Menu Close

ඉඩ්ලිබ් ත්‍රස්තවාදී කණ්ඩායම්වල සන්නාමය වෙනස් කිරීම සහ රුසියානු ගුවන් ආරක්ෂාව එරෙහි තුර්කි ජයග්‍රහණ

great-idlib-rebranding-and-turkish-victories-over-russian-air-defense

ඉඩ්ලිබ් හි ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධාන තුර්කි අනුග්‍රහය යටතේ අලුත් සන්නාමයකින් කරළියට පැමිණීමට සූදානම් වෙයි.සිරියානු මූලාශ්‍රවලට අනුව,හයාට් ටරිර් අල්-ෂාම්(කලින් සිරියාවේ අල්කයිඩා ශාඛාව)කණ්ඩායම,තුර්කි ඉස්ලාමීය පක්ෂය(අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායමකි),විමුක්තිය සඳහා ජාතික සන්ධානය(අල්කයිඩාව සමග මිත්‍ර තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වල සන්ධානයකි )සහ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්සත් අණදෙන මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට යයි.එනමුත් මේ දක්වා ඔවුන් සිරියානු හමුදාව එරෙහි සටන්වලදී ඒකාබද්ධව ප්‍රහාර එල්ල කලහ.

මේ හරහා තුර්කිය සිදු කිරීමට යන්නේ අල්කයිඩා ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ගේ මිත්‍ර මධ්‍යස්ථ තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම්වලට අලුත් නමක් සහ ලාංඡනයක් ලබා දීමයි.ඒ හරහා ඔවුන් උත්සාහ කරන්නේ ඉඩ්ලිබ් හි ත්‍රස්තවාදී කණ්ඩායම් නැතැ‍යි පෙන්වීමටත්,ඉරානය සහ රුසියාව සමග එකඟ වූ ගිවිසුම්වලට කලාපයේ වර්තාමන වාතාවරණය සම්පූර්ණයෙන්ම අනුරූප වන්නේ යැ‍යි පෙන්වීමටත්ය.ඉඩ්ලිබ් මුදානොගත් කලාපයේ 90% දක්වා භූමි ප්‍රමාණයක පාලනය ත්‍රස්තවාදී කණ්ඩායම් සතුව පවතින අතර ඉහත කී ගිවිසුම්වලින් එම කණ්ඩායම් බැහැර කර තිබේ.ඔවුන් දැනට ක්‍රියාත්ම සටන් විරාමයටත් ඇතුලත් නොවන අතර එය ක්‍රියාත්මක වන කාල සීමාව තුලත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව රුසියාවට සහ සිරියාවට ලබා දී ඇත.තුර්කිය,මධ්‍යස්ථ කැරලිකරුවන්ගෙන් ත්‍රස්තවාදීන් වෙන් කල යුතු යැ‍යි එම ගිවිසුම්වල ඇතුලත්ය.එවැන්නක් සිදු කල නොහැක්කේ,දෙපාර්ශ්වය අතර සුළු අසමානකම් පමණක් ඇති නිසාය.ඒ නිසා තුර්කි නායකත්වය උත්සාහ කරන්නේ දෙපාර්ශ්වය එක්සත් කර සියලුදෙනා මධ්‍යස්ථ විපක්ෂය ලෙස ලෝකයට හඳුන්වාදීමටය.මේ හරහා තුර්කිය සටන්විරාම සහ අනෙකුත් ගිවිසුම් නැවත වරක් උල්ලංඝනය කරනු ලැබේ.

සිරියානු යුද්ධයේ මුල් සමයේ විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් මෙම උපක්‍රමය අනුගමනය කලහ.උදාහරණයක් වශයෙන් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ගනිමු.ඔවුන් මුල් කාලයේ හැඳින්වූයේ ජබාත් අල්-නුස් රා යන නමින්ය.ඉන්පසුව ජබාත් ෆටේ අල්-ෂාම් ලෙස නම වෙනස් කලේය.අවසන් වරට හයාට් ටරිර් අල්-ෂාම් යන නමින් පැමිණ තිබේ.මොවුන් සිය නම වෙනස් කරගත්තේ,තමන් අල්කයිඩා ත්‍රස්තවාදී නොව,අෂාඩ්,රුසියාව සහ ඉරානයෙන් කෲර ලෙස හිංසාවට ලක්වන මධ්‍යස්ථ විපක්ෂයේ කොටසක් යැ‍යි පෙන්වීමටය.නමුත් සැලැස්ම අසාර්ථක වූයේ නාමය,ධඡය සහ පළදින හිස්වැසුම පවා වෙනස් කලත් ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදීන් යැ‍යි ඔවුන් ක්‍රියාවෙන්ම ඔප්පු කිරීම නිසාය.

දකුණු ඉඩ්ලිබ් හි එම්4 මහා මාර්ගය කේන්ද්‍රකරගෙන ඇති කරන්නට එකඟ වූ ආරක්ෂිත කොරිඩෝරය ඔස්සේ තුර්කි සහ රුසියා මුර සංචාර ආරම්භ කිරීමට නියම කරගෙන තිබෙන්නේ මාර්තු මස් 15දාය.මාර්තු මස 10දා තුර්කි විදේශ අමාත්‍ය මොව්ලුට් කැව්සොග්ලු පැවසූ පරිදි මුර සංචාර සරාකිබ් නගරයේ බටහිර දෙසින් කි.මී.2 ඈතින් ඇති ට්‍රම්බා ජනාවාසයෙන් ආරම්භ කර අයින් අල්-හවර් ජනාවාසයෙන් අවසන් කිරීමට නියමිතය.ඊට අමතරව සටන් විරාමය උල්ලංඝනය කලහොත් සිරියානු හමුදාව සිය රට පහර දෙන්නේ යැ‍යිද හෙතෙම අනතුරු ඇඟවීය.ඉඩ්ලිබ් හි තවත් සැබෑ ත්‍රස්තවිරෝධී සටනක් නොමැතිව මෙම සටන්විරාමය ආරක්ෂා වන්නේ කෙසේද යන්න විශාල රහසකි.තුර්කියට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව ආරක්ෂිත කොරිඩෝරයේ එම්4 මාර්ගයට උතුරු කොටසේ පාලනය තුර්කි හමුදාව සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදා සතුය.මහා මාර්ගයෙන් දකුණු කොටස රුසියානුවන්ට භාරය.කෙසේවෙතත්,දකුණු කොටසින් හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් ඉවත් වන බවට මේ දක්වා වාර්තා නොවේ.මෙම වාතාවරණය යළිත් ගැටුමක් ඇති වීමට හේතුවක් සපයයි.

තුර්කි නායකත්වයේ සහ තුර්කි මාධ්‍යවල හැසිරීම,වාතාවරණය සමනය කිරීමට කිසිදු සහායක් ලබා නොදෙයි.අසාර්ථක වූ ඔපරේෂන් ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුම ප්‍රධාන පෙළේ ජයග්‍රහණයක් යැ‍යි පෙන්වීමට මාර්තු 5 වෙනිදා පටන් අන්කාරා රජය දැඩි උත්සාහයක නිරතව සිටියි.යථාර්තවාදී නොවන සංඛ්‍යාලේඛන හරහා සිරියානු හමුදාවේ ජීවිත හානි තුර්කි ශ්‍රාවක පිරිස පිනවීමට උත්සාහ කිරීමෙන් පසුව,දැන් තුර්කියේ ඉලක්ක වී තිබෙන්නේ රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතීන්ය.ඉඩ්ලිබ් හිදී සිය හමුදා රුසියානු පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධති 8ක් විනාශ කලේ යැ‍යි තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් මාර්තු 10දා අවධාරණය කලේය.ඔහු සපයන තොරතුරු තුර්කි ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශ සමග පරස්පර විරෝධීය.අමාත්‍යාංශයේ ප්‍රකාශවලට අනුව විවිධ වර්ගවල ගුවන් ආරක්ෂක පද්ධති 8ක් තුර්කි හමුදාව විනාශ කර තිබේ.පෙනෙන හැටියට තුර්කි යුද මෙහෙයුම අවසන් වී සතියක් පමණ ගත වු පසුවත් සිරියානු හමුදාවට සිදුවූ හානි ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවයි.

Operation-Spring-Shield-map
ස්ප්‍රින්ග් ෂීල්ඩ් මෙහෙයුමේ අරමුණ සහ යථාර්තය පෙන්වන සිතියමක්

එර්ඩොගන්ගේ ප්‍රකාශ හුදෙක් අධිතක්සේරුවක් පමණක් යැ‍යි පවසන රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය,මෙහෙයුමේ ප්‍රතිඵල සම්බන්ධව තුර්කි නායකයාට ලැබුණු තොරතුරු ඉතා නිවැරදි නොවේ යැ‍යිද සඳහන් කලේය.රුසියානු හමුදාවට අනුව ඉඩ්ලිබ් හි ස්ථානගත කර තිබුණේ පැන්ට්සියර් එස්1 පද්ධතිය 4කි.ඉන් දෙකකට පමණක් හානි සිදුව තිබේ.සිරියානු හමුදාව ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් වැඩි සංඛ්‍යාවක් ස්ථාන ගත කර තිබෙන්නේ එරට අගනුවර වන ඩැමැස්කස් නගරය අවට යැයිද සඳහන් වේ.

source:southfront.org

%d bloggers like this: