Menu Close

ප්‍රවීණයන්ගේ පාපැදි සවාරියට අයැදුම්පත් කැඳවයි.

අම්බලන්ගොඩ ප්‍රවීණයන්ගේ පාපැදි සමාජය මගින් 5 වැනි වරටත් සංවිධානය කරනු ලබන ප්‍රවීණයන්ගේ පාපැදි සවාරිය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

ලබන 21 වැනිදා පෙ.ව. 8.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙන මෙම පාපැදි සවාරියේ අවුරුදු 50න් ඉහළ සහ අවුරුදු 60න් ඉහළ ප්‍රධාන පාපැදි සවාරියට අමතරව විවෘත කාන්තා තරග ඉසව්වක්ද මෙහිදී පැවැත් වෙනවා. මෙම සෑම තරගයක්ම කිලෝමීටර් 40 ක දුරකින් යුක්ත වෙනවා.

තරගාවලිය සඳහා සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිවා ආහාරය ලබා දීමට නියමිත අතර තරගාවලියට පෙර දිනයේ පැමිණෙන අයට නොමිලේ නවාතැන් පහසුකම් ලබාදීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබෙනවා.

තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගනු ලබන අවසන් දිනය මේ මස 15 වැනිදා වේ. තරගාවලිය සඳහා සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන්නන් ඩබ්ලිව්. දීපානන්ද, නො. 35/1, පනියන්දූව, අම්බලන්ගොඩ යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය. තරගාවලිය සහ නවාතැන් ආදිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0777-911585 යන අංකය ඇමතීම ඔස්සේ ලබාගත හැක.

Share with Friends

%d bloggers like this: