Menu Close

ලොවම බිය කල කොරෝනා ගැන කරුණු 7ක්

ෆිල්ම් වල නම් අපි හිතන වෙලාවටම සතුරා එනවා ඇවිත් මුල් හරියේදී සතුරා දිනලා අවසානයේ කොහොම හරි අපේ වීරයා ජයග්‍රහනය කරනවා. ඒත් ඇත්ත ලෝකේ සතුරා ඊට වෙනස්. ඇත්ත ජීවිතේ සතුරෛා් අපි කැමතිවෙලාවට කැමති තැනදි එන් නැහැ. කෝවිඩ් 19 කියන්නෙත් ඒ වගේ දෙයක්. කවුරුත් කලින් හිතලවත් තිබුන් නැති චීනයේ හුබෙය් වල වුහාන් මාකට් එකෙන් පටන් ගත්ත කෝවිඩ් දැන් වෙද්දි ලෝකේ සෑම මහද්වීපයකම පැතිරිලා ඉවරයි. එයින් චීනය විතරක් නෙමෙයි කොරියාව ඉතාලියේ සහ ඔසී ජනතාවටත් මරණීය බයකින් ජීවත් වෙන්නට සිදු වෙලා. ඉතින් මේ කෝවිඩ් ගැන තියෙන මතිමතාන්තර කිහිපයක් ගැන අපි සොයා බලමු.
1.       ෆේස් මාස්ක් එක දැම්මහම ආරක්ශිතයිද?
මුහුණු ආවරණ කියන්නේ කොරෝනා පැතිරුන රටවල ඉක්මනින්ම වෙලදපොලේ ඉක්මන්ටම හිග වුනු දෙයක්. වෙනකක් තියා ලංකාවෙත් පලමුවෙන් කොරෝනා රෝගියා වාර්තා වුනාහම ෆාමසි වලමේ මුහුනු ආවරණ කට ආවරණ කුනු කොල්ලයට විකිනුනා. මේ ෆේස් මාස් එකෙන් කට සහ නාහෙන් වෛරසය බෝවීම පාලනය කරනවා තමයි. ඒත් කොරෝනා වගේවෛරසයක් කියන්නේ ඇස් වලින් සමෙන් වගේම සිරුරේ ඕනෑම තැනකින් විසිරෙන්න පුලුවන් වෛරස තත්වයක්. ඒ වගේම කොච්චර කට වහාල තිබුනත් කෙල ගහන්න කෑම කන්න වගේ දේවලට කට අරින්න සිද්ද වෙනවා. එක ඉරියව්වකට හැම තිස්සේම මාස්ක් එක දාගන ඉන්න බැරි නිසා සමහර අයට මාස්ක් එක නමට විතරක් දාගන්නවා. එතකොට ඒ අය මාස්ක් දැම්මත් අදාල ආවරණ කටයුතු නිසි පරිදි සිද්ද වෙන්නේ නැහැ.
2.       හැදෙන එක වලක්වාගන්න නම්
මේක වේගෙන් පැතිරෙන ඉන්ස්ෆ්ලුවෙන්සා වර්ගයක් නිසා පරෙස්සම් වෙන එක බොහොම අමාරුයි. මේ වෛරසයේ ස්වබාවයත් අතැම්විට වෙනස් වෙනවා කාලයත් එක්ක. කොහෙ හරි එලියට පහලියට ගිහින් එන හැම වතාවකම අත් දෙක හොදට හෝදාගන්නට ඕනි. අත් හේදී
මෙන් අත් වල තියෙන තෙල් තට්ටු එක්ක වෛරසය පැතිරෙන්න තියෙන අවදානම අඩු වෙනවා. ඒ වගේම අපේ නාසය කට ඇස් වගේ තැන්වලට නිතරම ඇදෙන අත පිරිසිදු කරගන්න එක මේ කෝවිඩ්19 වලින් ආරක්ශා වෙන්නට තියෙන හොද පුරුද්දක්. අපේ රටට තවමත් කෝවිඩ් තත්වය දැඩි ලෙස පැතිර යෑමේ අවදානමක් නැති නිසා සෞඛ්‍ය බලධාරින් මුව වැස්මක් පාවිච්චි කරන එක අත්‍යාවශ්‍ය නැහැ කියා කිව්වා. ඒත් පැතිරෙන වටපිටාවක් ආවොත් වෙනදටත් වඩා එලියට පහලියට බහින එක අඩු කරලා හැකිතාක් මුව වැස්ම පාවිච්චි කරන්නට ඕනි.
3.       යාම් ඊම් අඩු කරමු පැතිරීම නවතමු
ලෙඩක් දුකක් හැදුනම බලන්න යන එකත් ලෙඩක් නම් ආයේ කරන වැඩේ දමල ගහල ගෙදර එන එකත් අපේ පුරුද්දක්. ඒත් මේ කොරෝනා කියන්නේ ඒම හැදුනට පස්සේ විසිට් කර කර ඉන්න හොද ලෙඩක් නෙමෙයි. හැකිතාක් ගමන් බිමන් විදෙස් ගමන් අඩුකරලා ඉන්න තැනකට වෙලා පාඩුවේ ඉන්න එකෙන් කෝවිඩ් පැතිරෙන්න තියෙන අවධානම අඩු වෙනවා. අපි හිතමු ඉතාලියේ හෝ කොරියාවේ කෙළවරක සිටින අපේ මිතුරෙක් ගැන. ඔහු ඉන්න තැනකට වෙලා පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නවාට වඩා බස් වල ටැක්සි වල නැගලා දුරගෙවලා එයාපෝට් ඇවිත්, එතැනින් ගුවන් තොටුපල එක්ක ගැටිලා, ඉන් පස්සේ ප්ලේන් එකේ ඇවිල්ලා ලංකාවට එන්න ගියොත්,  ඒ ගැටිම් මාලාවෙනුත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඔහුට මේ කරුම ලෙඩේ බෝවෙන්න පුලුවන්. . ඒනිසා හැකිතාක් ඒ රටවල ඉ්නන අයටත් ඉන්න තැනක සතුටින් ගැටීම් අඩුවෙන් ඉන්න කියන එක තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ලෝකෙයේම මිනිසුන් සිය ගමනාගමන කටයුතු ආදිය සැලකිය යුුතු ලෙස අඩු කලොත් එයින් මේ කෝවිඩ් 19 පැතිරීම යම්තාක් දුරකට පාලනය වෙනවා. 
4.       කාටද අවධානම වැඩි
මෙතෙක් තියෙන කෝවිඩ් වල මරණ එක්ක බැලුවාම අවුරුදු 50-60ට වැඩි උදවිය මේ උණ වසංගතය නිසා මැරෙන්න තියෙන අවධානම වැඩියි.  අවුරුදු 10ත් 40ත් අතර වයසේ උදවියට කෝවිඩ් 19 වැළදුනාහම එයින් මැරෙන්නේ දාහකට දෙදෙනෙකු පමණයි. ඒත් වයස 80ට වැඩි කොරෝනා අසාධිත  අය දහසකින් 148ක් පමණ දෙනෙක් මියපරලොව යනවා කියලා දැනට තියෙන සංඛ්‍යාෙල්ඛන වලින් සොයාගන තියෙනවා.   ඒත් වයසින් අඩු වුනත් ප්‍රතිශක්තිය අඩු අයට මේ ලෙඩේ හැදිලා වැඩිවෙනවා. වයසක අය පරෙස්සම් වෙන්නට ඕනි වගේම තරුණ අයත් තමුන් ගැන අධිතක්සේරුවකින් ඉන්නේ නැතිව හැකිතාක් ලෙඩින් වැලකෙන එක වටිනවා.මොකද අපි පෙනුමෙන් සෞඛ්‍ය සම්පන්නව හිටියත් අපේ ඉමියුන් සිස්ටම් එක හෙම නැතිනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොපමණ සවිමත්ද කියන්න අපි දන්නේ නැහැ.
5.       ඉක්මන්ටම එන්නතක් එයි නේද?
මේ කොරෝනා බලපෑම් වැඩිපුර ආපු චිනය, කොරියාව, ඉතාලිය වගේ බොහෝ රටවල් විද්‍යාව තාක්ශණය අතින් දියුණු රටවල්. චීනය මේ වෛරසයේ ස්වභාවයන් ගැන පැහැදිලි අධ්‍යන කිපයක්ම සිදු කරලා තියෙනවා. ඒ එක්ක මේ වෛරසය මැඩ පැවැත්විය හැකි ඖෂධීය ක්‍රම ගැනත් පර්යේෂණ පැවැත්වෙනවා. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාෙව්දී අලුතින් ඔසුවක් නිකුත් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ සදහා සැලකිය යුතු කාලයක් යනවා. මුලින් ඒ ගැන පර්යේෂන කරලා, අතුරු ආබාධ සහ බලපෑම අධ්‍යනය කරලා, ඉන් පසු මිනිසුන් වගේ ඉන්න සතුන්ට එන්නත් කරලා අවසානේ මිනිසුන් නියැදි වලටත් එන්නත් කරලා ඒ ලැබෙන ප්‍රථිපල සතුටුදායක වුනොත් තමයි ඒක සාර්ථක එන්නතක් විදිහට එලියට එන්නේ.
6.       රෝග ලක්ශණ
මේ කෝවිඩ් කියන්නෙත් සාමාන්‍ය ප්‍රතිශ්‍යා උණ වර්ග වලට සමාන තත්වයක්. ඒත් එයින් වෙන අලාබහානිය අනෙක් ප්‍රතිශ්‍යා උණ වලට වඩා වැඩියි. කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, ඇගට පන නැති ගතිය සහ නිව්මෝනියා තත්වයන් මේ කෝවිඩ් 19 නිසා පෙන්නුම් කරනවා. සාමාන්‍යෙයන් අපේ රටේ වුනත් සීතල වැඩි කාලෙට ප්‍රතිශ්‍යා උණ වර්ග පැතිරීම ැවඩියි. ඒත් ඒ සාමාන්‍ය උණ වර්ග වලට වඩා කෝවිඩ්19 පෙනහළු වලට කරන බලපෑම වැඩියි. කොහොමත් පෙනහලු දුර්වල තත්වයේ තියෙන වයසක අයට මේ තත්වය දරාගන්නට තරමක් අපහසුයි.
7.       කොරෝනා නිසා වෙනස්කරගත යුතු සමාජ ජීවිතය
දැන් දියුනු රටවල තියෙන ප්‍රසිද්ධ ආගමික සිද්ධස්ථානත් වහලා තියෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ උත්සව ක්‍රීඩා උළෙලවල් පවා අවලංගු වෙනවා. ඒත් ලංකාවේ අපේ නම් නියමිත කාලෙටත් කලින් මිනිස්සු නිතර නිතර තැන තැන එක්රැස් වන්නට උඩ ගෙඩි දෙන මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ කොරෝනා නිසා මිනිසුන් එක්රැස් වීම් හැකිතාක් සීමා කරන්නට විදෙස් රටවල රජයයන් ක්‍රියාකරලා තියෙනවා. ඒ එක්ක ඉතාලියේ සහ චීනයේ පලාත් පිටින් ලොක් කරලා පිටවීම් සහ ඇතුලුවීම් සීමා කරන්නටත් කටයුතු කරලා තියෙනවා. කාර්යාල සේවාවන් නිවසේ සිට ජාල ඔස්සේ කිරීමටත්, බඩු බාහිරාදිය නිවෙසටම ගෙන්වාගන්නටත් චීනයේ ඇතැම් පිරිස් දැන් පෙළඹිලා තියෙනවා. වෛරස බලපෑම කොතෙක්ද යත් අමරිකාවේ සහ යුරෝපයේ අතට අත දීමේ චාරිත්‍රය පවා වෙනස් කරගන්නට ඒ රටවලට බලධාරින් සිතලා තියෙනවා.
 ෙමිනිසා කියන්නේ ලෝකයේ සිරුරට සාපේක්ශව වැඩිම කපාල ධාරිතාවක් (මොලයක්)  තියෙන සත්වයා. ඉතින් ඔහු රෝගයක් හැදුනාම ඒකට බෙහෙත් හොයනවා වගේම එය පැතිරීම අඩු කරගන්නත් යුහුසුලුව කටයුතු කරනවා. මෙතෙක් පැවති සම්ප්‍රදායන් සංස්කෘතින් විනෝදාංශයන් සීමා කරගෙන ඔවුන් අලුත් කෝවඩ් 19 උවදුර වෙනුවෙන් සූදානම් වන ආකාරය පුදුමාකාරයි. කෙසේ වෙතත් ලෝකයේ කිසිවෙකුත් අකාලයේ මියැදෙන්නට කැමති නැහැ. ඉතින් හැකි ඉක්මනින් වඩාත් විද්‍යාත්මක විදිහට වෛරසය පැතිරීම අවම වෙන විදිහට වෙනස් වෙන්නට ලෝකයට හැකි වුනොත් වෛරස බලපෑම ඉක්මනින්ම නැති කරගන්නට  අපිට හැකි වේවි.

%d bloggers like this: