Menu Close

ශ්‍රී ලංකාව සමඟ තරගයේදී එංගලන්ත ක්‍රීඩකයෝ ප්‍රේක්ෂකයින්ව ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායම කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසනවා.

ඒ අනුව එම කණ්ඩායම මෙම තරගාවලියේදී මහජන සම්බන්ධතා සීමා වන ලෙස හැසිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ලබන 19 වැනි දා ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී ඊයේ පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ එංගලන්ත නායක ජෝ රූට් පැවසුවේ, කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තම කණ්ඩායම අපේක්ෂා කරන බවයි.

ඒ අනුව ප්‍රසිද්ධ ස්ථාවල කාලයගත කිරීම, අතට අතදීම, සමරු සටහන් ලබා දීම, සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීම වැනි කටයුතුවලින් ඔවුන් බැහැර වනු ඇති.

මේ අතර ලංකාවේ පවතින උෂ්ණාධික කාලගුණය යටතේ තම කණ්ඩායම මේ වනවිට පුහුණුවීම්වල නිරත වී ඇති බවත්, තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වීමට උත්සාහ කරන බවත් එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් වැඩිදුරටත් සඳහන් කළා.

Share with Friends

%d bloggers like this: