Menu Close

IPL කණ්ඩායම් හිමිකරුවන්ගෙන් විරෝධයක්.

IPL තරගාවලියේ ජයග්‍රහකයින්ට දෙන තරග මුදල් අඩකින් අඩු කිරීමට එරෙහිව IPL හි කණ්ඩායම් හිමිකරුවන් විරෝධය පල කර තිබෙනවා.

කණ්ඩායම් 8 හි හිමිකරුවන් ඊට විරෝධය පා IPL සංවිධායකයින් වෙත ලිපියක් යවා තිබෙනවා. ත්‍යාග මුදල් අඩු කිරීමේ තීරණය අත්හිටුවන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

මෙම ලිපියට අත්සන් තබල ලද අය අතර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකරු ශාරුක් ඛාන්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආකාශ් අම්බානි, චෙන්නායි සුපර් කිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කාසි විශ්වනාදන් සහ දිල්ලි කැපිටල්ස් හි බහුතර හිමිකරු පාර්ත් ජින්ඩාල් සිටිනවා.

පවත්නා ක්‍රමයට අනුව අයිපීඑල් ත්‍යාග මුදල රුපියල් කෝටි 50 කි. ජයග්‍රාහකයාට රුපියල් කෝටි 20 ක් ද, අනුශූරතාවයට රුපියල් කෝටි 12.5 ක් ද, තෙවන හා සිව්වන ස්ථාන සඳහා රුපියල් කෝටි 8.25 බැගින් ද කණ්ඩායම් හතර අතර එය බෙදී යයි. සියලු ත්‍යාග මුදල් ක්‍රීඩකයින්ට පමණක් හිමිවෙයි.

Share with Friends

%d bloggers like this: