Menu Close

නිරෝධායනට ගෙන ගිය පිරිසක් අතරමගදී බසයේ රියදුරාගේ බෙල්ල මිරිකයි.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පුද්ගලයන් පිරිසක් බස්රථයකින් ඒ කරා ගෙන යද්දී බස්රථයේ රියඳුරාගේ බෙල්ල මිරිකා තර්ජනය කර ඇති බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.බස් රථයෙන් බැස යාම සඳහා ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කර ඇතැයිද යුද හමුදාපතිවරයා කියා සිටියා.නමුත් අද වන විට ඒ සියලූ දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට කැඳවාගෙන ගොස් ඇති බවත් මේ සියල්ල කරන්නේ රටේ සෙසු ජනතාවට මෙය පැතිරීයාම වැළැක්වීමට බවද ඔහු පැවසීය.කිසියම් පුද්ගලයෙකු තම නිවෙස බලා ගියහොත් නිවසේ සිටින මවට පියාට සහෝදර සහෝදරියන්ටද රෝගයක් බෝවීමේ අවදානමක් ඇති නිසා ඒ අවදානම සලකා මේ කටයුත්ත කරන බවද ඔහු තවදුරටත් සදහන් කලේය.

%d bloggers like this: