Menu Close

සිරියා-තුර්කි යුද්ධයේ තුර්කි මාධ්‍ය මෙහෙයුමේ නොදුටු තැන්

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

ඔපරේෂන් පීස් ස්ප්‍රින්ග් මෙහෙයුම ආරම්භ වීමේ සිට,ඉඩ්ලිබ් හි සිරියානු හමුදාවේ ඉලක්ක වෙත එල්ල වූ තුර්කි ප්‍රහාර පෙන්වන වීඩියෝ පට ගණනාවක් තුර්කි මාධ්‍ය විසින් මුදා හරින ලදි.ඩැමැස්කස් රජයේ හමුදාවන්ට එරෙහිව තුර්කි මෙහෙයුම් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව වැදගත් තොරතුරු එමගින් හෙළි විය.කෙසේවෙතත්,මෙම වීඩියෝපටවලින් සමහරක් විවාදයට තුඩු දුන්නේ ඒවාහි සුජාතබාවය සම්බන්ධව මතු වූ ප්‍රශ්න හේතුවෙනි.

ඒ අමුතු වීඩියෝපට වලින් බොහොමයක් නිකුත් කර තිබුණේ තුර්කි හමුදා ප්‍රචාරණ ව්‍යාපාරය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පතුරවා හරින ‘Clash Report’ නම් ට්විටර් ගිනුම හරහාය.ඔවුන් මුදා හැරි වීඩියෝපට අතරින් සුජාතබාවය ප්‍රශ්න කිරීමට ලක් වූ වීඩියෝ පට අතරින් ,රුසියානු පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කිරීම සහ සිරියානු හමුදාවේ රථ පෙළකට බෝම්බ හෙළීම යනාදිය කැපී පෙනෙයි.මෙම විඩීයෝපට ජාත්‍යන්තර ප්‍රේක්ෂක ප්‍රජාවගේ සැලකිය යුතු අවදානයක් දිනා ගත්හ.මේ ඒවා සම්බන්ධව සිදු කරන විමර්ශනයකි.

පළමු වීඩියෝව – පළමු රුසියානු පැන්ට්සියර්-එස් ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීම

සරලම උදාහරණය වනුයේ පහත දැක්වෙන ට්විටර් පෝස්ටුවයි.එහි සඳහන් වන පරිදි සිරියානු අරාබි හමුදාව භාවිතා කල රුසියාවේ නිෂ්පාදිත පැන්ට්සියර්-එස්1 පද්ධතියක් තුර්කි ඩ්‍රෝන් ප්‍රහාරයකින් විනාශ වන ආකාරය වීඩීයෝවේ දැක්වේ.එය පල කර තිබෙන්නේ 2020 පෙබරවාරි 29දාය.

එදිනම ,එම වීඩියෝ පටයම,අරාබි භාෂාවෙන්,පළ කර තිබුණේ මුල් වීඩියෝව පළ කර මිනිත්තු කිහිපයකට පසුවයි.අරාබි භාෂාවෙන් පළ කර තිබූ වීඩියෝවේ සඳහන් වන්නේ ‘වැග්නර්‘ රුසියානු පෞද්ගලික හමුදා සමාගමේ පිරිසක්(තුර්කි ප්‍රොක්සි හමුදා ලිබියාවේදී වැග්නර් රුසියානු කුලී හමුදා සමග සටන් වදින බව තුර්කිය පවසයි) මෙහෙයවූ පැන්ට්සියර් එස්-1 පද්ධතියක්,එහි රේඩාර් පද්ධතිය පවා ක්‍රියාත්මකව තිබියදී ඩ්‍රෝන් ප්‍රහාරයකින් විනාශ කරන ලදි යනුවෙනි.නමුත් එය සිදුවන්නේ ලිබියාවේදීය.


ඊට සමගාමීව ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් තවත් පෝස්ටුවක් පළ කර තිබුණේ පැන්ට්සියර්-එස්1 පද්ධතිය මිල ගණන් සහ ඒවා භාවිතා කරන රටවල් ගණන සඳහන් කරමින්ය.


ඒ පෝස්ටු දෙකෙහිම දැක්වෙන්නේ රුසියානු වැග්නර් සමාගම ලිබියාවේ මෙම ගුවන් ආරක්ෂක පද්ධති භාවිතා කරන බවයි.

දෙවන වීඩියෝව – දෙවන පැන්ට්සියර්-එස්1 පද්ධතිය විනාශ කිරීම

දෙවන වීඩියෝවේ පෙන්වන්නේ සරාකිබ් නගරයේදී පැන්ට්සියර්-එස්1 පද්ධතිය විනාශ කල අයුරුය.මාර්තු 3දා පළ කල මෙම වීඩියෝව ගැටලු සහගතය.

තත්ත්පර 16ක් දිගු මෙම වීඩියෝව වීඩියෝ පට දෙකක් බද්ධ කිරීමෙන් නිර්මාණය කර තිබේ.පළමු කොටසේ පෙන්වන්නේ අවි පද්ධතියේ භ්‍රමණය වන රේඩාර් පද්ධතියයි.දෙවන කොටස ආරම්භ වන්නේ පිපිරීමකිනි.එය දිගටම ගලා යන වීඩියෝවක්  බවක් පෙන්වීමට විඩීයෝ දෙක බද්ධ කර ඇත.කෙසේවෙතත්,තවත් සමීපව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ දෙවන කොටස වෙනස් කෝණයකින් පටිගත කර තිබෙන බවයි.

පහත දැක්වෙන්නේ වීඩියෝවේ තත්ත්පර 11-14ත් අතර කාල සීමාවේ,පිපිරීම සිදුවීම,එය කළු පැහැයට විවර්ණ වීම,ක්ෂණික දීප්තියක් ඇති වීම සහ ඉදිරියට ගලා යෑම ඇතුලත් දර්ශනවල ඡායාරූපය.පෙනෙන හැටියට පිපිරීම කේන්ද්‍ර වී තිබෙන්නේ,පැන්ට්සියර් පද්ධතිය සහිත කොටස එහි ඔබ්බවන්නට පෙර තිබෙන ස්ථානයේය.

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

 

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

තත්ත්පර 14-16 අතර කොටස පිටතින් එකතු කර තිබේ නම්,එය වෙනස් කෝණයකින් පටිගත කර තිබෙන බව පැහැදිලිව පෙනේ.පැන්ට්සියර් පද්ධතිය එතැනට පැමිණි මාර්ගයේ රෝද සලකුණු තිරස් අතට දිස්වේ.

මෙම වීඩියෝව විශේෂයෙන් නොපෙන්වන යමක් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්නට දරන උත්සාහයක් මෙහිදී දැකගත හැකිය.ඒ හරහා වීඩියෝ සුජාතබාවය සම්බන්ධව බරපතල සැකසංකා මතුවේ.

අනෙක් ප්‍රශ්නය වන්නේ සමජාතීය සුන්බුන්ය.පිපිරීමෙන් පසුව සුන්බුන් වලාවක් අහසට නැගේ.යමෙක් ඒ දෙසට විමසුම් ඇසින් බැලුවහොත් සුන්බුන් කොටස් සමාන බව පෙනෙනු ඇත.

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

පැන්ට්සියර් පද්ධතිය අතුරුදහන් වේද? අවසන් වශයෙන්,ප්‍රධානම දෙය සලකා බලමු.පිපිරීමට පෙර අවසන් තත්ත්පරයත්,වීඩියෝව අවසන් වීමට පෙර අවසන් තත්ත්පරයත් බලන්න.යමෙක් සමීපව නිරීක්ෂණය කලහොත්,පැන්ට්සියර් පද්ධතිය ස්ථාපනය කර තිබෙන්නේ විශාල ඇක්සල් 4ක් සහිත රථයක බව පෙනේවි.එය සාමාන්‍යය ට්‍රක් රථයකට වඩා විශාල එකකි.පිපිරීමෙන් පසුව චැසිය ඇතුලුව කොටස්වල විශාල ප්‍රමාණයේ සුන්බුන් දැක ගන්නට ලැබෙනු ඇත.නමුත් තුර්කිය නිකුත් කල වීඩියෝවේ කිසිදු අවශේෂයක් දර්ශනය නොවේ.පැන්ටිසියර් පද්ධතියම අතුරුදහන් වී,වාෂ්ප වී ගියේද?

පහත ඡායාරූපය දෙස බලන්න.එහි රතු පැහැයෙන් සලකුණු කල සුන්බුන් දැනටමත් පොළොව මත පතිත වී තිබෙන අතර දුම ඒවාට ඉහළින්,සමහර විටෙක ඒවා වසා දමමින් පැතිර යයි..එහි දී ඔබට පොළොවද පැහැදිලිව දැකගත හැකිය.නමුත් පැන්ට්සියර් පද්ධතිය අතුරුදහන් වී තිබේ.එක හා සමාන සුන්බුන් ගුවනේ අහසේ පාවෙන අයුරු නිල් පැහැයෙන් දක්වා ඇත.

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

පැහැදිලිව පෙනෙන මෙම අඩුපාඩු හාස්‍යයට ලක් කරන වීඩියෝවක් මෙහි දැක්වේ.

තුන්වන වීඩියෝපටය – මරාට් අල්-නූමන් නගරය ආසන්නයේ සිරියානු හමුදා රථ පෙළකට එල්ල කල ප්‍රහාරය

ක්ලෑෂ් රිපෝට් ට්විටර් පිටුව මාර්තු 3දා පළ කල තවත් වීඩියෝවකට අවදානය යොමු කරමු.බයිරක්ටාර් ටීබී2 සන්නද්ධ ඩ්‍රෝන් යානා මගින් දකුණු ඉඩ්ලිබ් හි මරාට් අල්-නූමන් නගරය ආසන්නයේදී සිරියානු රෙජිමයේ යුද ටැංකි සහ සන්නද්ධ රථ පෙළක් මුළුමනින්ම විනාශ කල බව එහි සඳහන් වේ.

වීඩියෝවේ 13 වන තත්ත්පරය ආරම්භයේදී එක් පුද්ගලයෙක් යුද ටැංකියකින් ඉවත් අනෙකුත් සන්නද්ධ රථ දෙසට් ඇවිද යමින් සිටියි.මෙහිදී ඔහුගේ චලන විලාසය ප්‍රශ්නකාරීය.මන්ද ඔහු ගමන් කරන්නේ පරිගණක ක්‍රීඩාවක මානව රූපයක් චලනය වෙනවාට සමානවයි.

දකුණු පසින් ගමන් කරන සෙබලුන් සමග එම පුද්ගලයා සැසඳීමේදී මේ බව මනාව ප්‍රකට වේ.

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

ඉන්පසුව පිපිරීම සිදුවේ.එවරද දර්ශනය කිහිපයක් බද්ධ කල බවක් පෙනෙන්නට තිබේ.ඊට අමතරව පිපිරීමෙන් ජනිත වන සුන්බුන් එක සමාන බව වීඩියෝවේ 41 තත්ත්පරයදී දැකගත හැකිය.

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

අවසන් කොටසේදී සෙබලුන් සහ යුද ටැංකියක් ප්‍රහාර එල්ල වන අයුරුද කැමරාව වේගයෙන් පසකට ඇදී යමින්,ප්‍රහාරයේ ප්‍රතිවිපාක සඟවන්නට ප්‍රයත්න දරන අයුරු පෙනේ.දැකගත හැකිවන්නේ පිපිරීමේ ක්ෂණික දීප්තිය සහ සුන්බුන් පමණි.

තුර්කිය සිරියාවේ සිදු කල මෙහෙයුම පෙනෙනවාට වඩා සාර්ථක යැ‍යි ප්‍රදර්ශනය කිරීමට එරට මාධ්‍ය දැරූ උත්සාහය,චේතනාන්විතව නිකුත් කල මෙම ව්‍යාජ සහ පරිගණක ආශ්‍රයෙන් සංස්කරණය කල දර්ශන වලින් පැහැදිලිවේ.මෙය යුද්ධයක ඕනෑම පාර්ශ්වයක් සිදු කරන දෙයකි.කෙසේවෙතත්,ඉහළ වෘත්තියමභාවයක් තිබේ යැ‍යි කියන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් තුර්කිය සැපයූ වීඩියෝපටවල සත්‍යය අසත්‍යභාව විමසීමකින් තොරව පළ කර තිබීම සිත්ගන්නා සුළුය.

පහත දැක්වෙන්නේ ඔපරේෂන් පීස් ස්ප්‍රින්ග් මෙහෙයුමේදී සිරියාවට සිදුවූ හානි සම්බන්ධව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය් නිකුත් කල වාර්තාවේ රූපමය සටහනකි.

doctored-footage-and-fake-claims-turkish-media-campaign-in-support-of-operation-peace-spring

source:southfront.org

%d bloggers like this: