Menu Close

බිරිඳකගෙන් ඉල්ලීමක්

පරසතු මල් එකිනෙක අමුණා
මල් දාමයක් පැළදුවත් ඔබ
රාමා කෙනෙකි
දර සෑයට මත ගිය සීතාට
නිවසින් සුර විමනට යාමට සැරසුනු මට
ලැබුනේ සිපිරිගෙයකි ඉන්නට
ඇත්තේ එක ඉල්ලීමකි මගෙන් ඔබට
යන්න අවසර නැවතත් මගේ නිවසට
පුංචි සන්දියේ වැටී
ඇඬූ සැටි මට සිහිවෙයි
සිනහවෙන් මා සනසා
පසුව හැඬූ පියා පතා
ආ හැටි මට දැන් සිහිවෙයි
රෝස මලේ කටු ඇත්තේ
වන බඹරුන් එලවන්නට නම්
ඇයි ඔබ එහි කටු සිඳිමින්
මල් පෙති වලට ඇලුම් කලේ

පරසතු මල් – දිව්‍යලෝකයේ ඇතැයි සැළකෙන මල් විශේෂයක්

ආදරයේ සළකුණක් ලෙස භාවිතා වන රාමා සීතා ආදර කතාවේ අවසානයට රාමා තම බිරිඳ වන සීතාව සැක කරයි. එසේ කරන්නේ තරමක කාලයක් ඇය රාවණාට යටත් ව සිටි නිසයි.

අවසානයේ සීතාට තම පති භක්තිය පෙන්වීමට ගින්දර දල්වන ලද දර සෑයක් මතින් යන ලෙස රාම කුමාරයා අණ කරයි.

පිංතූරය – මාග්‍රට් ලින්ඩ්සි [1726 – 1782 ]

%d bloggers like this: