Menu Close

හදවතට සමීප දරුවන් – 4 කොටස.

1600x900එක්තරා සැන්දෑවක පාසැල වසන වෙලාවේ පන්ති සුද්ද කිරීමට මෙඩ්රික් ඉදිරිපත් විය. මා අනෙක් ශිෂ්ය ශිෂ්යාවන්ට මේ සුද්ද කිරීමට හඬ ගසන්නට පුරුදු වී සිටියේ, මෙඩ්රික් ඈත සිට එන බැවින් ඔහු ඉක්මනින් නිවස බලා යා යුතු හෙයිණි. කුඩා ප්රමාදයක් වුවද එවිට ඔහුට රාත්රියේ නිවසට යෑමට සිදු වනු ඇත. එහෙත් මේ කාලයේ දවසේ දිවා කාලය දික් විය.
 
එදින ඔහුට කුමක් හෝ කියන්නට ඇති බවක් හැඟින. ඔහුට උදව් කරන්නට මා ඉදිරිපත් වුනෙමි. පැන්සලක් ඇති ගත් මා, ලොකු සැළකිල්ලක් නොදක්වමින් මෙසේ ඇසුවෙමි. … “දැන් තාත්තා එක්ක වැඩ කටයුතු හරියට කරගෙන යනවාද ? මෙසේ ඇසීමෙන් ඔහුගේ හදවතේ බර ඉවත් වූ අයුරක් පෙනිණ.
 
… “තාත්තා ඇත්තටම කණගාටු වුනා මැඩම් එදා වුනු දේ ගැන”… “ඔහු හැමදාම ඒ තරම් බොන්නේ නැහැ”… “තාත්තා කියන්නේ, එදා වූ දේ අමතක වෙන්න ආයෙමත් දිනක ඔබට ආරාධනය කල යුතුයි කියා”… “ මැඩම් එනවා නේද? …? මා එවිට මෙසේ කීවෙමි. …” නැහැ මෙඩ්රික්, යලිත් එය වන්නේ නැහැ..! ඔහු බිම බලා ගත්තේය. නැවතත් මුහුණ ඔසවා ඔහු මෙසේ කීවේය. … “එහෙම එන්න අකමැති නම්, තාත්තා කිව්වේ කරත්තය රැගෙන ඔබ කැමති ඕනෑම තැනකට එක්කගෙන යන්න කියා”…
 
…“අල්ලපු ගමේ සිනමා ශාලාවක් තියෙනවා, තව බොහෝ දේවල් එහෙ තියෙනවා”…… “තාත්තා හිතන්නේ, ඔබට පාලු ඇති කියා”… “ඔහු හිතන්නේ, මැඩම් තනියම ඉන්න ගෑණු ළමයෙක් සහ, ඇයට කව්රුවත් නැහැ කියා”..
 
පාසැලට මා සමීප බව පෙන්වීමට උත්සාහ කලෙමි. … “මට කිසිසේත් පාලු නැහැ මෙඩ්රික්”… “එය මගේ මුළු ජීවිතයයි”… “ එමෙන්ම එය මගේ එකම විනෝදයයි”…” ඒ මට හොඳටම ඇති”… බැසයන හිරුගේ රුව ඇති ඔහුගේ දම් පැහැ ඇස් තවත් මළානික වූවාක් මෙන් පෙනිණ. … “මැඩම් මට තව දුරටත් කැමති නැහැ වගේ”…ඔහු කීවේය. පන්තියේදී ඔහු ගැන එතරම් සොයා බැලුවේ නොමැති හෙයින් දෝ ඔහු ගේ සිත රිදුනේ යයි සිතූ මා මෙසේ කීවෙමි.
 
… “මෙඩ්රික් තරම් සොයා බලන පාසැලේ තවත් ශිෂ්යයෙක් මට නැහැ”… “ඔබ හොඳින් ඉගෙන ගත්තොත්, ලෝකයේ සිටින සතුටෙන්ම සිටින ගුරුවරිය මා වේවි”…
 
එවිට ඔහු කීවේ, … “එහෙත් ඔබ මා සමඟ කවදාවත් නැවත කන්දට යන එකක් නැහැ”… “හිම කරත්තේ යන එකකුත් නැහැ”…!….”ඔව් මම මෙඩ්රික්, නැවත ඒවා වෙන්නේ නැහැ”… “මෙතනින් එහාට මා මගේ කාලය කැප කරන්නේ පාසැලේ වැඩ වලටයි”… “මෙඩ්රික්ට මාව සතුටු කරන්නට ඕනා නම්, හොඳින් ඉගෙන ගන්න”… ඔහු ඔහුගේ මේසයේ විසිර තිබුණු පොත් සහ කඩදාසි එකතු කරන අතරේ, මා මෙසේ සිතුවෙමි. … “ඔහු මාව පරීක්ෂා කරන්නයි යන්නේ ! … මම ඔහු මේ කරන්න හදන දේ එතරම් ගණන් ගත යුතු නැහැ…!
 
එහෙත් මගේ හදවත කීවේ නම් වෙන දෙයකි.
 
ක්ෂණිකව, මට ඔහු නැති වුවහොත් යන අදහස ඇති විය. ඔහු මට සිතා ගන්නට හැකි අන් සියළු දේටත් වඩා ඔහු අගය ඇති බව මට වැටහිණි. ඔහුගේ පොත් සහ අනෙක් දේ සම් පටියකින් ගැට ගසා ගත් ඔහු, එක් පියවරක් තබා නැවත මා දෙස හැරී බැලුවේය. ඒ ඇස් වල විඩාව සහ ගැඹුරු තනිකමක් ගැබ්ව තිබිණ. … “මැඩම්, මට තේරෙන්නේ නැහැ, මා තව දුරටත් පාසැලේ ඉන්නේ ඇයි කියා…!… මම හිතන්නේ නැහැ, අයෙත් මම පාසැල් ඒවි කියා” …
 
නොයෙක් ආකාරයේ අදහස් ගොන්නක් සිතේ ඇතිවිය. ඕනෑවට වඩා තුරුණු විය, කැළබීම සමහරවිට පැටලුනු ස්වභාවය නිසා මට කියන්න වූයේ මෙපමණි. … “කිසිම දෙයක් ඉගෙන ගන්න ඕනා නැත්නම්, ඔබට අධ්යාපනය අනවශ්ය නම්, මට හිතාගන්න බැහැ , ඇයි ඔබ” … එතනින් එහාට කියන්නට පෙර මට දැනුණේ ඔහු කෝපයට පත් වූ බවත්, ක්ෂණිකව එතනින් පිටවූ බවත්ය. සම් පටියේ බෝලයක් එල්ලුවා මෙන් ඔහුගේ පොත් පත් ඉනේ එල්ලී වැනි වැනී තිබිණ.
 
තවත් මොහොතකින් ඔහු අසු පිට නැගී ඈතට තිතක් මෙන් නොපෙනී ගියේය.
 
හඬන්නට සූදානම්ව මෙන් ඇති අහස, වසන්තයට හොරෙන් හොරෙන් එන්නට සූදානම් වූයේ සති ගණනකට පෙර සිටය. කෙමෙන් මැකී යන අළු පැහැ අහස, බරැති වළාකුල් සහ වැස්ස නැවතී, ඊළඟට පැමිණි දීප්තිමත් දින වසන්තය පැමිණියේය. කෙනෙක් හිතනවාට වඩා එය පැමිණියේ සියුම් අයුරෙනි. මගේ දුක්මුසු සිතිවිළි දියවී ගියාක් මෙනි. මෙඩ්රික් සමඟ ඇති වූ ගැටුම නිසා මා නොසන්සුන්ව සිටියෙමි. නැවත කිසි දෙයක් අප අතර වේ යයි මා බලාපොරොත්තු වූයේ නැත.
 
දිනක් ඈත සිට දුව ගෙන එන අශ්වයෙක් ගේ කළු හිස් කළඹ දුටුවෙමි. ඒ මෙඩ්රික් විය. සිරිත් පරිදි ඔහු ගැස්පාර්ඩ් අශ්වයාගේ පිටෙන් බිමට පැන, තෝන් ලනුව කොඩි ගහේ බැඳ ඉක්මනින් පාද තබමින් පාසැල වෙත පැමිණියේය. ඔහු කිහිල්ලේ ගසා ගෙන සිටි පොත් මිටිය දුටු මා සතුටෙන් කුල්මත් වීමි. ඔහුගේ සෙවණැල්ල පංතියේ දොර හරහා පැමිණ, දෙවනුව ඒ තරුණයෙක්ද නොවූ, ළමයෙක්ද නොවූවෙක් පංතියට පැමිණියේය.
 
තරමක් උස ගොස් සිටි ඔහු, දින ගණනාවක් නැතිවී සිටියෙක් මෙන් වූ අතර, අමුතු ගුප්ත පෙනීමක්ද ඇතිව තිබිණ.
 
ඔහුට යන්නට තැනක් නැතිවූවාක් මෙන් වී යයි මට සිතුණි. ඔහු මට හෝ අන් කෙනෙක්ට ආචාර කලේ නැත. දිගු පාද අපහසුවෙන් ඇතුල් කර මේස බංකුවේ වාඩි වුනා පමණි. ඔහුට කරුණාවන්ත වදනක් කියන්නට මට ඕනෑකම තිබුනද, ඔහුගේ ඇතිව තිබී වෙනස් කම දුටු මට වචනයක්වත් කියා ගන්නට නොහැකි වූයේ මන්ද ?
 
මගේ පුදුමයට මෙන්, පාසැල අවසානයේ සියළු ළමයින් නිවාස කරා ගියද, මෙඩ්රික් නැවතී සිටියේ, පෙනෙන ආකාරයට මට කතා කිරීමටය. එහෙත් ලැජ්ජාව නිසා ඔහුට කිසි දෙයක් කීමට නොහැකි වුනා සේය. ඒ නිහඬබව තව දුරටත් දැරීමට අපහසු වූ මා, … “ඇයි මෙඩ්රික් ? …සේ ඇසීමි. ඔහුගේ දිව ගොළු වුනා මෙනි. එසේ ඇසීමෙන් ඔහුගේ ඇසට කඳුළු ඒ යයි මා මොහොතකට සිතුවෙමි. මා ඔහු හඬනවා කිසි විට දැක නොමැත්තෙමි. ඒ පාලනය කල නොහැකි සිතිවිළි නිසා, ඔහු විපිළිසර වුනා සේය.
 
මා ඔහු හිඳ සිටි බංකුවේ පැත්තකින් වාඩි වුනෙමි.
 
එහෙත් ඔහුට මෙන්ම මටද කියන්නට දෙයක් සිතට නොඑන නිසා බොහෝ වෙලාවක් ඈත දිගන්තය බලමින් සිටියෙමු. අවසානයේ මා ඔහු දෙස බැලීමි. මා වෙත යොමුවුණු ඔහුගේ දෑසේ වචනයෙන් නොකීවද, ප්රථම ආදරයේ ගිණිසිළු එහි දැල්වී තිබිණ. එහි පුදුමය, වේදනාව සහ අවබෝධ නොවූ ආශාව ඇති බව දැනිණි. තවත් මේ නිහඬබව දරා ගන්නට නොහැකිව සුදුමැළි වූ ඔහු මගේ උරහිසට ඇල වී මෙසේ කීවේය. … “මැඩම් මට මොකක්ද මේ වෙලා තියෙන්නේ? …”ඒ මගේ වැරැද්ද නොවේ… “මා ඕනෑකමින් එය කළා නොවේ”…
 
ඔහුගේ අඳුරු කෙස් කළඹ පිරිමදිමින් මා මෙසේ කීවෙමි. … “මෙඩ්රික්, කිසි කෙනෙක් එය ඕනාකමෙන් කරන්නේ නැහැ”… ඔහු නැවත පියැවි සිහියට ඒමට පෙර මා සෙමෙන් ඔහුගේ හිස මෘදුව මේසයේ තැබුවෙමි. ඉන් පසු මා නැගිට මගේ මේසය වෙත යන විට දැනුනේ, ඔහුව මෙලොවට ගෙන ආ පියාගේ ග්රහණයට ඔහුව අසු වූ බව දකින්නට මටද සිදුවුනාක් මෙනි. එයින් මෙඩ්රික් කෙසේ හෝ ගලවා ගැනීමට අවශ්ය වුනද, එය කල හැකි ක්රමයක් මට අවබෝධ වුනේ නැත.
 
කොතරම් අපහසු වුවද එය කල යුතුයි සිතුවෙමි.
 
ඔහු අඩවන් දෙනෙතින් මා දෙස බැලීය. මා මගේ ගුරු මේසයේ පොත් සහ කොළ අතර සැඟවී සිටින බව ඔහු දකින්නට ඇත. ඒවා අප වෙන් කල පවුරක් සේ විය. කඳුළු බිඳු දෙකක් ඔහුගේ දෑසේ තිබිණ.
 
එහෙත් ඔහු හදිසියේම නැගිට ඔහු ගේ පොත් පත් එකතු කළේය. මේ වෙලාවේ ඔහු තරහෙන් හෝ කලබලයෙන් එය කලේ නැති වුවද, කැමැත්තෙන් එය කලේ නැති බවක් පෙනිණ. … “මා සතුටෙන් මෙහි සිටියා”.. ඔහු කීවේය. … “ඇයි ඔබ එසේ කියන්නේ? … “මෙඩ්රික් ට ඕනා වෙලාවක මෙහි එන්නට පුළුවන් නේ? මා කීවෙමි. ඔහු ශෝකයෙන් හිස වැනුවේය. එය ඔහුගේ වරදක් නිසා සිදු වූවා සේ කියන ලකුණක් වැනි විය.
 
… “මෙඩ්රික් , දෙයියන්ගේ නාමෙට ඔබ අනාගතයේ කුමක් කරන්නද හදන්නේ? ඔහු හැරී අඳුරු වූ දෙනෙතින් යුතුව මෙසේ ඇසුවේය.… “එයින් මැඩම්ට ඇති කාරිය මොකක්ද ?
 
… “ඔබ කියනවා, ඔබ මා ගැන බොහෝ සිතනවා කියා, එහෙත් මගේ බලාපොරොත්තු අනුව මෙඩ්රික් වැඩ කරන්නේ නැත්තේ ඇයි ? … එසේ අසනවාත් සමඟම තරහක් පෙනුණු ඔහුගේ මුහුණ පියාගේ මුහුණ මෙන් විය. මා මෙසේ ඇසුවෙමි. … “ඔබට වෙන මොනවාද මගෙන් ඕනා? …නමුත් මගේ හදවත නම් ඇසුවේ එය නොව, මේ වදන් පෙළය.
 
… “ඔබ පාසැල හැර දමා යන්නට පෙර, මා කැමති වේවි කන්දට මා සමඟ ගිය මගේ යහළුවා කොහේ ඉන්නේද කියා දැන ගන්නට !… මා ඔහුව නැවතත් දකීවිද මෙඩ්රික් ?
 
වේදනාව පිරුණු ඇසින් යුතුව ඔහු බියපත් වූ ළමයෙක් මෙන්, පංතියෙන් එළියට ගොස් අසු පිට නැග පිම්මේ දිව ගියේය. එවිටද ඔහුගේ මුහුණේ පශ්චාත්තාපය සහ මුදු බව මැකී තිබුනේ නැත.
%d bloggers like this: