතේ තිබුණේ පැන්ට්සියර් එස්1 පද්ධති 4ක් බවත් ඉන් දෙකක් පමණක් තුර්කි ප්‍රහාරවලින් හානියට පත් බවත් රුසියාව පවසයි.දැනට එම හානියට පත් වූ පද්ධතීන් අලුත්වැඩියා කරමින් පවතියි.

ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුමේදී සිරියානු ගුවන් ආරක්ෂක බලකායන්ට අයත් තවත් පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාර්තු 11දා තුර්කි මාධ්‍ය විසින් මුදා හැර තිබිණි.

තුර්කි මූලාශ්‍රවලට අනුව මේ ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීමට භාවිතා කලේ තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානයකි.

වීඩියෝවෙ පළමු කොටසේ පෙනෙන පරිදි එය අක්‍රීය තත්ත්වයේ පවතින පැන්ට්සියර්-එස්1 පද්ධතියකි.ඉන්පසුව වීඩීයෝව කපා හැර,සුදු පැහැ ක්ෂණික දීප්තියක් සමග පද්ධතිය මිසයිල දෙකක් දියත් කරයි.වීඩියෝවේ දෙවන කොටසින් පෙන්වන ක්ෂණික දීප්තිය සහ වෙඩි බලයට හේතුවන්නේ මිසයිල දියත් කිරීම යැ‍යි අනුමාන කල හැකිය.

මෙම වීඩියෝව මුලින්ම පළ කර තිබුණේ තුර්කි හමුදා ප්‍රචාරණ ව්‍යාපාරයේ සිරියානු සංග්‍රාමය සම්බන්ධව ක්‍රියා කරන Clash Report නම් සමාජ ජාල ගිනුමයි.

මීට ඉහතදීද පැන්ට්සියර්-එස්1 පද්ධති ඩ්‍රෝන් යානා මගින් විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ පට දෙකක් තුර්කි පාර්ශ්වය නිකුත් කර තිබිණි.පලමුවැන්න පෙබරවාරි 28ද දෙවැන්න මාර්තු 3දා පළ කර ඇත.මෙම වීඩියෝපට දෙකෙහි සත්‍යභාවය නිරීක්ෂකයෝ ප්‍රශ්න කර තිබුණු අතර ඉන් එක් වීඩියෝවයක් ලිබියාවේදී පටිගත කල එකකි.

පසුගිය සති කිහිපය තුල රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති සමච්චලයට ලක් කරමින් ඉඩ්ලිබ් හි තමන් ලැබූ අසාර්ථකත්වය වසා ගන්නට තුර්කිය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.කෙසේවෙතත් සිරියානු මූලාශ්‍රවලට අනුව සෝවියට් සහ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් තුර්කි ඩ්‍රෝන් යානා 13-20 සංඛ්‍යාවක් බිම හෙළන ලදි.

source:southfront.org

 

%d bloggers like this: