Menu Close

“නිල් මහා සටන” අද.

කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවිදුහල් අතර පවත්වනු ලබන ‘නිල් මහ සටනේ’141 වැනි දිගහැරුම හෙට (12), 13 සහ 14 යන තෙදින පුරාවට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙපිල මෙවර ඩී.ඇස්. සේනානායක අනුස්මරණ ශූරතා පලිහ වෙනුවෙන් තරග වදිනු ඇත.

මේ වන විට පාසල් දෙක අතර පැවැත්වූ තරග අතරින් තරග 35ක් ජය ගැනීමට රාජකීය විද්‍යාලය සමත්වූ අතර ශාන්ත තෝමස් විද්‍යාලයද තරග 35ක් ජයග්‍රහණය කොට ඇත.

මේ තරග ඉතිහාසයේ රාජකීය විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කර ඇත්තේ 2016 වර්ෂයේදී වන අතර, ශාන්ත තෝමස් විද්‍යාලය අවසන් වරට තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 2019 වසරේදී.

මෙවර කොළඹ රාජකීය විදුහල මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක තෙවිදු සෙනරත්ට හිමිව ඇත. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල මෙහෙයවීමේ වගකීම තෙවින් ඊරියගමට හිමිව තිබෙනවා.

Share with Friends

%d bloggers like this: